ඔබත් ක්ෂණික ආහාර ගන්නා කෙනෙක්ද?

Are you a fast food eater too?

ක්ෂණික ආහාර ගැනීමෙන් හෘදයටත් වකුගඩුවලටත් වැඩ වැඩි වෙනවා.

ක්ෂණික ආහාර වශයෙන් හඳුන්වන්නේ අවශ්‍ය පමණට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන, ශරීරයට අහිතකර සංඝටක බහුලව අඩංගු, පිළියෙල කර ඇති ආහාරයි. කාර්ය බහුලත්වය, මාධ්‍ය මඟින් කරනු ලබන ප්‍රචාරණය මෙන්ම පහසුව සලකා වෙළෙඳපොළේ බහුලව ඇති ආහාර ලබා ගැනීමට බොහෝ දෙනා පෙලඹී සිටිති.

පේස්ට්‍රීස්, රෝල්ස්, පීට්සා, ඩෝනට්, බර්ගර්ස් වැනි ආහාරවල තෙල් ලුණු, සීනි අධිකව ඇති අතර, විටමින් ඛණිජ ලවණ හා කෙඳි අඩුය. ඒ නිසා ක්ෂණික ආහාර වලින් ලැබෙන්නේ අසමතුලිත පෝෂණයකි. එමගින් සිරුර තුළ විවිධ වෙනස්වීම් ඇතිවන අතර පරිවෘත්තිය ක්‍රියාවලීන් ද වෙනස්වීම්වලට භාජනය වෙයි.

Are you a fast food eater too?

අවසාන ප්‍රතිඵලය වන්නේ සිරුරේ බර වැඩිවීමත් විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමත්ය.
තෙල්, ලුණු, සීනි, කෘතිම රසකාරක, රසායනිකයන් සිරුරට අහිතකරව බලපවත්වන ආකාරය පිළිබඳව විමසා බැලීම සියල්ලන්ගේ සෞඛ්‍යයට හිතකරය.

පිට්සා වර්ග, සෝස් වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් දිනකට නිර්දේශිත ලුණු ප්‍රමාණය වූ ග්‍රෑම් 6 කට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට එකතු වේ. ලුණු වැඩියෙන් ශරීරයට ලැබෙන විට, ඒ අනුව ශරීරයේ ජලය ප්‍රමාණය ද වැඩිවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පරිමාව වැඩිවන අතර වැඩිවන පරිමාව පාලනය කර සමතුලිතතාව රැකගැනීමට සිරුර තුළ විවිධ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙයි.

එහි දී හෘදයට, වකුගඩුවලට පැවරෙන්නේ අනවශ්‍ය, අමතර වැඩ කොටසකි. ඉඳහිට එවැන්නක් සිදුවීම අනුමත කළ හැකි වුවත් හැම විට එලෙස සිදුවීම හෘදයට මෙන්ම වකුගඩුවලට දැඩි වෙහෙසකර තත්ත්වයකි.

ඒ අනුව මෙම ඉන්ද්‍රියයන් ඉතා ඉක්මනින් දුර්වල වෙයි. එමෙන්ම අධි රුධිර පීඩනය ඇති වීමට ද එය හේතුවකි. ඇදුම වැනි අසාත්මිකතා ඇති වීමට ද ගැස්ට්‍රයිටිස් වැනි අමාශගත රෝග තත්ත්වයන්ට ගොදුරු වීමට ද ඇති ප්‍රවණතාව එවැනි තත්ත්වයන්හි දී ඉහළ යන ආකාරය පැහැදිලිය.

වඩාත් පිරිපහදු කරන ලද පිටි සහිත ආහාර වර්ග මෙන්ම අධික තෙල් යොදා පිළියෙල කළ ආහාර ද ශරීරයේ බර වැඩිවීමට හේතු වේ. පිරිපහදු කළ පිටි සහිත ආහාරවල කෙඳි අඩංගු වන්නේ අල්ප වශයෙනි. එහෙයින් එවැනි ආහාරයක් ඉතා ඉක්මනින් ජීර්ණය වී රුධිරයට එකතු වන සීනි ප්‍රමාණය සැණෙකින් ඉහළ නංවයි.

ආහාරයේ කෙඳි සහිත එළවළු, පලා වර්ග, පලතුරු ඇතුළත් වී නම් ඒවා දිරවා සීනි රුධිරයට එක්වන්නේ ක්‍රමානුකූලවය. නමුත් ඉහත තත්ත්වය අනුව සීනි අධිකව රුධිරයට එක්වන විට සීනි මට්ටම පාලනය කිරීම සඳහා අපගේ ශරීරයේ ඇති අග්න්‍යාශය නම් ඉන්ද්‍රියට ඉන්සියුලින් නම් හෝර්මෝනය ස්‍රාවය කිරීමට සිදු වේ.

කලාතුරකින් එවැනි තත්ත්වයක් ඇතිවීම ශරීරයට එතරම් බලපෑමක් නොකළත් නිතරම එලෙස ආහාර ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමට සිදුවීම ඉතා වෙහෙසකර තත්ත්වයකි.

එමඟින් අග්න්‍යාශය දුර්වල වන අතර, ඉන්සියුලින් ස්‍රාවය වන ප්‍රමාණය ද අඩු වේ. එවිට රුධිර සීනි මට්ටම පාලනය කරගත නොහැකි වීමෙන්, දියවැඩියාව ඇතිවීමට මග පාදයි. දියවැඩියාව ඇති වූ කල එය නිට්ටාවට සුව කළ නොහැකි අතර, කළ හැක්කේ, ආහාර හා ඖෂධ මගින් පාලනය කිරීම පමණි.

එය ස්නායු පද්ධතියට, ඇසට, වකුගඩු, හෘදයට ආදි සියලු ඉන්ද්‍රිය පද්ධතීන්ට හානි කර ලෙස බලපෑම් කරයි. මේ සියල්ල නිවැරැදි ආහාර රටාවක් තුළ පාලනය කළ හැකි හෝ වළක්වා ගත හැකි රෝග තත්ත්වයන්ය. ඉක්මනින් කුසගිනි ඇතිවීම නිසා යළිත් ආහාර ගැනීමට පෙලඹීමෙන් ශරීරයට එකතු වන අමතර සීනි, තෙල් ලෙස උදරයේ ආමාශයට පිටින් තැන්පත් වනු ඇත.

එවිට පුරුෂයන්ගේ උදරය ඇපල් ගෙඩියක හැඩයට දිස් වේ. එවැනි පුද්ගලයන් අධික රුධිර පීඩනය, හෘදයාබාධ දියවැඩියාව සඳහා වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. කාන්තාවන්ගේ එලෙස තෙල් තැන්පත් වීම බොහෝ විට සිදුවන්නේ උකුල පෙදෙසේ වන අතර, අදාළ ප්‍රතිඵලය පෙයාර්ස් ගෙඩියක හැඩයක් ඇතිවීම විය හැකිය.

Are you a fast food eater too?

වැඩිපුර තෙල් සහ සීනි අධික ආහාර ගැනීමෙන් රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන අතර රුධිරවාහිනී අභ්‍යන්තරයේ ඒවා තැන්පත් වීමෙන් රුධිරවාහිනි බිත්ති ගනවීමෙන් අධි රුධිර පීඩනය ඇති වේ. එලෙස තැන්පත් වන කොලෙස්ටරෝල් කොටස් ගැලවී ගොස් හෘදයට රුධිරය සපයන රුධිර නාළයක් අවහිර වීමත් හෘදයාබාධයකට හේතු විය හැකිය.

එමෙන්ම ආහාරයෙන් ලැබෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම ඇතැම් පිළිකා ඇතිවීමට ද හේතු වනු ඇත. දරුවන් නිතර ගැනීමට හුරු වී ඇති පැණි බීම, කෝලා බීම වර්ග නිසා දත් දිරා යාම වේගවත් වන අතර එහි අඩංගු යම් යම් රසායනික ද්‍රව්‍ය, වකුගඩුවලට හානිකර බලපෑම් ඇති කරයි.

කෘතිමව පිළියෙල කරගත් ආහාර නිතර අනුභව කිරීමට පුරුදු වීමෙන් ශරීරයේ අභ්‍යන්තර පරිවෘත්තිය ක්‍රියාදාමයන් පවා වෙනස් විය හැකිය.

ක්ෂණික ආහාර බොහෝමයක ඇත්තේ ලුණු, සීනි සහ තෙල් වන අතර ඒවායේ ඇති විටමින් වර්ග, (ඒ, බී, සී, ඩී, ඊ සහ කේ වැනි) සහ ඛනිජ වර්ග වන යකඩ, අයඩීන්, කැල්සියම්, සින්ක්, බෙහෙවින් අඩුය. මෙම විටමින සහ ඛනිජ හෙවත් ක්ෂුද්‍ර, පෝෂක, ඉතාමත් සුළු ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වන අතර, අප සිරුරේ ආරක්ෂාවට රෝග මර්දන ශක්තිය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා අවශ්‍යය.

ආහාර වේලක එවැනි පෝෂක වර්ග නිසි ප්‍රමාණයෙන් නොතිබීම සිරුරේ ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් ඇති කරයි.
විවිධ වයස් කාණ්ඩ අනුව මෙම බලපෑම විවිධ වනු ඇත. දරු පිළිසිඳ ගැනීමක් සිදුවන අවස්ථාවක මව මන්ද පෝෂණයෙන්, ලේ අඩුකමෙන් (නීරක්තියෙන්) පෙළෙයි නම් එය කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනයට මෙන්ම අනාගතයේ දී ඔහු / ඇය ගොදුරු විය හැකි අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා හේතුකාරක වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත.

පිට්සා වර්ග, සෝස් වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් ලුණුවඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට එකතු වේ. ලුණු වැඩියෙන් ශරීරයට ලැබෙන විට, ඒ අනුව ශරීරයේ ජලය ප්‍රමාණය ද වැඩිවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පරිමාව වැඩිවන අතර වැඩිවන පරිමාව පාලනය කර සමතුලිතතාව රැකගැනීමට සිරුර තුළ විවිධ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙයි.

එහි දී හෘදයට, වකුගඩුවලට පැවරෙන්නේ අනවශ්‍ය, අමතර වැඩ කොටසකි.
හැම විට එලෙස සිදුවීම හෘදයට මෙන්ම වකුගඩුවලට දැඩි වෙහෙසකර තත්ත්වයකි. ඒ අනුව එම ඉන්ද්‍රියයන් ඉතා ඉක්මනින් දුර්වල වෙයි.

එමෙන්ම යකඩ, කැල්සියම්, සින්ක්, අයඩීන් වැනි ඛනිජ ලවණ හා විටමින් ඒ ඌනතාවෙන් ළමා සිරුරේ, විශේෂයෙන්ම මොළයේ වර්ධනය හීන කරන අතර මේ නිසා දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධව ද ගැටලු ඇති කරයි.

යෞවන, යෞවනියන්ගේ නිවැරැදි පෝෂණය නිසි ඵලදායිතාවකින් යුත් පුරවැසියන් බිහිවීම සඳහා අවශ්‍ය ය. ක්ෂණික ආහාර නිවැරැදි පෝෂණයට පටහැනි වන හෙයින් රටේ අනාගතයට ඉන් සිදුවන හානිය ද සුළු පටු නැත.

පෝෂණයේ අහිතකර තත්ත්වයන් මඟ හරවා ගැනීමට, අප සමබර ආහාර වේලක් ගත යුතු අතර එයට ශක්තිය ලබාදෙන ආහාර උදා: ධාන්‍ය (බත්, බඩ ඉරිගු, කුරක්කන්, තිරිගු) අල, බතල, කොස් දෙල් අඩංගු විය යුතුය.

එමෙන්ම ශරීර වර්ධනය කරන ආහාර වන මාළු, මස්, හාල්මැස්සන්, කරවල, බිත්තර, කිරි සහ කව්පි, කඩල, මුංඇට, සෝයා වැනි ඇට වර්ග ද ශරීරය ආරක්ෂා කරන ආහාර වන විටමින් හා ඛනිජ අඩංගු එළවළු, පලතුරු සහ පලා වර්ග ද ඇතුළත් විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *