ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර

අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ?

මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි  කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධිය ලබා ගත්තේ. ඒ වගේම මගේ පවුලේ, දෙමාපියන්, බාල සහෝදරයා, බාල සහෝදරිය සහ මම ඇතුළුව සාමාජිකයන් පස් දෙනෙක් ඉන්නවා. මගේ පියා වෘත්තීය පොලිස් නිලධාරියෙක්, මගේ මව රූපලාවන්‍ය ශිල්පිනියක්. මගේ මල්ලි උසස් අධ්‍යාපනය හදාරනවා, නංගි තවම පාසල් යනවා. (Anudi Gunasekara)

දැන් මම මගේ  අවධානය යොමු කරන්නේ ලබන වසරේ පැවැත්වෙන ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටයි. ඒ වගේම මම “සහේලි” කියන ප්‍රජා ව්‍යාපෘතිය හරහා සමාජ සේවා කටයුතු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා  එය තුලින් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයට නිසා කාලයක් තිස්සේ පවතින  සනීපාරක්ෂාව සම්බන්ද ගැටළු වලට අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මම  විලාසිතා නිරූපිකාවක්  විදියටත් කටයුතු කරනවා. මගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ මගේ උසස් අධ්‍යාපනය තවදුරටත් කරගෙන යාමටත් අවසානයේ ශ්‍රී ලංකාවේ විදේශ සේවාවන්ට  සම්බන්ධ වීමටත් ජාත්‍යන්තර වේදිකා මත මගේ රට නියෝජනය කිරමින් මගේ රටට කීර්තියක්  ලබාදීමටයි.

ඔබ ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන ගමන කොයි වගේද ඔබට දැනෙන්නේ ?

ලෝක රූ රැජින යනු මම කුඩා කාලයේ සිටම බොහෝ සෙයින් උනන්දු වූ තරඟයක්. මම පළමුවෙන්ම මෙම තරගාවලියට යන්නට සුදානම් වුනේ මට වයස අවුරුදු 18ක් වනවිට. ඒ වෙන විට  මම මගේ පාසල් අධ්‍යාපනයට අවදානය දෙන්න වුණා.ඉන්පසු මට නැවත මෙම තරගයට සහභාගී  වන්නට උත්සාහ කිරීමට අවශ්‍ය වූ විට,  COVID වසංගතය පැමිණියා.ඒ නිසා මට  තරගයට සහභාගී වෙන්න බැරි වුණා.

මගේ නිරූපණ ගමන මට මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කිරීමට උපකාරී වුණා. මම වයස අවුරුදු 19 සිට නිරූපිකාවක් ලෙස කටයුතු කළ නිසා  අද සිටින තැනට පැමිණීමට විශාල වශයෙන් එම අත්දැකීම උදව් වුණා. එම නිසා මට කියන්නා පුළුවන් මෙය එක රැයකින් සිදු වූ ජයග්‍රහණයක් නොවන බව.  මම විශ්වාස කරනවා  විවිධ බාධක වලට මුහුණ දී ශ්‍රී ලංකා රූ රැජින තරගයෙන්  ජය ගැනීමට එම පුහුණුවීම්  උපකාර වූ බව. මගේ මීළඟ සන්ධිස්ථානය වන්නේ ලෝක රූ රැජිණ  තරඟාවලිය ජය ගෙන  මගේ රටට කීර්තියක් අත්කරදිමයි, ඒ සියල්ල සදහා  නිදි නැති රාත්‍රීන්, වසර ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීම, උත්සාහය, පුහුණුව, ව්‍යායාම, මේ සියල්ලක්ම ගෙවී ගියේ  මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සමඟ සහ මගේ රැකියාව සමඟින්. මට එය  විශාල අභියෝගයක් වුණා, නමුත් මම විශ්වාස කරනවා  මම  කිසිම අවස්ථාවක්  අත් නොහැර, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මගේ සියලු උත්සාහයන් සාර්ථක කරගැනීමට, මගේ උපරිමය කරන්න හේතුවක් වුණා කියලා.

ඔබ සිතන විදියට ඔබේ ජීවිතයට සහ තීරණවලට මඟ පෙන්වන මූලික වටිනාකම් මොනවාද?

මම විශ්වාස කරනවා මම තුල මම ගැන තිබෙන විශ්වාසවන්තභාවය,අන් අයට තිබෙන දයානුකම්පාව සහ ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ හැකියාව යන ගුණාංග මගේ මුලිකම ගුණාංග කියලා. එමෙන්ම අව්‍යාජත්වය ගැන කතා කරනවානම්  සෑම මනුෂ්‍යයෙකුටම අව්‍යාජත්වය තිබිය යුතු ඉතා වට්නා  ගුණාංගයක් ලෙස මම සිතනවා. හැමවිටම  ඔබ ඔබම වෙන්න එවිට බොරු දේවල් මවාපාමින් කටයුතු කිරීමට අවශ්‍ය නොවේ. ඉතින් ඒකෙන් ඔයාගේ ජීවිතේ ගොඩක් පහසු කරාවි.  මම මගේ සැබෑ ස්වරූපයෙන් ජිවත්වනවිට  මට සැම විටම මිනිසුන්ට සමීපව ඔවුන් සමග කටයුතු කිරීමටත් ඔවුන්ට මා හා සම්බන්ධ වී වැඩ කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. එහිදී මම විශේෂයෙන්ම මිස් ශ්‍රී ලංකා ලෙස කිරුලූ පැළදීම  වැදගත් සිදුවීමක් ලෙස දකිනවා, මන්ද මගේ රටේ සාමාන්‍ය ජනතාවට මා හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන නිසා.මෙම කිරුළත් සමග  මම නියෝජනය කරන්නේ මා පමණක් නොවේ , මම නියෝජනය කරන්නේ මිලියන 22 ක ජනතාවක් සිටින මන් උපන් මගේ රටයි.

සෑම මිනිසෙකුටම එකිනෙකා කෙරෙහි අනුකම්පාව දැක්වීම කළ යුතු බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණපාන සනීපාරක්ෂක ගැටළු අවම කිරීමට සහේලි නමින් සංවිධානයත් ආරම්භ කළා.  ඔසප් වීම වැනි ජීව විද්‍යාත්මකව ශරීරයේ සිදුවන දේ පිළිබදව මගේ රටේ සෑම තනි කාන්තාවක්ම, සහ සෑම ගැහැණු ළමයෙක්ම නිසි දැනුමක් වගේම එම දිනවල සුවපහසු කාලයක්  ගත කිරීමට අනිවාර්යෙන්ම වියයුතු බව  මම විශ්වාස කරනවා. ඒ සදහා සහේලි සංවිධානය උදව් වෙනවා.  මෙහිදී මම විශ්වාස කරනවා  අනිත් මිනිසුන් කෙරේ තමන් අනුකම්පාව ඇතිකරගන්නවනම් අන් අයව නඟා සිටුවීමට ඔවුන්ට උදව් කිරීමට ඉඩ  සලස්වන අතර එය මගේ ජීවිතයේ අරමුණ බවට දැන් පත් වී තිබෙන බව.

අනෙක් වැදගත්ම කරුණ ලෙස මන් දකින්නේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඇති හැකියාව. එම ගුණාංගය මගේ ගමනට මට මහත් පිටුවහලක් වුණා.එමෙන්ම එය මගේ ප්‍රබලම වටිනාකමක් යැයි මම සිතනවා. මන්ද මගේ ජීවිතය මුළුමනින්ම කඩාවැටුණු අවස්ථාවල පවා මන් කිසිවක් ඇත හරියේ නැහැ. අපි දන්නවා ගැහැණු ළමයි විදියට අපිට දුක හිතෙනවා ඇඬෙනවා සමහර දේවල් දරාගන්න අමාරුයි ඒ වෙලාවට මානසික වැටෙන්න පුළුවන්. නමුත් මම ඔයාලට කියන්නේ කවදාවත්  කිසිම දෙයක් ජීවිතයේ අත් හරින්න එපා කියලා. අපි නිතරම අපේ ගමන විශ්වාස කරන්න ඕන. එන හැම අභියෝගයක්ම හොද විදියට භාරගෙන මුහුණ දීම තමයි හුගක් වැදගත් වෙන්නේ.ඒ නිසා ගැහැණු ළමයි විදියට  මම හිතන්නේ දරාගැනීම තමයි ඇත්තටම  ජීවිතේ ඔබව හැම තැනකටම ගෙනියන්නේ.”

ඔබේ සමාජ සේවාවන්  සහ එහි පිටුපස ඇති ක්‍රියාවලිය ගැන සදහන් කලොත්?

Anudi Gunasekara

සහේලි යනු ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධව සොයා බැලීමෙන්  පසුව මම ආරම්භ කළ සංවිධානයක්. මම මෙම  මාතෘකාව තෝරගන්න හේතුව තමයි මේක ලංකාවෙ තවමත් ලොකු ප්‍රශ්නයක් නිසා එමෙන්ම මේක තහනම් මාතෘකාවක් නිසා මිනිස්සු ඒ ගැන ඇත්තටම කතා කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස, මිනිසුන් පියයුරු පිළිකා පිළිබඳ ගැන කතා කරන අතර, ඔවුන් ඒ ගැන යමක් කිරීමට යාමේදී මැළි  කමක් නොපෙන්වයි, මන්ද පියයුරු පිළිකාව තහනම් මාතෘකාවක් නොවන බැවිනි. එයින් අදහස් කරන්නේ වැඩි පිරිසක් ඒ ගැන කතා කරන මතෘකාවක්නම් එය වසන්කර තබාගැනීමට කිසිවෙකු උත්සහ කරන්නේ නැහැ.නමුත් කාන්තා සනීපාරක්ෂක ක්‍රියාවලිය ගැන  ඇත්තටම ඒ ගැන කතා කරන පිරිස ඉතාම සීමිතයි. එමෙන්ම මිනිසුන්ගේ දුප්පත්කම මෙන්ම නොදැනුවත්කම නිසා වෙන සනීපාරක්ෂක ගැටළු ගැන කතා නොකරයි.ඉතින් සහේලි හරහා මම ප්‍රධාන අරමුණු  තුනක් ගැන අවධානය යොමු කරනවා. එනම් සනීපාරක්ෂක නිෂ්පාදන ආකාරයෙන් පරිත්‍යාග ලබාදීම සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමයි. ඒ කියන්නේ අවශ්‍ය තැන්වලට ජල පහසුකම් සහ වැසිකිළි  පහසුකම් ලබාදීම. තෙවනුව දැනුවත් කිරීමේ වැඩසටහන් සැපයීම, ඔසප් වීම සහ අනෙකුත් ගැටළු පිළිබඳ තොරතුරු සහ දැනුම ලබා දීමයි.

“එබැවින් ඒ සදහා වන පරිත්‍යාග සම්බන්ධයෙන් ගත් කල, නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා, සනීපාරක්ෂක නිෂ්පාදන සහ සනීපාරක්ෂක මෙවලම්  භාවිතා කිරීමට අපි සැබවින්ම අවධානය යොමු කිරීමට උත්සාහ කරමු. නමුත් මම හිතන්නේ ඒක ඇත්තටම ලංකාවේ කිරීම ඉතා අභියෝගාත්මක දෙයක්.  විශේෂයෙන්ම අපේ රටේ තියෙන සංස්කෘතික ආකල්ප එක්ක ඒක කරන්න සෑහෙන්න අමාරුයි. ඉතින් දැනට වැඩිපුරම ලබා දෙන්නෙ සනීපාරක්ෂක තුවා. ඒ වගේම අපි ජල පහසුකම් ලබා දෙනවා. පිරිසිදු වැසිකිලි පහසුකම් ලබාදීමට අප උත්සාහ කරන්නවා.පාසල්වල ජල පහසුකම් නොමැති නිසා ගැහැනු ළමයින් ඔසප් දිනවලදී පාසල්වලට නොපැමිණෙන බව පෙනී ගොස් ඇත.එම නිසා වැසිකිළි පහසුකම් සැපයීමත් මෙහි ප්‍රධාන ක්‍රියාවලියකි.

ඒ වගේම තව වැදගත් කරුණක් ලෙස අපි දකිනවා කාන්තාවන්ගේ පවතින නොදැනුවත් කම, මොකද මම විශ්වාස කරන්නේ ඔබ මෙවැනි සේවාවක් ලබාදෙන විට ඒ හරහා ඔවුන්ව මනා දැනුවත් භාවයක් සහිතව හොද මග පෙන්වීමක් ලබාදීම  ඉතා වැදගත් වේ.එමෙන්ම  එම කාන්තාව යම් දිනක එය ඔවුන්ගේ දියණියට උගන්වනු දැකීම අපේ අරමුණයි. ඉතින් ඒ කියන්නේ පරම්පරා ගානකට ඒක දිගටම ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් තමයි මේ “සහේලි” කියන්නේ . එබැවින් අපි සනීපාරක්ෂාව, ආර්තවහරණය සහ විවිධ ඔසප් වීම සම්බන්ධ රෝග වැනි සමාජයෙන් නොසලකා හරින ලද මාතෘකා ගැන කතා කරනවා  තවද, විශේෂයෙන්, බන්ධනාගාරවල සිටින කාන්තාවන් සහ ගැබිනි මව්වරුන් මෙන්ම, පශ්චාත් ප්‍රසව ඔසප් වීම සහ සියල්ල සම්බන්ධයෙන් මෙම ගැටළු සම්බන්ධයෙන් අපි ඉතා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් කෙරෙහි ද අවධානය යොමු කරනවා. ඉතින් ඒක තමයි මම සහේලි හරහා කරන්නේ.

ඔබ දෙස බලා සිටින තරුණ කාන්තාවන් පිරිසක් ඉන්නවා ,ඉතින් ඔබට ඔවුන් සමග  බෙදා ගැනීමට කැමති උපදෙස් මොනවාද?

කාන්තාවන්ට මට දෙන්න පුළුවන් උපදෙස තමයි, ඔබේ සිහින අසාර්ථක බව පෙනුනත් කිසි දිනක ඔබ ඔබගේ අරමුණ අත් හරින්න එපා, ඔබේ සිහින සැබෑ වෙනකන් ඒ වෙනුවෙන් මහන්සිය නොබලා වැඩ කරන්න. විශාල සිහින දකින්න, යමෙක් ඔබට කල නොහැකි යැයි පවසනදේ පවා ඔබ ඔබව  විශ්වාස කරලා කරන්න. ඔබට ඔබේ අරමුණ කරා යන්නට පුළුවන්. ඔබට එම අරමුණු වලට යන්නට  හැකියාව ඇති බව සැමවිටම විශ්වාස කරන්න, මන්ද ඔබ ඔබේ සිහින වෙනුවෙන්  දිගින් දිගටම වැඩ කරන විට  එය අවසානයේ ඔබේ යථාර්තය බවට පත්වේ. ඒ විදියට තමයි මම මගේ මේ ගමන ආවේ . මානසිකව, චිත්තවේගීයව, අධ්‍යාත්මිකව ඔබේ වර්ධනය සඳහා සැමවිටම වැඩ  කරන්න, එමෙන්ම ඔබව දිරිමත් කරන සහ නඟා සිටුවීමට සහ එම සිහින සැබෑ කර ගැනීමට ඔබට හැකියාව ඇතැයි විශ්වාස කරන පුද්ගලයින් සමඟ ඔබේ ගමන යන්න. මොකද ඔබ වටා ධනාත්මක මිනිසුන් පිරිසක් සිටීම තිබීම ඉතා වැදගත් වේ.