Abortion
2024.11.30 වන දින නාරහෙන් පිට පොලිසිය විසින් අධිකරණයට ගබ්සා (Abortion) කිරීමක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරනවා. එකේ පැමිණිලිකාර ස්වාමිපුරුෂයා විසින් බිරිඳ සහ බිරිදගේ මව වැරදිකරු කරමින් පැමිණිල්ල දාන්නේ.
තමාගේ බිරිඳ විසින් තමන්ගෙන් දාව දරුවාව තමාට නොකියා ගබ්සා කිරීම සම්බන්ධයෙන් තමයි පැමිණිල්ල කරලා තියෙන්නෙ.
2024.12.10 වන දින සැකකාර බිරිඳගෙන් පොලිස්සිය කට උත්තරය ගන්නවා,
” මගේ කලින් විවාහයෙන් මට එක ලමයෙක් ඉන්නවා. මෙයාව කසද බැන්දාම මගේ ස්වාමියා මගේ දරුවට සලකුවේ නෑ. හැම වෙලෙම කියනවා එයාගෙන් දරුවෙක් හම්බුනාම මගේ දරුවාව මරණවා කියලා. හැමදාම ලිංගිකව එකතු වුනේ දරුවෙක් අවශ්‍ය නිසාම විතරයි. කවදාවත් උපත් පාලන පෙති බොන්න දුන්නේ නෑ. දවසක් මාත් එක්ක රණ්ඩු වෙලා එයා ගෙදරින් ගියා දවස් ගානක් අවේ නෑ. ඒ දවස්වල මට අපු බඩේ රිද්දිල්ලක් එක්ක මම ගියා මුත්‍රා පරික්ශණයක් කරන්න. එකෙන් කිව්වා මට මම ගැබ් ගෙන කියලා. ඊටපස්සේ මම මගේ අම්මාට ගිහින් කිව්වා මම ගැබ් ගෙන ඉන්නේ. මට මෙ දරුවා නැති කරන්න ඔනේ මහත්තයා එක්ක ප්‍රශ්න ගොඩයි දරුවාව හදගන්න බෑ කියලා.”
ඒ වගේම ගබ්සාව සිදු කළ වෛද්යවරයාගේන්ද කට උත්තරයක් පොලිස්සිය ගන්නවා. එකෙන් හෙළි වෙලා තියෙන්නේ,
වෛද්‍ය විද්‍යාව පිළිබඳව තිබෙන වෛද්‍ය සුදුසුකම් පලපුරුද්ද අනුව වෛද්‍යවරයා සැකකාරිය පරීක්ෂා කර බලා පසුව ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරිමෙන් අනතුරුව ඒම කළලයේ හෘද වස්තුව ක්‍රියා නොකරන බවට පෙනි ගොස් ඇත. කුඩා කාලයක කළලයක් නිසා විශාල සැත්කම් කරන්න අවශ්‍ය නොවු බවත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බව එම ප්‍රකාශයෙන් සහා වෛද්‍ය වාර්තා හරහා හෙළිදරව් වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උසාවිය තුළදී නඩු කටයුතු සිදු කිරිමේදි වෛද්‍යවරයා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මහතා අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ,
කාන්තාවකගෙ ජිවිත ආරක්ෂාව සලකා ගබ්සාවක් (Abortion) කිරිම නිත්‍යානුකුල අයිතියක් දණ්ඩ නිතී සංග්‍රහයේ 303 වගන්තිය යටතේ පැහැදිලි කර තිබෙන බවත්. මෙය හුදෙක් සැකකාර කාන්තාවගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා සිදුකළ ගබ්සාවක් බව අනාවරණය වෙන බවයි.
තවද අධිකරණය විසින් සැකකාරියව
අධිකරණ වෛද්‍යවරයෙකු යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් සැකකාරියව පරික්ශා කොට බලා ලබා දුන් වෛද්‍ය වාර්තාවේ ද ගබ්සාවක් (Abortion) සිදු නොවූ බවට අනාවරණය වී ඇති බව සනාථ කොට ඇත.
මම ඔය කිව්වේ ඔයාලට උසාවියක වෙච්ච සිද්ධියක්. ඔයාල දන්නවාද ශ්‍රී ලංකාවේ වසරකට නීතිවිරෝධි ගබ්සා කිරීම් ලක්ෂ දෙක ඉක්මවනවා කියලා!
එක දවසකට නීතිවිරෝධි ගබ්සා (Abortion) 658 ක් වෙනවා කියලා ඔයාලා විශ්වාස කරනවාද ?
කාලයකට කලින් මාධ්‍ය ඔස්සේ වාර්තා වුනා කන්තාවක් වෛද්‍ය උපදෙස් ගන්නේ නැතුව ෆාමසියකින් ගිහින් ගත්ත බෙහෙත් වගයක් බිලා වුන අසාත්මිකතාවක් නිසා රෝහලකට අරන් ගිහින් ප්‍රතිකාර කරන්න කලින් මිය ගොස් ඇති බව.
ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතියට අනුව ගර්භණී කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීමට සද්භාවයෙන් කරන ගබ්සාවක් (Abortion) හැර අනෙක් ගබ්සා නිතී විරෝධී එවා වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන වගන්තියෙන් ගබ්සාව නීතිවිරෝධී ලෙස නම් කර ඇත.
ඔබ දන්නවාද ගර්භණී කාන්තාව දරු ප්‍රසූතියට ආසන්නව ඉද්දි ගබ්සා (Abortion) කිරීමක් කළොත් අවුරුදු 07 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමක් කරන්න පුළුවන්.
කාන්තාවගේ අකමැත්තෙන් ගබ්සාවක් (Abortion) කරලා ඒ කාන්තාව මිය ගියොත් එහි දඩුවම විදියට,
ගබ්සා කිරිම සහ මරණයක් කිරිම යන වරදවල් දෙකට වෙන වෙනම නිතීය ක්‍රියාත්ම වෙනවා.
ලංකාවේ දූෂණයකට ලක් වූ කාන්තාවකට, ළමා ගැබිනියකට හෝ මාරන්තික උපත් ආබාධ සහිත කළලයක් ඉවත් කිරීමට මෙරට නීතියෙන් කිසිවු ඉඩක් නෑ.
“විද්‍යාව පාලනය කරන්න නීතියට බැහැ” : වෛද්‍ය රොහාන් පී. රුවන්පුර
කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රොහාන් පී. රුවන්පුර මහතා මාධ්‍ය සාකච්ඡාවකදි ප්‍රකාශ කර සිටියේ,
“විද්‍යාව පාලනය කරන්න නීතියට බැහැ. අපේ රටේ ද ගබ්සාව සම්බන්ධයෙන් තියෙන් නිතිය ලිහිල්
නීතිය ඕනෑවට වඩා තද වුණාම ඒ දෙවල් නිතී විරෝධීව කරනවා. අපේ රටේ ගබ්සා කරගන්න තරුණියන් සහ කාන්තාවන් එක් එක් පුද්ගලයන් ගාවට ගිහින් ගබ්සා කරගෙන විවිධ විවිධ බෙහෙත් වර්ග පාවිච්චිට අරන් වෙනත් ලෙඩත් රෝග හදාගෙන මිය යන ප්‍රතිශතය ඉතා වැඩි. තව නීති විරෝධීව ගබ්සා කරගන්න ගිහිල්ලා නැවත කිසි දිනෙක ගැබ් ගැනීමට නොහැකි තරමට ද ප්රශ්නකාරී තත්ව ඇති විය හැක. තව තරුණියන් ගබ්සා කරගන්න ගියාම ගබ්සාව සිදු කරන අයඅයගෙන් ලිංගික අපයෝජනයටද ලක් වෙනවා.”
ලෝකය දියුණුු රටවල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් පරීක්ෂාවට ලක් කිරිමේන් අනතුරුව පිළිගත් වෛද්‍ය මණ්ඩලයක් විසින් ගබ්සා සිදු කරනු ලබයි.
එම රටවල ඒ සඳහා මවගේ ඉල්ලුම් පත්‍රයක් ලබාදිය යුතුය.
ගබ්සා කිරීමේ අයිතිය කාන්තාවගේ මිස ආගමික නායක හෝ දේශපාලනඥයන්ගේ අයිතියක් නොවන බව අප හොඳින් දැනගත යුතුය.
උදාහරණයක් විදිහට ගත්තොත්, අපරාධකාරයෙකු විසින් තරුණියක් දුෂණය කිරීමෙන් පසු එම දූෂකයාගේ ජාන සීයට පනහකින් ඇති වේ. එතකොට දරුවාගේ මූලික ගති ලක්ෂණ තීරණය වන්නේ ජානවලිනුයි නේද? එහෙම වුනාම
අපරාධකාරයාගේ ජානවලින් එන දරුවා පිළිබඳ තීරණය ගන්න අයිතිය තියෙන්නේ එම තරුණ කාන්තාවටය.



“අම්මා කෙනෙක් දරුවෙක් වෙලක දාලා යනවා. අඩුම තරමේ සීතලට රෙදි කෑල්ලක්වත් නෑ. වෙලට ආපු මනුස්සයෙක් තමයි මේ පොඩි දරුවව දකින්නේ. ඉපදිලා දවස් දෙකයි.”
මේ හද කම්පාකරන පුවත අපි හැමෝම දැක්කා නේද ?
මේ වගේ කම්පා සහගත පුවත් අපිට දකින්න ඇහෙන්නේ ඇයි ?
ඒ අම්මාත් දුශකයෙකු අතින් දුෂණය වු තරුණියක් ද ?
දරුවෙක් හැදිමට කිසිදුවත්කමක් නොමැති තනි වූ කාන්තාවක් ද ?
සැමියාගේ කරද මත්තේ ගැබ්ගත් කාන්තාවක් ද?
කියන ප්‍රශ්න ඔයලාගෙ හිතට එනවාද ? නැත්නම් ඔයාලා ඒ අම්මාට බයිනවාද ? ඔව් ඔයාලා දොස් නගනවා ඇති.
ඇයි ඔහොම වෙන්නේ ? ශ්‍රි ලංකාවේ ගබ්සා (Abortion) නිතීය ලිහිල් කරා නම් මෙවැනි පොඩි දරුවෝ අනාථ වෙන එකට සහ තැන තැන දරුවෝ දලා යන එකට විශාල විසදුමක් වෙන්න පුළුවන්.