මොනවද මේ බිත්තර වල සැඟවුණු රූපලාවන්‍ය රහස්

What are the hidden beauty secrets of these eggs?

බිත්තර කියන එකක් කියූ වම අපිට මතක් වන්නේ බිත්තර (eggs) පිසගෙන, රසවත් ආහාරයක් හදන් කන එක. හැබැයි, බිත්තරෙන් ලස්සන වෙන්නත් පුළුවන් කියලා ඔබ දන්නවද? බිත්තර වල ඇති පිලී ගඳ නිසා ගොඩක් අය බිත්තර කොන්ඩේ, මුණේ ආලේප කරන්න පසුබස්සනවා. නමුත්, මෙම රහස් දැනගත්තම ඔයාටත් හිතෙනවා මේවා අත්හදා බැලිය යුතුයි කියලා.

What are the hidden beauty secrets of these eggs?

බිත්තර(egg) සුදු මද මාස්ක්

මේ මාස්ක් එක හදාගන්න, ඔයාට අවශ්‍ය වන්නේ බිත්තරයක සුදු මදයක් හා මී පැණි තේ හැඳි එකක්. බිත්තර සුදු මද හා මී පැණි එකට එක්කර කවලවම් කරලා, මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න. පේස්ට් එක හොඳට වේලෙන්න ඉඩදී, මද උණුසුම් වතුරෙන් හොඳින් සෝදා ගන්න.

කුරුලෑ සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම

බිත්තර සුදු මදය දෙහි යුෂ සමඟ එකතු කරලා, මුහුණේ ගාන්න. හොඳට වේලාගත් පසු, මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් මේ ප්‍රතිකාරය කිරීමට, කුරුලෑ සහ කළු ලප සාර්ථකව ඉවත් කරගත හැක.

මුළු ඇගේම ගාන්න පුළුවන් බොඩි ස්ක්‍රබ් එකක්

What are the hidden beauty secrets of these eggs?

බිත්තර( eggs) 5ක කටු, මී පැණි හා ලුණු එක්ක මිශ්‍ර කරලා හොඳ පේස්ට් එකක් හදාගන්න. ඊළගට මී පැණි මේස හැඳි දෙකකුයි, ලුණු ටිකකුයි එක්ක මේ බිත්තර කටු ටික හොඳට ඝන පේස්ට් එකක් වගේ වෙනකන් කලවම් කර ගන්න. මේ පේස්ට් එකෙන් ටිකක් ලුෆා එකකට දාලා නාන වෙලාවට හොඳට ඇග අතුල්ලන්න. මේ ප්‍රතිකාරය ඔයාලාට මැරුණු හා වියලි සම ඉවත් කරලා දිදුලන සමක් ලබා ගන්න උදව් වෙනවා.

නියපොතු ශක්තිමත් කිරීම

නියපොතු ශක්තිමත් කිරීම බිත්තර කහ මදයක් උණුසුම් කිරි කෝප්පයක් සමඟ එකතු කරලා, නියපොතු විනාඩි 10ක් පමණ මස්පෙතින් එල්ලන්න. පසුව සීතල වතුරෙන් සෝදා, ශක්තිමත් හා දීප්තිමත් නියපොතු ලබා ගත හැක.

    හිස කෙස් වැටීමට සහ හිස්හොරි සඳහා විසදුම

    අධික ලෙස හිස කෙස් ගැලවී යාමේ හා හිස්හොරි ප්‍රශ්නය තියන ඔයාලාට බිත්තර වලින් සහනයක් ලබා ගන්න පුළුවන් කියලා. ඔයාලා දැන ගෙන හිටියද? බිත්තර 02ක සුදු මද අරගෙන හොඳට බීට් කරලා ඒකට පිරිසිදු පොල් තෙල් මේස හැඳි 04ක් කලවම් කරන්න. මේ මිශ්රණේ බ්‍රෂ් එකක් ආධාරයෙන් තෙත කොන්ඩේ හා හිස් කබලේ හැම තැනම ආලේප කරන්න. පයක් විතර මේ විදිහට තියෙන්න ඇරලා මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. බිත්තර වල තියන ෆැටි ඇසිඩ් හා අනෙකුත් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වලින් හිස් කබල පෝෂණය කරලා නිරෝගී හා දිගු කෙස් කලබක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

    මුහුණට හොද ස්ක්‍රබ් එකක්

      මුහුණේ තියන ලප කැළැල්, අදුරු ලප, ඇස් යට කළු වීම හා මුහුණ අවපැහ ගැන්වීම අවම කරන ස්ක්‍රබ් එකක් ලෙස බිත්තර සුදු මදය යොදා ගන්න පුළුවන්. බිත්තර සුදු මදය මුහුණේ හා බෙල්ලේ හැම තැනම අලේප කරලා පැයක් විතර වේලෙන්න තියන්න. ඊළගට සීතල වතුරෙන් සෝදා හරින්න. බිත්තර සුදු මදේ තියන විටමින් හා ප්‍රෝටීන් මුහුණට අවශ්‍ය පෝෂණය ලබා දීලා පැහැපත් මුහුණක් ලබා ගන්න උදව් වෙනවා.

      ස්ක්‍රැච් මාර්ක් ඉවත් කිරීම

      ස්ක්‍රැච් මාර්ක් ඉවත් කිරීම බිත්තර සුදු මද ආමන්ඩ් බිංදු සමඟ එකතු කරලා, ස්ක්‍රැච් මාර්ක් ඇති ප්‍රදේශයට විනාඩි 5ක් තරම් මසාජ් කරලා තබා, පසුව සෝදා හරින්න. නිරන්තරයෙන් කිරීමෙන් ස්ක්‍රැච් මාර්ක් හිරිහැර අඩු වේවි.

      තෙල් සහිත සමේ තෙල් ගතිය අඩු කිරීම

      What are the hidden beauty secrets of these eggs?

        ඔයාලාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් බිත්තර සුදු මදයට දෙහි යුෂ තේ හැඳි 03ක් එකතු කරලා මුහුණේ ගාන්න. විනාඩි 15කට විතර පස්සේ සෝදලා හරින්න. මේ ක්‍රමයෙන් ඔයාලාගේ මුහුණේ තියන තෙල් ගතිය අඩු කර ගන්න පුළුවන්.

        හිස කෙස් සඳහා හොඳ කන්ඩිෂනර්

          වෙළද පලේ තියන එක එක කන්ඩිෂනර් ගානවාට වඩා ඔයාලට බිත්තර පාවිච්චි කරලා හොඳ කන්ඩිෂනර් එකක් ගෙදරදීම හදා ගන්න පුළුවන්. බිත්තර සුදු මදය එක්ක යෝගට් කෝප්ප 1/4 යි ඔලිව් තෙල් තේ හැඳි 02යි මිශ්‍ර කරලා හිස කෙස් වල ආලේප කරලා විනාඩි 45ක් විතර හිසේ තියලා සෝදා හරින්න. ඔයාලට සිනිදු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගන්න මේ සත්කාරය ඉතා වැදගත් වේවි.

          අකීකරු කෙස් කළඹ කීකරු කිරීමට

          ඔයාලටත් තියෙන්නේ අකීකරු කෙස් කළඹක් නම් මේ සත්කාරය කරලා බලන්න. මයෝනිස් මේස හැඳි 01ක් බිත්තර 02ක් එක්ක හොඳට කලවම් කරන්න. හිස කෙස් මුල සිට අගට යනකන්ම මේ මිශ්‍රනේ අලේප කරන්න. ෂවර් කැප් එකකින් හිස කෙස් වහලා විනාඩි 20ක් විතර තියන්න. ඊට පස්සේ ඔයාලා භාවිතා කරන ෂැම්පු එකෙන් හිස කෙස් හොඳට සෝදා හරින්න.

          මෙම ප්‍රතිකාර කිසියමට පෙර පූර්වක පරීක්ෂාවක් සිදු කරන්න , කිසියම් ආසාත්මිකතාවක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.