ඉන්දියානු සුරූපිණියන්ගේ රූ රහස් දැනගමු.

Indian actress Deepika Padukone

ගොඩක් කාන්තාවන් beauty tips සම්බන්දයෙන් විශාල ලෙස උනන්දුවක් දක්වනවා .අන්න ඒ නිසාම අපි ඉනිදියානු සුරුපිනියන්ගේ ලස්සන වීමේ රහස් අද ඔබ වෙත ගෙන එනවා. මේ පහසු ක්‍රම ඔබත් නිවසේදී උත්සහ කර බලන්න.
ඔබට ඉතා හොද ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි.

ඉන්දියානු කාන්තාවන්ගේ රූ සපුව වැඩිකරගැනීමට එකතු කරගත් රහස් ඔබ වෙත අද මෙලෙස ගෙන එනවා .

ලස්සනට ඉන්න කාන්තාවන් කොහොමත් කැමතියි.ලස්සන ඔබේ සැමට පමණක් සීමාවන්නේ නැහැ එයට ඔබගේ හිසකෙස් වගේම නියපොතු මෙන්ම දත් හා ඇස් පවා ඔබේ රුව ඔප් නැංවීමට දායක වේ. ලස්සනට ඉන්න කැමති කාන්තා මෙය ඔබට ඔබගේ රුව නැංවීමට උපකාරී වෙතැයි අපි විශ්වාස කරමු.

1. තෙල් සහ දෙහි යුෂ සමග එක් වී හිස්සොරි වලට සමුදෙමු.

පොල්තෙල් හෝ ඔලිව් තෙල්වල දෙහි යුෂ බින්සු කිහිපයක් මිශ්‍ර කරගන්න. එය ඔබේ හිසට දමා ඔබේ හිස්කබල සම්බාහනය කරන්න.පැයක් පමණ පසු ඔබේ හිස සෝදන්න.

2. මී පැණි සහ දෙහි සමග ඔබේ තලෙළු සම පැහැපත් කරගන්න.

දෙහිගේඩියක යුෂ මී පැණි තේ හැන්දක් සමග මිශ්‍ර කරන්න. ඔබේ මුහුණේ එම මිශ්‍රණය ආලේප කරන්න.මිනිත්තු 10ක් තබා සෝදා හරින්න.මෙහිදී ලෙමන් වල විරංජක ගුණාංග නිසා තලෙලු සම පැහැපත් වෙනවා මී පැණි සමට තෙතමනය ලබා දෙයි.

3. තලෙළු සම පැහැපත් කරන අමු අර්තාපල් යුෂ

ආමු අර්තාපල් ගෙඩි බාගයක් කපා ගන්න, ගෑරුප්පුවක් භාවිතා කර එහි මතුපිට දියරයක් මතුවනතුරු එය සූරංන්න. දැන්
එම අර්තාපල් කැබැල්ල මිනිත්තුවක් පමණ ඔබේ මුහුණේ ආලේප කර වතුරෙන් සෝදන්න.

4. කිහිලිවල අදුරුපැහැ ඉවත් කරන කහ

රෝම ඉවත් කිරීමෙන් පසු ඔබේ කිහිලි ප්‍රදේශය කලුවෙන්න පිළුවන්, ස්වභාවික කහ සහ ජලය මිශ්‍ර කර මෘදු පේස්ට් එකක් සාදා ගන්න. එය ඔබගේ කිහිලියට අලේප කරන්න. එය මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න.

5. මුල්ටානි මිට්ට් ( මැටි ) වලින් කුරුළෑ මට්ටු කරමු.

මුල්ටානි මිට්ට් යනු ඉන්දියානු නිවාස වල භාවිත කරන ඇත බෙහෙතකි. මෙය සමේ පැක් එකක් ලෙස ආලේප කර වියලෙන්න තබා සොදා හරින්න. එය සමේ සිදුරු තද කරයි, සම මෘදු කරයි , මෙහි පිරිසිදු කිරීමේ ගුණයක්ද ඇත. ඔබට ඉතා වියළි සමක් ඇත්නම් මෙය භාවිත නොකරන්න.

6. සම සහ හිසකෙස් මෘදු කරවන කෝමාරිකා

ඔබ හිසෙහි මෙන්ම සම මත කෝමාරිකා ජෙල් ආලේප කරන්න, ඔබට මේ සදහා නැචුරල් කෝමාරිකා එක කිරීමට හැකිනම් වඩාත් හොද ප්‍රතිපල ලබා ගත හැක. මෙය ඕනෑම සමේ ගැටළුවක් සදහා ගුණදායක වේ.

7. පොල්තෙක් ආලේපයේ විශ්මිත ප්‍රතිපල

ඔබ සමෙහි මෙන්ම හිස් කබලෙහි පොල්තෙල් අලේප කරනවානම්, එමගින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂාවේ , එමෙන්ම මේකප් ඉවත් කරගන්න පහසු වෙනවා, හිසකෙස් වල ආලේප කිරීම තුලින් හිසකෙස් කන්ඩිෂනර් කරනවා. එමෙන්ම වැක්ස් කිරිමෙන් පසු සමේ තියෙන ඉටි ගතිය පොල්තෙල් මගින් ඉවත් කරනවා.

මෙවැනි ස්වභාවික ක්‍රම මගින් ඔබගේ සුන්දරත්වය වැඩි කරගන්න හැමවිටම උත්සහ කරන්න.