කොළඹ කොටුවේ සිට - මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ 'මීනගයා" රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී බිළිදෙක සොයාගන්නා ලදී .
බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත
වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබුණි.
ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ මේ බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගැණුනි.
මෙහිදී බොහෝ දෙනාට සැලකිලිමත්විය යුතු කරුණක්නම් මෙම බිළිදා දමායන්නේ මොනවගේ හේතුවක් නිසාද යන්නයි.
මෙහි හරි වැරැද්ද ගැන කතා කරනවා වෙනුවට මෙම සිදුවිමට මුහුණදුන් තරුණ මවත් පියත් එම තත්වයට පත්වුයේ ඇයිද යන්න මෙන්ම ඔවුන්ගේ මානසික මට්ටම පිළිබදව කරුණු සොයාබැලීම වැදගත්ය .
1. පෞද්ගලිකතවයට හානියක් ,
මෙම සිදුවීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට විශාලලෙස බලපෑම් කරමින් මෙම පුවත තුලින් ඔවුන් අපහසුතාවයට පත්කිරීම දිගින් දිගටම අප නොකලයුත්තේ ඇයි ?
අප රටේ මෙවැනි සිදුවීමකදී කිසිදු පෞද්ගලිකත්වයක් ඇතුව පුවත් නිරාවරණය කිරීමක් සිදුනොවීම විශාල ගැටලුවකි. මෙහිදී විවිද කථිකාවත් ගොඩනගමින් පුවත් නිර්මාණය කිරිම දක්නට ලැබුණි . දියුණු සමාජයක මෙවැනි පුවත් පෞද්ගලිකත්වයට හානියක් නොවෙනලෙස සමාජ ගත කිරීම සිදු නොවේ. නමුත් අපරටෙහි මෙවැනි සිදුවීම් තුල කිසිදු පෞද්ගලිකත්වයක් ආරක්ෂා වනලෙස පුවත් නිර්මාණය නොවීම කණගාටුවට කරුණකි.ගෝත්‍රික සමාජයක මෙන්ම දියුණු සමාජයක වෙනස එයයි. අනුන්ගේ ජිවිතගැන සොයමින් අනුන්ගේ ජිවිත තමන්ට අවශ්‍ය ලෙසට මත පළකරමින් සිටීම අපරටේ සුලබ දෙයකි, එය අපකරණ විශාල වරදක් වන්නේ අපිට ඔවුන්ගේ ජිව්තවල සිදුවීම් හරිහැටි නොදැන අදහස් පළකිරීම කල නොහැක . ඒ අනුව එකිනෙකා ජීවිතවල මුහුණදෙන තත්වයන් වෙනස්බව අප තෙරුම්ගත යුතුය.
2. සමාජයක් විදියට සමාජ සුවතාවය (Mental wellness) පිලිබදව කිසිම අදහසක් මිනිසුන්තුළ නොමැතිවීම.
මෙහිදී ඔවුන් මෙවැනි ගැටලුවකට මුහුණ දුන්නේ කායික සුවතාවය පිළිබද සොයාබැලුවද ,මානසික සුවතාවය පිළිබද නොසැලකිලිමත් වීම හේතුවෙනි.
මෙම අවස්ථාවේදී අපසිතිය යුත්තේ මෙම දරුවා දමා යන්නට තරම් මනසක් නිර්මාණය කරගැනීමට ඔවුන් පෙළඹුණේ කෙසේද යන්නයි.
රටක් හැටියට කායික සුවතාවය පිළිබද සොයාබැලුවද මානසික සුවතාවය පිළිබද සොයා නොබලිම කණගාටුවට කරුණකි .
සානුකම්පිතව බැලිය යුතු කරුණක් සම්බන්දයෙන් , මිනිසුන් තම මතයන් තමාට රිසිලෙස හැසිරවීම වරදක් වන්නේ මෙම හේතුව නිසාය.
3. මානසික පීඩනය වැඩිවී තිබෙන්නේ අයි ?
මෙම සිදුවිමේදීද ඔවුන්ගේ ජීවිතවල සිදුවීම් හා මානසික මට්ටම පිලිබද අවබෝධයකින් තොරව අදහස් පළකිරීම නොකළ යුතුය.
පවතින ආර්ථික අපහසුතා හේතුවෙන මිනිසුන් මුහුනදෙන කායික මෙන්ම මානසික අපහසුතා දිනෙන්දින වැඩිවෙමින් පවතී.
මේ දිනවල අපිට අසන්නට ලැබුණු පුවත් අතර විශ්වවිද්‍යාල සිසුන් පවා දිවිනසගැනීම් , මිනි මැරුම් සිදුකිරීම, ආදී මෙම ක්රියාවන්තුල බොහෝදෙනා නොදකින පැතිකදයක්ලෙස මානසික සුවතාවය නැතිනම් මානසික ගැටළු කළමනාකරණයකින් තොරවිම බව නිර්ණය කළ හැකිය.
මෙම ලිපිය තුලින් ඔබට කියන්නට උත්සහ කරන්නේ. ඔබ ඔබගේ මතයන් අනිත් අයගේ ජිවිතගැන අවබෝදයකින් තොරව නිර්ණය නොකළයුතු බවත්. පුළුවන් හැමවිටම ඔබ අනෙකාගේ මානසික සුවතාවය කෙරෙහි සිතාබලා කටයුතු කල යුතුය යන්නයි. එනම් ඔබ අනෙකාගේ මානසික සුවතාවය කෙරෙහි අවබෝධයකින් අවදානය ලබාදීම සිදුකල යුතුය යන්නයි.