ලස්සන වෙන්න ඕනනම් මේ දේවල් අත්හදා බලමු ද?

If we want to be beautiful, let's try these things from today?

ලස්සනට ඉන්නේ කොහොමද? ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? මෙය සරළව කරගන්නේ කොහොමද? වැඩි වියදමක් නැතුව කොහොමද ඇත්තටම ලස්සනට ඉන්න, තිබෙන සුන්දරත්වය පවත්වගන්නේ කොහොමද? මේ ඔබ දිනපතා කැඩපත ඉදිරියට ගියාම ඔබෙන්ම අසන ප්‍රශ්ණ කිහිපයක් නේද?

අපි දන්නවා ලස්සනට ඉන්න හැම ගෑණු කෙනෙක්ම වගේ කැමතියි. ජිවිතේ ලස්සනට ඉන්න කරුණු කිහිපයක් වැදගත් වෙනවා. තරුණියකට කාන්තාවකට ලස්සනට ඉන්න විශාල වෙහෙසක්, වියදමක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ තම ජිවිතයේ එදිනෙදා ජිවන රටාව තුල කුඩා වෙනසක් සිදු කිරීම පමණයි. ඉතින් ඔබට ලස්සනට ඉන්න කරන්න පුළුවන් සරල පියවර 5 අපි මෙහිදී කතාබහ කරනවා. මෙමගින් ඔබට ලොකු වෙනසක් ඔබේ පෙනුමෙහි ඇතිකරගත හැකිය.

If we want to be beautiful, let's try these things from today?

මනස නිරෝගිව නිදහස්ව ලස්සනට (beautiful) තබාගන්න උත්සහ කරන්න.

ඔබගේ භාහිර ලස්සන කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ඔබගේම සිතයි. ජිවිතයේ එදිනෙදා සිදුවීම්, ගැටළු ගෙන සිතමින් සිත ලෙඩ කරගත්තොත් එය ඔබගේ සුන්දරත්වයට බාධාවක් වේ. ඒ වගේම අපේ සිත අපිරිසිදු කරන තරහව, ඊරිසියාව, පලිගැනීම ,දුක, කේන්තිය වැනි සිතුවිලි අපේ මනසේ තිබෙන විට අපේ සිත ලෙඩ වෙනවා. ඉතින් අපි දන්නවා සිත අපිරිසිදු වුනාම එය අපේ මුණ මගින් පෙනෙනවා, එවැනි කාන්තාවක් කොයි තරම් රූපලාවන්‍ය සත්කාර කලත් ලස්සන වෙන්න අපහුයි.

ඒ නිසා ජිවිතයේ ඔබට මුහුණ දීමට සිදුවන සෑම දෙයක්ම සතුටින් භාරගන්න සිතට හුරු කරන්න. සිත පිරිසිදු වීම ලස්සන වෙන්න අත්‍යාවශ්‍ය සාධකයක්. ඔබ පිටත පෙනුම ලස්සන කර ගැනීමට කොතරම් වෙහෙසුනත් රූපලාවන්‍යගාර වෙත ගියත් ඔබගේ සිතිවිලි අසුභාවදිනම් එහි ප්‍රතිපලයක් ඔබට ලබාගන්න නොහැකියි. ඒ නිසා නිරතුරුවම ඔබ ,ඔබ පිලිබඳ ධනාත්මකව සිතන්න හුරුවෙන්න. එමෙන්ම ඊර්ෂාව,ක්‍රෝධය ,තරහව වැනි සිතුවිලි සිත තුලින් බැහැර කරන්න.

ශාරීරික නිරෝගී බව පවත්වා ගැනීමට නිවැරදි ආහාර රටාවකට පුරුදු වෙන්න.

මෙහිදී ඔබ ස්වභාවික ආහාර වලට මුල් තැනක් දිය යුතුයි. සමබල ආහාර වේලක් ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා නැවුම් එළවලු, පළතුරු, කොළ වර්ග ද එයට එක් කරගන්න අවශ්‍යයි. ආහාර ගැනීමේදී ආමාශයෙන් 50% ක් ද, 25% ක් ජලය ද ඉතිරි 25% හිස්ව ද තබාගන්න. ඔබගේ උසට සරිලන බර පවත්වා ගැනීමට මෙය වැදගත් වේවි. ඔබ දියවැඩියාව, ස්ථුලතාව වෙනි තත්ත්ව වලින් පසුවන්නේනම්, එය ඔබගේ හිසකෙස් ,සම, නියපොතු වල අලංකාරයට මෙන්ම, ඔබේ නිරෝගී පෙනුමටද බලපෑම් කරනු ඇත. සුන්දර පෙනුමකට හිමිකම් කීමට මේ නිසා මෙම රෝග තත්ත්ව පාලනය කරමින් වැලකි සිටීම සඳහා ඔබගේ නිවැරදි ආහාර රටාව අත්‍යවශ්‍ය දෙයක්.

ජලය වැඩියෙන් පානය කරන්න.

මෙය සමේ වියලි බව නැති කිරීමටත් නැවුම් සමක් සමග අභ්‍යන්තර ශරීරය නිරෝගිව පවත්වා ගැනීමටත් වැදගත්.

If we want to be beautiful, let's try these things from today?

පරිවෘතිය ක්‍රියා නිවැරදිව පවත්වා ගන්න.

මෙය බොහෝ කාන්තාවන් එතරම් අවධානය යොමු නොකරන වැදගත් දෙයක්. උදෙන්ම දරුවන් පාසල් යැවීමට සුදානම් කිරීමට කාර්ය බහුලවන කාන්තාවන් ශාරීරික අවශ්‍යතා හිර කරගෙන දරුවන් පාසල් යැවීමෙන් අනතුරුව එය සිදු කරගැනීමට හුරු වෙන අතර එම ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම නිසා ශරීරයට ඉතා අහිතකර තත්වයක් මෙන්ම රෝගී තත්වයන්ද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යතාව ඇති වූ විට ඒ සඳහා ද කාලය නිසි ලෙස ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න අමතක කරන්න එපා.

පිලිවෙල, නිසි කළමනාකරණය ජිවිතයට හුරු කර ගන්න.

වර්ථමාන කාන්තාවන් ඇත්තටම කාර්යබහුලයි. ඒ නිසාම ඔවුන්ගේ මනස නිරතුරුවම කලබලයි. මනස කලබලයෙන් පවතින විට සිතට දැනෙන පීඩනය වැඩි වෙන අතර එය ඔබේ පෙනුමට, සුන්දරත්වයට ද බලපානවා. දෛනික වැඩ කර ගන්න ඔබට කාලය මදි කියල ඔබට සිතෙන්න පුළුවන්, වැඩ ගොඩ ගැසුනම අනවශ්‍ය මානසික පීඩනයක් අප තුල ඇති වෙනව, ඔබ තුල ඇති වන මානසික පීඩනය ඔබේ සුන්දරත්වයට බාධාවක්, නමුත් ඔබේ එදිනෙදා වැඩ නිසි කාල කළමනාකරණයකට අනුව පෙළගස්වා ගන්නේ නම් ඔබගේ කාලය සියලු දේටම යොදාගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

ඔබට පසුදින කිරීමට ඇති වැඩ මනසින් හෝ කාල සටහනකට අනුව පෙල ගස්වා ගැනීමත්, නිවසේ ඔබට අත්‍යවශ්‍ය දෙවල් නිසි පිලිවෙලට ඇසුරා තැබීම වැනි දේට හුරු වීමෙන් ඔබගේ කාලය අපතේ නොයන අතරම, අමතර පීඩනයක් ඔබේ සිතට නොදැනෙන ලෙස ඔබේ සියලු වැඩ අතපසු වීම් වලින් තොරව කරගෙන යාමටත් හැකි වෙනවා. ඒ වගේම ඔබේ සුන්දරත්වය වර්ධනය කරගෙන ලස්සන වෙන්නත් මේ තුලින් ඔබට කාලයක් වෙන් කරගන්න පුළුවන්.

ඔබේ පෙනුම, ඔබේ ලස්සන වර්ධනය කරගන්න අදම නිවසේ සිටම මේ ක්‍රම අනුගමනය කර බලන්න. Salon නොයා ලස්සන වෙන්න පුලුවන්ද ? ඇයි අපි Salon යන්න ඕනෙ? මේ ගැන ඔබට වැදගත් කරුණු රැසක් අප Liya.lk ඊළඟ ලිපිය තුලින් ගෙන එන්නම් , ඔබට ලස්සන වෙන්න ඇයගෙන් දැනගන්න අවශ්‍ය ඕනෑම දෙයක් අප වෙත එවන්න. ඔබ වෙනුවෙන් ඔබට ලස්සන වෙන්න අවශ්‍ය දේ අප ගෙන එන්නම්.