අවුරුදු සැමරුමෙන් පසු නැවත සුපුරුදු දිවියට එළඹෙන්නේ කෙසේද?

අවුරුදු කාලය කියන්නේ අපි හැමෝම පවුලේ සැමත් සමග එකතු වී සතුටින් සමරන කාලයක්. වඩා වටිනා මතක වලට ඉඩ සලසන, නෑදෑයෝ එක්ක එකට හිඳ අලුත් සටහන් තැබෙන කාලයක්. නමුත් මේ සැමරුමෙන් පසුව නැවතත් සුපුරුදු දිවියට එළඹීම සහ වැඩට යාමට සූදානම් වීම හැමෝටම තරමක් අභියෝගයක්.

නිවාඩුවෙන් පස්සේ යලිත් සුපුරුදු ජීවන රටාවට පිවිසෙන්න ටිකක් අමාරුයි වගේද?

එහෙනම් මේ ගැන සිතා බලන්න.
අවුරුදු කාලය කියන්නේ කාර්ය බහුල නමුත් ආදරණීයන් සමග දයාබරව ගෙවන කාලයක්. ඒවගේම වැඩ කටයුතු පිරුණු කාලයක්.
සියලු දේ නිමා වුනාට පස්සේ සුපුරුදු දිනපතා දිවියට එළඹෙන්නට ඔබට සිදුවෙනවා. එය පහසු කර ගන්නේ කෙසේද යන්න අප කතා කරමු.

නිවාඩු අවසානයට අපි දැන් ඇවිත් තිබෙන්නේ. මනස සන්සුන් කරගන්න හොදම ක්‍රමය තමයි ඉදිරි කාලය තුල තිබෙන වැඩ කටයුතු ගැන සිතන්න. ඒවගේම ඔබ පවුලේ සියලු දෙනා සමග වටිනා කාලයක් ගත කල ආකාරය සිහියට ගන්න.
ඉලක්කයක් සිතා ගන්න – එය අනුගමනය කිරීම ගැන සිතන්න
“මම මේ මාසෙදි project එකක් time-frame එකට අවසන් කරනවා.”
“අලුත් දැනුමක් ලබන්න course එකක් follow කරනවා.”
“දිනකට 30 min වත් exercise karanawa.”

ශරීර සෞඛ්‍යය ගැන සිතා බැලීම

අවුරුදු කාලේ ටිකක් වැඩිපුර කන නිසා ව්‍යායාම ගැන සහ ශරීර සෞඛ්‍යය ගැන සිතා බැලීමට අවශ්‍ය වෙනවා.
සරල exercise දවසේ දින චරියාවට එකතු කර ගන්න බලන්න
තේ සහ කෝපි වෙනුවට එළවළු සූප් හෝ කැඳ වර්ග ගන්න බලන්න
පැණි රස මෙන්ම කෙටි ආහාර අවම කරන්න වග බලාගන්න
office-ready mindset එකක් හදාගන්න
වැඩට යන්න තියෙන බව තේරුම් ගෙන එයට ලැහැස්ති වෙන්න. අපිට කොච්චර දෙවල් තිබුනත් එදිනෙදා ජීවන රටාවට යලිත් යායුතු බව අමතක කරන්න බැහැ. එනිසාම ඔබට ඒකට ලැහැස්ති වීමර සිදුවෙනවා.

Day 1 – Inbox එක clean කරගන්න, urgent reply කරන්න.
Day 2 – ගිය meetings update වෙන්න, pending task list එක check කරන්න.
Day 3 – සති පුරා හරි plan එකක් සමග deadlines set කරන්න.

සන්සුන් මනසක් ගොඩ නගාගන්න

අවුරුදු නිවාඩුවෙන් පසු, performance එක previous level එකට එන්න ටිකක් වෙලා යයි බොහෝවිට, නමුත් දැන්ම පුරුදු වෙන විට ඔබට එය පහසු වෙනවා.

මුදල් තත්වය ගැන සොයා බලන්න.

බොහෝවිට අවුරුදු කාල ඉවර වනවිට සල්ලිත් ඉවරයි. නමුත් එයේ එසේම විය යුතු නැත. අවුරුදු ඉවර වුනාට පස්සේ මුල්‍ය තත්වය යලිත් ගොඩ නගා ගන්න පියවර තියන්න ඕන අවුරුදු වලට කලින්. මුදල් ටිකක් වෙනම තියා ගන්න අවුරුදු ඉවර වෙලා එදිනෙදා ජීවිතයට පිවිසෙන්න. සමහර මිනිසුන්ට ගමේ ඉදල නගරයට එන්න වත් සල්ලි නැහැ අවුරු කාල ඉවර වුනාට පස්සේ. එනිසාම යම්කිසි පිළිවෙලක් දාගන්න එනම් මුදල් ටිකක් වෙන් කර තියන්න අවුරුදු කාල ඉවර වෙලා ආවම ගන්න පුළුවන් වෙන විදිහට. අතේ තියෙන හැම සතේම ඉවර කරන්න එපා.