අද වන විට කතාබහට ලක්වෙලා තියෙන මාතෘකාවක්, අම්මලාගේ රැකවරණයෙන් ගිලිහුණු දරුවන් කරදරේ වැටෙන ආකාරය මෙන්ම මෙම තත්වය මග හරවා ගන්නේ කොහොමද අපි කතා කරමු.
අපි අම්මාවරුන්ගේ දිනය එලබෙන්නට නියමිත මෙම සතියේ මව දරුවා අතර තිබෙන බැදීම ශක්තිමත් කරගන්නා ආකාරය ඔබත් සමග බෙදා ගන්නවා.
අද අම්මලා පුරුදුවෙලා තියෙන්නේ දරුවන්ට කන්න බොන්න දීලා පාඩම් කරන්න කියන්නයි.එතනින් ඔබ්බට දරුවන්ගේ රැකවරණය ගැන සොයාබැලීමක් නැහැ.
1.අම්මා දරුවන් සමග කතාබහ කිරීමේ වැදගත්කම
දරුවන්ට කන්න බොන්න දීල පහසුකම් සැපයීම පමණක් නොව, අම්මා කෙනෙක් වශයෙන් දරුවන් සමග කතා කිරීම කොතරම් වැදගත්ද?
කතාබහ යනු එදිනෙදා දරුවන්ගේ දවස ගතවුණේ කොහොමද? ඔවුන්ට පාසලේදී පන්තියේදී මුහුණදීමට සිදුවුන දෙවල් මොනවාද? යන්න ඔවුන් සමග සුහදව කතාබහ කර අසා දැනගැනීමයි.
මෙමගින් ඔබේ දරුවාගේ එදිනෙදා වැඩකටයුතු පිළිබද මවක් ලෙස ඔබට අදහසක් ගන්න පුළුවන් මෙන්ම දරුවන් සමග කතාබහ කිරීම තුලින් ඔබට දරුවන්ට සමීප වීමට සහ ඔබට දරුවන්ගේ හොදම මිතුරිය ලෙස ඔවුන් සමග ගත කිරීමට හැකිවනු ඇත. එබැවින් ඔබ මවක් ලෙස දරුවන්ට කතාබහ කිරීම ඉතා වැදගත්ය.
2. මවක් ලෙස ඔබ නිතරම දරුවන් ගැන සැලකිමිමත් වන්න.
දරුවන් යන්නේ කොහෙද? ඇසුරු කරන්නේ කව්රුන්ද? මෙන්ම ඔවුන්ගේ හැසිරීම් රටාව මානා අවදානයකින් පිරික්සිය යුතුය.
මෙය ඉතා වැදගත් වන්නේ, නව තාක්ෂණයේ දියුණුවත් සමග දරුවන් දුරකථනයට , පර්ඝනකයට යොමුවිම තුළ එය හොදම මිතුරා කරගන්නට යොමුව ඇත. එම හේතුව නිසා දරුවන් වැරදි ඇසුරට යොමුවීමට , වැරදි ක්‍රියාවල නිරතවීමෙහි වැඩි ප්‍රවණතාවයක් ඇත. එම නිසා දරුවන්ගේ සුළු වෙනස්වීමක් වුවත් මවක් ලෙස ඔබ හදුනාගැනීම ඉතා වැදගත්ය.
අනෙක් කරුණ නම් ,දරුවන් නිතරම තම කාමරය තුල තනිව සිටිනවානම් ඔවුන් කාමරය තුල කරනදේ ගැන මවක් ලෙස ඔබ අවධානය දිය යුතිය.
3. දරුවන්ගේ කායික මෙන්ම දරුවන් මානසිකවද රැකබලා ගැනීම.
දරුවන්ට කෑමබීම , අධ්‍යාපනය පමණක් නොව දරුවන්ව ආගමට දහමට යොමුකරවීම දරුවාගේ මනස සංවර්ධනයට ඉතා වැදගත්ය.එතුලින් දරුවන් ගුණයහපත් දරුවන් ලෙස වර්ධනය වේ. එබැවින් දවසේ විනාඩි කිහිපයක් හෝ දරුවන් ආගමික වතාවත්වලට යොමුකරවීම මවක් ලෙස ඔබ වගබලා ගන්න.
4. දරුවන්ගේ සමීපතම මිතුරන් කවුරුන්ද? ඔබ ඒ ගැන දන්නවද?
දරුවන් යහපත්ව හෝ අයහපතව ගොඩනැගීමට මිතුරන් ප්‍රබල ලෙස බලපෑම් කරයි.එමනිසා ඔබ නිතරම දරුවන් ඇසුරු කරන පුද්ගලයන් ගැන අවධානය යොමු කළ යුතුය.
දරුවන් දුරකථනය හරහා පවත්වන නාදුනන සම්බන්ධතා මගින් ඔවුන්ගේ ජිවිත වලට පවා හානියක් සිදුවිය හැකිය, එබැවින් මුලින් සදහන් කළ ආකාරයට දරුවන්ගේ හොදම මිතුරියක් ලෙස දරුවන්ට සමීපවන්න.
අම්මා වරුන්ගේ දිනය එළබෙන මෙම සතිය තුල මවක් ලෙස ඔබේ දරුවා අරක්ෂකරගන්නේ කොහොමද? දරුවන්ට මිතුරියක් ලෙස ඔවුන්ට සමීප වන්නේ කොහොමද? ඔවුන්ව යහපත්ලෙස ගොඩ නගන්නේ කොහොමද? යන්න කියලා දෙනවා.
ගෙටත් අපි මෙවැනි වටිනා උපදෙස් ඔබට අපි ගෙන එනවා.දිගටම එකතු වන්න liya.lk සමග.