women entrepreneurship | ඔබ ස්වයං රැකියාවක් පටන් ගන්න ද ඉන්නේ? , පටන් ගන්න බයක් තියෙනවාද ?
එන්න හිතට දිරියක් ගන්න මෙක කියවමු!
“ඔබ කාන්තාවක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් පටන්ගත්තොත් ඔබගේ ආදරය, විශ්වාසය සහ ජීවිතය ගැන තීරණ ගැනීම සෘජුවම ඔබේ අතේ”
ඔබ දන්නවාද ස්වයං රැකියාවක් කියන්නෙ මොකක්ද කියලා (women entrepreneurship)
තමන්ගේ ආසාව හා හැකියාව පාදක කරගෙනආදායමක් උපයා ගැනීමයි.ගොඩක් ස්වයං රැකියා නිවසේ ඉඳන්ම කරන්න පුළුවන්.
දැන් අපි බලමු ස්වයං රැකියාවක් කිරීමේ වාසි මොනවාද කියලා?
පළමු සහ විශේෂම දේ ආර්ථික නිදහස
ඔබ කාන්තාවක් ලෙස විශේෂයෙන්ම විවාහකව සිටියදීී ස්වයං රැකියාවක නියලෙන්නේ නම් තමපවුලේ ආදායමට දායක වීමට හැකියාවක් ඇත.තමන්ගේ පවුලේ අය මත හෝ ස්වාමි පුරුෂයා මත හා අන් අය මත යැපි ඉන්න ඔන වෙන්නෙ නෑ.තමන් වැඩිපුරම දක්ෂ සහ උනන්දුවෙන් කරන්න කැමති දෙයක් තියෙනවා නේද ?
ඔව් අනිවාර්යයෙන් හැම කාන්තාවකටම තමන්ට ආවේණික වුන තමන් කරන්න වැඩියෙන්ම කැමති දෙයක් තියෙනවා.
ඒ වගේ තමන්ට පුළුවන් තමන්ගේ දක්ෂතාවය යොදා ගෙන ඔනෑම ව්‍යාපාරයක් පටන් ගෙන ගොඩනගාගෙනගොස් එය ආදායමකට මාරු කර ගන්න.
ඔබට උදාහරණයකින් පැහැදිලි කළ හොත්,
” එක් අවුරුදු 23ක තරුණියක් හොදින් ඉගෙනගෙන ගණකාධිකාරිවරයෙකු ලෙස එක්තරා ආයතනයක සේවය කරමින් සිටිද්දී, ඇය එයාගෙ යළුවොන්ට සාරි අන්දන්න , පොඩි පොඩි උත්සවවලට මේකප් කරලා තියෙනවා. එහෙම එහෙම කරලා ඇය අයාතනයේ වැඩ කරන අතරතුර සැලොන් සම්බන්ධයෙන් පාඨමාලවක් හදාරලා යළුවොන්ගේ විවාහ උත්සවය මනාලියන් හැඩගැන්වීම් සිදුකර ඇත. පසුව ඇය වාර්තමානයේ කවුරුත් දන්නා රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.”
බලන්න තමන්ට තියෙන තවත් එක් දක්ෂතාවයක් හා ඒක කරන්න තියෙන ආසාව නිසා අද ඇය හොඳ සුඛෝපභෝගී ජිවිතයක් ගත කරනවා.තමන්ට තියෙන දක්ෂතාවය ආසාව ගැන ඉස්සලාම තමන් දැනගත යුතුය.
සමාජට ආදර්ශවත් කාන්තාවක් විම
අද වර්තමානයේ හුඟක් කාන්තාවන්ට වෙනත් කාන්තාවක් උදාහරණයට ගන්න පුළුවන්. මම කලින් ඉහත සදහන් කළ උදාහරණයද ඒ වගේ එකකි.
දැන් වර්තමානයේ හුඟක් කාන්තාවන් තමන්ගේ ශක්තියෙන් ගොඩනැගුණු අය ඉන්නේ.
ඔබ දන්නවාද ? කාන්තාවකට ස්වයං රැකියාවක් පටන් ගැනීමේදී අභියෝග රාශියකට මුහුණ දීමට වෙනවා
ස්වයං රැකියාවක් පටන් ගැනීමේදී ඉස්සල්ලාම ඇතිවන්නේ මුදල් ප්‍රශ්නයයි.
කාන්තාවක් ස්වයං රැකියාවක් පටන් ගැනීමේදී පවුලේ හෝ ස්වාමිපුරුෂයාගේ අකමැත්ත ප්‍රකාශ විය හැකි බව ඔබ පිළිගන්නේද? අවට අයගෙන් හා තමන්ගේ ඥාතීන්ගෙන් “ඕක හරියන්නෙ නෑ” යනුවෙන් කිසියම් දෙයක් පටන් ගැනිමට පෙරම ඇනුම් පද රාශියක් අසන්නට වේ.
තමන් තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගැනීමේ දී තමන්ගේ විශ්වාසය සාදා ගැනීම සඳහා ව්‍යාපාර පුහුණු වැඩසටහන් සහ කාන්තා සංවිධානවල සහාය ලබා ගැනීමට ඉතා විශාල වාතාවරණයක් අද සමාජයේ තිබේ. ඔබ දන්නවාද ? ඔබට ඇති තනිය, මානසික ප්‍රශ්න සියල්ලට තමන් තමන් තමන් ආස තමන්ගේම ව්‍යාපාරයක් සිදුකිරීමේදී එම කාන්සි ගති මානසික ප්‍රශ්න පහව යන බව.
විශේෂයෙන් විවාහක කාන්තාවක් ස්වාමිපුරුෂයා රැකියාවට ගිය විට තනියෙන් ගෙදර සිටීමෙන් ඇයට යම්කිසි මානසික බාධාවක් , ව්‍යාකූලතාවයක් ඇතිවය හැක.
එම මානසික බාධාවන් තුරන් කර ගැනීම සඳහා තමන් කැමති ඕනෑම කුඩා ව්‍යාපාරයක් තම ගෙදරදීම පටන් ගැනීම මගින් විශාල මානසික හා ආර්ථික නිදහසක් කාන්තාවන්ට ලැබිය හැක.
ස්වයං රැකියාවක් යනු, නිදහසක්, හැකියාවක් සහ අභියෝගයකි.
කාන්තාවක් වශයෙන් ස්වයං රැකියාවක නියැලි, තම පවුලේ හා දරුවන්ගේ සියලුම වැඩ කටයුතු කරමින් ජීවිතය සාර්ථකව ගෙනයාම ඉතාමත් අමාරු අභියෝගයකි. නමුත් තමන් විසින් සියල්ල කළමනාකරණය කරගෙන ඉදිරියට යාම ලොකු ජයග්‍රහණයකි.
තම මනස පාලනය කරගන්න පහත ක්‍රියා අනුගමනය කරන්න පුළුවන්,
1.) දවසේ තමන්ට කිරීමට ඇති කාර්යභාරයන් සැලසුම් කර ලැයිස්තු ගත කොට කටයුතු කිරිම
2.) ප්‍රමුඛතා හඳුනා ගෙන කටයුතු කළ යුතුයි. විවාහක කාන්තාවක් නම් ස්වයං රැකියාවක යෙදීමේදී නිශ්චිත වෙලාවක් තුළ එම වැඩ කටයුතු අවසන් කිරීම සිදුකළ යුතුයි. එලෙස කාලය කළමනාකරණය කොට වැඩ අවසන් කිරීමෙන් පවුලේ අනෙකුත් වැඩ කටයුතු පිළිබඳව සොයා බලා
එවා සිදුකළ හැක.
3.) තම මනස පාලනය කිරීමේ විශේෂම දෙය වන්නේ තමාට කාලය වෙන් කර කටයුතු සිදු කිරීමයි. සෑම දවසකම දවසෙන් මිනිත්තු කිහිපයක් තමන්ට ලබා ගැනීම මගින් සියලු කාර්යභාරයන් නිසිලෙස සිදු කර ගැනීම සඳහා තමන්ට ඉමහත් දායකත්වයක් වෙයි.
4.) කාන්තාවක් වශයෙන් මානසික සෞඛ්‍ය පිළිබඳ තැවෙනවා වගේම ශාරීරික සෞඛ්‍ය පිළිබදව සොයා බැලීම ඉතාමත් වැදගත් වේ. කාන්තාවක් වශයෙන් ශරීරයට සහ මනසට අවශ්‍ය සුදුසු නින්දක් දවසේ එක් වෙලාවකදී අනිවාර්යෙන් ගත යුතුය.
5.) තමන් තනියෙන් දෙයක් කරද්දී තමන් නොදන්න දෙයක් සම්බන්ධයෙන් පවුලේ අයගේ, මිතුරන්ගෙන් උදව් ලබා ගැනීම වැදගත්ය. එයින් තමන්ට මානසික සහයක් අත් වේ.
6) කාන්තාවන් සදහා
පුහුණු වැඩමුළු හෝ උපදේශකයෙකුගේ මඟපෙන්වීමද අද වර්තමාන සමාජය තුල දක්නට ලැබෙනවා. ඒවාට සහභාගී වීමෙන් ඔබට සහයෝගයක් සහනයක් ලබා ගත හැක.
කාන්තාවක් වශයෙන් ඔබ ඔබගේ මනස පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්ය.
කාන්තාවක් වශයෙන් මානසික පිීඩනයන්, සමාජ බලපෑම්, ආර්ථික ආතතිය, සහ අනිත් අය මත රඳා සිටීමෙන් ඇති වන අපහසුතා සෑම දිනයකම යළි යළිත් අපට අසන්නට ලැබෙන දෙවල් වේ. ඔබත් ඒවායින් පීඩා විඳින යමෙක් නම් එවා සියල්ල මගහැරවා ගැනීම සඳහා තමන්ගේ මනසට හිතට සවන් දී තමන් කවුරුන්ද යන්න අවබෝධ කරගෙන ජීවිතයට මුහුණ දෙන්නේ නම් කාන්තාවක් වශයෙන් ඔබට ජීවිතය ජය ගනීමට හැක.
“මට හැකියි, මට තියෙනවා ආදායමක්” කියන හැඟීම මනසට ශක්තියක්.
විශ්වාසය සහ අභිමානය ගොඩනගා ගැනීම කාන්තාවක් වශයෙන් කොච්චර වැදගත්ද යන්න ඔබ දන්නවාද?
“මම මේක කොහොම හරි කරනවා!” කියන එක හැම වේලෙම ඔලුවේ තියාගැනිම වැදගත් දෙයකි.
විවාහයට පෙර කාන්තාවක් ලෙස ස්වයං රැකියාවක් ආරම්භ කිරීමේ වැදගත් කම් ඔබ දාන්නවාද?
විවාහයට පෙර කාන්තාවක් වශයෙන් කිසියම් ස්වයං රැකියාවක නියැලීමෙන් ජීවිතය සාර්ථක සහ ආර්ථික වශයෙන් ස්ථාවර කාන්තාවක් වීමට හැකිය.
විවාහයට පෙර ස්වයං රැකියාවක් කිරීමේ වාසි
- ආර්ථික නිදහස
විවාහය පසුව ආර්ථිකව ස්ථාවරයක සිටීම පහසු වේ.අර්බුද මොහොතකදි “මට ආරක්ෂාවක් තියෙනවා” කියන හැඟීම.
- ව්‍යාපාරයක් ආරම්භ කළ කාන්තාවක් වශයෙන්
තමන්ට ඇති අලුත් හැකියාවන් හදුනා ගැනිම, කාර්යබාරයන් කළමනාකරණය කිරීම සහ පීඩාකාරී තත්ව වලදි ඒවාට මුහුණ දිම යන ශක්තියන් වර්ධනය වීමෙන් විවාදයට පිවිසූ විට එවිට පැමිණෙන ජීවන අභියෝග පහසුවෙන් මුහුණ දීමට හැක. - තමාගේ හෝ දරුවන්ගේ අනාගතය සඳහා ආරක්ෂාවක් තිබේ. යම්කිසි හේතුවකට
විවාහය සාර්ථක නොහොත් ඔබට සහ ඔබගේ දරුවන්ට ආදායම් මාර්ගයක් පවත්වාගෙන ගිය හැක. - විවාහයට පෙර ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන්, දිනපතා නව අරමුණු සහ නව දැනුමක් හිමි වේ.
“විවාහයට පෙර ඔබ කාන්තාවක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් ඇති කරගත්තොත්, ඔබගේ ආදරය, විශ්වාසය සහ ජීවිතය ගැන තීරණ ගැනීම හැකියාව සෘජුවම ඔබේ අතේ ය”