සිය දිවි නසා ගැනීම බොහෝ දෙනා අද ලේසිම ක්‍රමය ලෙස තෝරා ගන්නවා.නමුත් මෙය ලේසි ක්‍රමවේදයක් වුවද නිසි ක්‍රමවේදයක් නොවේ.මොන යම් ප්‍රශ්නයක් ආවත් තම ජිවිතයේ වටිනාකම් ඔබ හදුනා ගෙන තිබිය යුතුයි.ඕනෑම මනුෂ්‍ය ජිවිතයකට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?මනුෂ්‍ය ජිවිතයක් දෙන්නත් මනුෂ්‍ය ජිවිතයක් ගන්නත් කිසි කෙනෙකුට හැකියාවක් නෑ.තමන්ගේ ජිවිතයට වටිනාකමක් නොදෙන කෙනා අනුන්ගේ ජිවිත වලටත් වටිනාකමක් කොහෙත්ම නොදෙන බව අපි පිලි ගනිමු.එම නිසා සමාජයක් හැටියට අපි සියදිවි නසා ගැනීම නුසුදුසු ඇයිද යන්න සොයමු.
1.සිය දිවි නසා ගැනීම තෝරා ගත්තද එය ප්‍රශ්න වලට උත්තරයක් නොවෙයි.
බොහෝ අය ලෙහෙසියට පහසුවට ජිවිතයේ ප්‍රශ්න වලින් බේරෙන්න සිය දිවි නසා ගැනීම තෝරා ගනිති.නමුත් එසේ සිය දිවි හානිය තෝරා ගන්න අය ඉතා දරුණු ලෙස දුක් විදින බව ඔබ දන්නවාද ?ජිවිතයේ අවසානය ලගා වන විට එය තමන් සිතුවාට වඩා බෙහෙවින් වෙනස් දෙයක් බව තේරෙන විට පණ නල මිදී ගොස් අවසානය.සිය දිවි නසා ගැනීම ඉතා භයානක මරණයක් බව බොහෝ දෙනා නොදනී.
2.සියදිවී නසා ගැනීමට පෙර තමන්ගේ ප්‍රශ්න විසදීමට තීරණ රැසක් ගත හැක.
බොහෝ අය විවිධ හේතු නිසා කෙටිම උත්තරය තම ජීවිතය නැති කර ගැනීම ලෙස දකියි.නමුත් ඔවුන් සිතිය යුත්තේ ඒ ස්ථානයට ඒමට පෙර තම ප්‍රශ්න විසදීමට හැකි වන ලෙස වෙනත් විසදුම් සෙවීමට උනන්දු වීමයි.
3.සියදිවි නසා ගැනීම තෝරා ගන්න අය බොහෝ විට තීරණය වෙනස් කිරීමට යොමු වේ.
ඉතා දරුණු මරනයක් ලෙස සැලකෙන සියදිවි නසා ගැනීම බොහෝ අය අවසාන මොහොතේ තීරණය වෙනස් කර ගැනීමට පෙලබේ.බොහෝ විට පාලම් වලින් වතුරට පනින්න හෝ කදු වලින් පහලට පනින පුද්ගලයන්ට තම අදහස වෙනස් කිරීමට suicide prevention උපදේශකවරුන්ගේ සහය අවශ්‍ය වේ.ඔවුන්ගේ උපදේශන තුලින් සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි නැතිවී යයි.මිට අමතරව වෙනත් රටවල සියදිවි නසා ගැනීමට පෙලබෙන පුද්ගලයන් හට දුරකථනය තුලින් කතා කල විට ඔවුන්ගේ තීරණය වෙනස් වී තිබේ.
4.සියදිවි නසා ගැනීමට සිතීම උග්‍ර මානසික තත්ත්වයක්.
මානසික රෝගී තත්තවයක් ලෙස සැලකෙන මෙම තත්ත්වය සදහා ප්‍රතිකාර හා උපදේශන අවශ්‍යයි.එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව වටහා ගන්න.සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහල වන විටම ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බව ඔබ තේරුම් ගත යුතුය.මේ අනුව මතක තබා ගත යුත්තේ සිය දිවි නසා ගැනීම කිසිම අවස්තාවක් යටතේ තෝරා ගතු යුතු දෙයක් නොවන බවයි.ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් මෙවැනි පසුබිමක සිටිනවා නම් වහාම ඔවුන්ව උපදේශන සේවා සදහා යොමු කරවන්න.