LV වැනි Brands ගැන ඔබ දන්නේ මොනවාද?
හැමෝම කතා වෙනවා Branded ඇදුම් සහ ආයිත්තම් අදින එක ගැන.නමුත් මේ branded ගැන කීයෙන් කී දෙනාද දන්නේ.Branded කියන එකෙන් අදහස් වෙන්නේ ලෝකයේ සුප්‍රසිද්ධ වෙළද ආයතනයක් වෙතින් නිෂ්පාදිත ඇදුම්,පාවහන්,සුවද විලවුන් වැනි දේ මිලට ගැනීම.නමුත් Brands ගැන දැන ගැනීම වැදගත් Branded ඒවා අදින්න කලින්.අද අපි ඔබට කියන්නට යන්නේ මේ Branded ලෝකයේ ඉදිරියෙන්ම සිටින Louis Vuitton (ලුවී විටෝන්) ගැනයි.
1.ලොව සුපතල LV නාමය ගැන ඔබ දන්නේ මොනවාද?
LV සන්නාමය ඓතිහාසික සන්නාමයක් වන අතර එය ප්‍රංශයේ නිෂ්පාදිතයි.මුල් අවධියේ ගමන් මලු නිෂ්පාදන ව්‍යාපාරයක් ලෙස ආරම්භ කෙරුනද එය පසුව විලාසිතා ලොවේ ඉහලම තලයට පිවිසුණු සන්නාමයකි.LV සන්නාමයට අයත් අත් බෑග, ඇදුම්,හා වෙනත් නිෂ්පාදන රැසක් වෙළදපොලට එයි.LV යනු ඉතා මිල අධික සන්නාමයකි.ශ්‍රී ලංකාවේ මුදල් වලින් LV අත් බෑගයක් ලක්ෂ 4ක් විතර මිල වේ.මෙම සන්නාමය තමන්ට සුවිශේෂ වූ ලාංචනයක් මෙන්ම කැන්වස් වර්ගයෙන් වූ නිමාවක් තම භාණ්ඩ සදහා භාවිතා කරයි.
2.වෙනත් Leading Brands මොනවාද?
ලොව වැඩිපුරම වටිනාකමක් තියෙන සන්නාම ලෙස සැලකෙන්නේ ගූචි (GUCCI ),ශානෙල් (SHANEL ),කාටියර් (CARTIER) වැනි සුපිරි සන්නාම යයි කිව හැකිය.මිට අමතරව විවිධ සන්නාම ජාත්‍යන්තර විලාසිතා ලොවේ දැක ගත හැක.
3.Branded ඒවා පැළද යුත්තේ ඇයි ?
Branded ඒවා අදින විට ඒවායේ වටිනාකම දැන ගෙන ඇදිය යුතුයි.සමහරෙක් එය නොදැනගෙන Branded ඒවා වල අඩු මිලට තියෙන අනුකරණයන් ඇදීමට පුරුදු වෙයි.මෙහි වටිනාකමක් දැන ගැනීමට මෙන්ම ඒවා සුදුසු අවස්ථාවන් කොතනටද යන්න දැන ගැනීමත් වැදගත්.එමෙන්ම එම සන්නාමය තිබෙන අනුකරණ පැලදීම බෝහෝ විට අනුකරණයන් පමණක් බව පෙන්නුම් කරයි.
4.Branded දේ පරිහරණය කිරීම සමහරෙක්ට පිස්සුවක්.
Branded ඒවා ඇදීම විතරක් නෙමෙයි වැදගත් වන්නේ ඒවා උචිත අවස්ථාවකට මෙන්ම තමන්ගේ ජිවන රටාවට,කරන රැකියාවට හා පසුබිමට ගැලපෙන අයුරින් Branded දේ හෝ එහි අනුකරණයන් මිලදී ගැනීම වැදගත් වෙනවා. අන් අයට පේන්නට හෝ විලාසිතාවක් වූ පමණින් Branded Items පැලදීම සුදුසු වන්නේ නැත.එයින් බොහෝ විට පුහු ආටෝපයක් පෙන්නුම් කල හැක.
මතක තබා ගන්න Branded දේවල් පමණක් නැතුව අතේ ඇති මුදලට සරිලන මෙන්ම තමන්ට ගැලපෙනම දේ තෝරා ගැනීම වැදගත් බව.