කුළු බඩු (Spices) පිළිබඳ කතා කිරීමේදී ශ‍්‍රී ලංකාවට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ශ‍්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්විමට මූලික හේතුවක් ලෙස කුළු බඩු නම් කළ හැක. ස්වාභාවික වරායන් සහිත වූ දිවයිනක් වශයෙන් යටත් විජිත වාදීන්ගේ ආකර්ෂණය ශ‍්‍රී ලංකාව වෙත යොමු විය. යුරෝපීයයන්ගේ යටත් විජිතයක්වීමට පෙරද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු (Spices) ලෝක ප‍්‍රසිද්ධ වී තිබුණි. ශ‍්‍රී ලංකාවේ වගා කරනු ලබන කුළු බඩු අතර කරාබු නැටි,කුරුඳු,කරඳමුංගු,සාදික්කා,වසාවාසි,ගම්මිරිස් යන වර්ග සුළු අපනයන බෝග වශයෙන්ප්‍රචලිතව ඇත.මීට අමතරව වැනිලා,කරපිංචා,කොත්තමල්ලි, සූදුරු,මහදුරු,කහ,උළුහාල්,අබ,ඉඟුරු,සේර,ගොරකා වැනි කුළු බඩු ද දේශිය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද පිළිගත් ස්වභාවික ආහාර රසකාරකයන් වේ.
කුරුඳු
ශ‍්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳ ඉතිහාසය යටත්විජිත යුගය දක්වා ඈතට විහිද යයි.Lauraceae කුලයට අයත් කුරුඳුවල ජෛව විද්‍යාත්මක නාමය Cinnamomum Verum නම් වේ.කුරුඳු ශාකයේ වියළාගත් කඳ කොටස කුළු බඩු වශයෙන් භාවිතයට ගනු ලබයි.කුරුඳු ශ‍්‍රී ලංකාවට ආවේණික කුළු බඩු වර්ගයක් ද වේ.ශ‍්‍රී ලංකාවේ කුරුඳු ගුණාත්මක බවින් ඉතා ඉහළ බව පිළිගෙන ඇත.ඈත අතීතයේ දී ඊජිප්තුවේ පාරාවෝ රජවරුන්ගේ රාජකීය අවමඟුල් උත්සවවලදී ,මෘත දේහයට කුරුඳු කුඩු ඉසීමේ චාරිත්‍රයක් තිබුණු බවටද වාර්තා වේ.
කරඳමුංගු
Zingiberaccae කුලයට අයත් ,Elettaria Cardamomum යන ජෛව විද්‍යාත්මක නාමය දරන කරඳමුංගු ශාකය, ස්වරූපයෙන්ඉඟුරු ශාකයට බෙහෙවින් සමාන වේ. කරඳමුංගු ,මැදපෙරදිග ගුණාත්මක බවින් ඉහළ වර්ධනයක් සඳහා ඉතා ඉහළට වැඩුණු ශාකවලින් යුක්ත වියනක් මඟින් නිරන්තරයෙන් සෙවණ සහිත පරිසරයක් පැවතීම හා තෙතමනය රඳා පැවතීම,අත්‍යවශ්‍යය සාධකයක් වේ.නිසිලෙස පැසුණු කරඳමුංගු, එකින් එක අතින් නෙළාගත යුතුවන අතර කර්මාන්තශාලා තුළ වියළා අපනයනයට සකසනු ලබයි.ශ‍්‍රී ලංකාවේ පුඩිං වර්ග සහ වටලප්පන් රසවත් කිරීමට කරඳමුංගු විශේෂයෙන් යොදා ගනු ලබයි.
කරාබු නැටි
කරාබු නැටි ශාකය,ඔලිව් ශාකයට බෙහෙවින් සමාන බවක් දක්වයි.එහෙත් යම් වෙනසකට ඇත්තේ කරාබු නැටි ශාකයේ ශාකපත්‍ර ප්‍රමාණය බහුලවීමයි.Myrtaccae කුලයට අයත් Syzigium Aromaticium යන ජෛව විද්‍යාත්මක නාමය දරන කරාබු නැටිවල ,අස්වැන්න ලෙස නෙළාගනු ලබන්නේ එහි පොහොට්ටුය.තද දුඹුරු පැහැයක් වන තෙක් වියළාගත් මෙම කරාබු නැටි කුඩු වශයෙන් ද භාවිතා කරනු ලබයි.ආහාර පිසීමේදී කරාබු නැටිවලින් සුවඳවත් බව මෙන්ම ආහාර ජීර්ණය පහසු කරවීම ද බලාපොරොත්තු වේ.එමෙන්ම මුඛය අශ්‍රිත රෝග විශේෂයෙන් දත් කැක්කුම සඳහා විශිෂ්ට ඖෂධයක් වශයෙන්ද කරාබු නැටි භාවිතා කරනු ලබයි.
සාදික්කා
ස්වරූපයෙන් සාදික්කා, වැල් දොඩම්වලට සමානවේ.වියළාගත් එහි බීජය සහ බීජ ආවරණය වීදුරු බෝලයකට සමාන වේ.Myristica Fragrans යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සාදික්කා, Myristicaceae කුලයට අයත් ශාකයකි.වියළාගත් සාදික්කා බීජය මෙන්ම බීජ ආවරණය ද කුඩු වශයෙන්,කුළු බඩු වර්ගයක් ලෙස භාවිතා වේ.
ගම්මිරිස්
Piperraceae කුලයට අයත් Piper nigrum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගම්මිරිස් ශාක, ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ ද හොඳින් වගා කළ හැකි බෝගයකි. මනාව පැසුණු ගම්මිරිස් කරල් මඳ පවනේ වියළා ගැනීමෙන් කළු පැහැයකට පත්වන අතර කුඩු,කැබලි මෙන්ම බීජ වශයෙන් ද ආහාරයට ගනු ලබයි.දේශීය මෙන්මවිදේශීය ආහාර වට්ටෝරු රසවත් කිරීමට ගම්මිරිස් අත්‍යවශ්‍ය කුළු බඩු වර්ගයක් බවට පත්ව ඇත.



කුළුබඩු (Spices) භාවිතයෙන් සාදන ලංකාවට ආවේණික ආහාර
ශ්‍රී ලාංකේය ආහාර පිසීම කුළුබඩු (Spices) මත දැඩි ලෙස රඳා පවතින, විවිධ රසවල විචිත්‍රවත් සංකලනයකි. දිවයිනේ සූපශාස්ත්‍ර උරුමය එහි කුළුබඩු සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර, සෑම කලාපයක්ම එහි අද්විතීය කුළුබඩු මිශ්‍ර සහ කෑම වර්ග පිරිනමයි. කුළුබඩු (Spices) රස සඳහා පමණක් නොව, ආයුර්වේදයේ මුල් බැසගත් සම්ප්‍රදායක් වන ඖෂධීය ගුණ සඳහා ද භාවිතා වේ.
තුන පහ: තුන පහ වර්ග 2ක් වේ. එන්ම් බැදපු සහ අමු තුන පහ වේ. අමු තුන පහ, එලවළු පිසීමට ද, බැදපු තුන පහ මස් මාළු පිසීමට ද යොදාගැනේ.
පොල් සම්බෝල: ගාන ලද පොල්, මිරිස්, දෙහි යුෂ සහ ලුණු වලින් සාදන ලද මෙම සුවිශේෂී ශ්‍රී ලාංකේය ආහාරය, කළු ගම්මිරිස් පදමට එක් කිරීමෙන් එහි සුවිශේෂී රසය ලබා ගනී. කුළු බඩු සරලම කෑම වර්ගවල පවා රසය වැඩි කරන ආකාරය පිළිබඳ පොල් සම්බෝල කදිම නිදසුනකි.
බත් සහ ව්‍යංජන: ශ්‍රී ලාංකීය ප්‍රධාන ආහාරය වන බත් සහ ව්‍යංජන සෑදීමේදී දිවයිනේ කුළුබඩු (Spices) විවිධත්වය අපූරුවට විදහා දක්වයි. කුකුල් මස් ව්‍යංජනයේ සිට පරිප්පු හා එලවළු පිසීම දක්වා, කුළුබඩු භාවිතා කෙරේ.
ශ්‍රී ලාංකික කුළුබඩු (Spices) වලට ජාතික වෙලඳ පොළේ විෂාල ඉල්ලුමක් ඇත. එපමණක් නොව, සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරයේ නැගීම කුළුබඩු ආශ්‍රිත ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුවී තිබේ. දිවයිනට පැමිණෙන අමුත්තන්ට කුළුබඩු උද්‍යාන ගවේෂණය කිරීමට, සාම්ප්‍රදායික වගා ක්‍රම ගැන ඉගෙන ගැනීමට සහ ඉවුම් පිහුම් පන්ති සහ ආහාර චාරිකා හරහා ශ්‍රී ලංකාවේ රසයන් අත්විඳිය හැකිය.