“සුදු වුනොත් ලස්සනයි කියන මිතියට සමුදෙමු” ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලායට (Shefali Jariwala) මොකද වුනේ ?
සමාජ මාධ්‍යය මඟින් ඇතිවන රූප සදාචාර පීඩනයන් සහ කාන්තා සමාජය තුළ අපූරු ව්‍යාකූලතාවක් ඇති කරන බව ඔබ පිළි ගන්නේ ද?
ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලාගේ වෛද්‍යවරයා NDTV වෙත තහවුරු කළේ ඇය පසුගිය වසර 8 කට ආසන්න කාලයක් වයස්ගත වීම නැවැත්විම සදහා ප්‍රතිකාර ලබාගෙන තිබූ බව මේ වන විට කතා බහට ලක්වන ප්‍රවෘත්තියකි.සම පැහැය වැඩිදියුණු කිරීමට භාවිතා වන ග්ලූටතයෝන් සහ විටමින් සී අඩංගු වී තිබූ බව ද වාර්තා වෙයි.
කාන්තාවක් විදියට ඔයා මෙවැනි ක්‍රියා වලින් වැළකි සිටිමට සිතට ගත යුතු කරුණු මොනාද?
සමාජ මාධ්‍ය පීඩනයට ඇලෙන්න එපා!
අද සමාජ මාධ්‍යයේ දැන් තියෙන්නෙ filter සහ edit කළ කාන්තා සිරුරු විතරයි. එවා බලලා ඔයාත් හිතනවා නේද “මමත් මෙහෙම වෙන්න ඕනෙ” කියලා ?
කාන්තාවක් විදියට ඔබ යාථාර්තය හා සමාජ මාධ්‍යය වෙන් කර හඳුනාගත යුතු වෙනවා.
ඔබ දන්නවාද චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දීරා කහවිට මහත්මිය කියලා තියෙනවා
“පෞද්ගලික සායන රැසක නිතරම ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය නිසා රෝගී තත්ත්වයකට පත්වන කාන්තාවන් නිතරම ප්‍රතිකාර සඳහා එනවා.”
සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් ගත කරන්න පහසුම දේවල් තියෙනවා ඔබ ලග.
Anti-aging හෝ whitening ප්‍රතිකාර වලට වඩා ගෙදර ඉදන්ම ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
1.නිසි නිදාගැනීමක්
2.වයසට අදාළ ලෙස ව්‍යායාම කිරිම
3.ප්‍රමාණවත් ජල පාන කිරිම
4.වියළි හා රසායනික ද්‍රව්‍ය වලින් වැළකි සිටිම
5.සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනිම
6.මානසික ආරක්ෂාව සහ ශාන්තිමත් මනසක්
7.දුම්පානය වැනි අවාසියි පුරුදු වලින් වළකිම
8.ශාක ආශ්‍රිත ආහාරයට වැඩි ප්‍රමුඛත්වය
කාන්තාවක් විදියට ඔබට තියෙන්න ඔන වැදගත්ම දේ මොකක්ද ?
Self-respect සහ self-confidence කියන දෙක.
හොදින් මතක තබා ගන්න ඔබේ වටිනාකම තීරණය කරන්නේ වර්ණය හෝ සිරුරේ හැඩය නොවේ.
“ඔබේ වටිනාකම වෙන කෙනෙකු තීරණය කරන්නේ නෑ. ඒක ඔබ තීරණය කරන්න ඔනේ. ඔබ ඔබට ගරු කරන්නේ නැත්නම්, වෙන කවුරුවත් එහෙම කරන්නේ නෑ.”
සිරුරේ පාට හෝ සිරුරේ හැඩය කිසි විටවත් ඔබගේ වටිනාකම තීරණය කරන්නේ නෑ. ඔබේ වටිනාකම තීරණය වන්නේ ඔබේ ආචාර, හැසිරීම සහ සමාජයට ඔබ දෙන්නා වූ වටිනාකම් වලිනි පමණි.
ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රාවණ පාවිච්චි කිරීමෙන් කාන්තාවක් විදියට ඔබට බොහෝම හානි දායක තත්ත්ව ඇති විය හැකි බව ඔබ දන්නේ ද?
අධික රසායනික අංග සහිත whitening creams, fairness serums, peeling agents ආදී ද්‍රව්‍ය සම දිරායාම් ඇති කරනවා.
නීතිවිරෝධී steroids, mercury, hydroquinone වැනි ද්‍රව්‍ය මගින් සමෙහි ස්වභාවික ආරක්ෂණය බිඳ දැමීම ද සිදු කරයි.
රූපය කියන්නේ තාවකාලික දෙයකි, නමුත් සෞඛ්‍යය සහ විශ්වාසය තමා සෑමදාමත් ඔබව ලස්සන කරන්නෙ!
ප්‍රමිතියක් සහිත රූපලාවන්‍ය අලේපනයක් ගද්දි බැලිය යුතු දේවල් මොනාද කියලා ඔබ දන්නවාද?
- ආලේපනය නිෂ්පාදනය කරන ආයතනයක් තිබිය යුතුයි.
- ආයතනයේ දුරකථන අංකයක්,ස්ථානයක් තිබිය යුතුයි.
- ආලේපනය තුළ තිබෙන ද්‍රව්‍ය අඩංගු ලයිස්තුවක් තිබිය යුතුයි.
- ආලේපනය නිෂ්පාදනය කෙරු දිනයක් සහ කල් ඉකුත් වන දිනයක් තිබිය යුතුයි.
ඇයි කාන්තාවන් වශයෙන් ඔබ සම සුදු කරගන්න ඔච්චර උත්සහ කරන්නේ ඇයි?
තමන්ගේ ජීවිතයටද හානි සිදුකරගෙන මෙලෙස සමේ පාට සහ ශරීර හැඩය වෙනස් කරගන්න ගැනීමට ඇතැම් කාන්තාවන් පෙළෙඹෙන හේතු රාශීයක් තියෙනවා.
ඔබත් ඔබගෙන් ප්‍රශ්න කරලා බලන්න මේවා!
- තමන් ප්‍රිය කරන ප්‍රසිද්ධ කාන්තාවකගේ පෙනුම ලබා ගන්න හදනවා නේද?
- තම මිතුරියන්ගේ සමය වර්ණය සහ ශරීරයේ හැඩය පිළිබඳ කනස්සල්ලක් ඇති කරගෙන තමන්ගේ ශරීරය වෙනස් කරගන්න ඔනේ කියලා හිතනවා නේද ?
- කළු කාන්තාවන්ව සමාජයෙන් කොන් වෙනවා කියන මතය ඔළුවට අරන් ගොඩක් සමේ වර්ණය අදුරු කාන්තාවන් සුදු වෙන්න දගලනවා නේද?
- ප්‍රධානයෙන්ම පිරිමි අයගේ ආකර්ෂණය වැඩියෙන්ම සුදු කාන්තාවන්ට යන්නේ යැයි කියන මතය මත , සුදු වෙන්න කුමන හෝ දෙයක් ගාලා පිරිමින්ගේ ආකර්ෂණය දිනාගන්න හදනවා නේද?
- පවුලේ හෝ මිතුරියන්ගෙන් තමන් කළුයි කියන උසුළු විසුලු වලට ලක් වෙලා සුදු වෙන්න දගලනාවා නේද?
- ප්‍රධානතම කාරණය ‘සමේ සුදු පැහැය’ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධවීමට තියෙන ලොකුම මඟ විදියට හිතනවා නේද?
- තමන්ගේ මංගල දිනයට පෙර ගොඩක් කාන්තාවන් සුදු වෙන්න දඟලනවා නේද?
- මෙම ප්‍රශ්න ඔබටත් තිබෙනවා නේද?
- තමන්ට උපතින් ලැබුණු වර්ණය පිළිබඳ මෙච්චර කනස්සල්ලකට ලක් වෙන්නේ ඇයි?
ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය දේවල් භාවිත නොකොට ඇයි අපිට බැරි උපතින් ලැබුණු සම ගැන සතුටු වෙලා ජීවිතය ගතකරන්න.
අද අපි විඳින විශාලතම පීඩනයක් තමයි ‘ලස්සන’ කියන සංකල්පය වෙනුවෙන් අපේ ස්වභාවිකත්වය බිලි දෙන එක.