මාලනී (Malini Fonseka) මහත්මිය – ලාංකේය සිනමාවේ නිළි රැජින

Malini Fonseka
Malini Fonseka

මාලනී (Malini Fonseka) මහත්මිය සහ විජය කුමාරණතුංගයන්ගේ ප්‍රේම කතාව මුළු ලංකාවම දන්නවා. ලංකාවම ඒ දෙන්නටම ආදරය කරා. නමුත් එකපාටරටම ඔහු චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියව විවාහ කරගන්නවා. රවින්ද්‍ර රන්දෙණිය මහතා කියලා තියෙනවා විජය , චන්ද්‍රිකා මංගල ජායාරූපය පත්තරේ දැකපු මාලනි අධික කම්පනයකට ලක් වුණා කියලා.

ඇය වාහනයට ගිහින් ටික වෙලාවක් ඉඳලා නැවත ඇවිත් රූගත කිරීම් වලට සහභාගි වුණා කියලා. නමුත් මාලනි (Malini Fonseka) මහත්මිය ජීවතුන් අතර ඉන්න කාලය තුළදි ඇය සහභාගී වුණ සමහර වැඩසටහන් වලදි විජය කුමාරණතුංගයන් ගැන අහන හැම වෙලාවකම ඇය ඔහු ගැන කියන්නේම ආදරණීය දේවල් විතරයි. විවාහයටත් සූදානම්ව ඉඳලා ඒකත් නතර වෙලා, තමන්ගෙ ආදරණීයම පෙම්වතත් අහිමි වුණ ඇයගෙ හිතේ මොනතරම් දරුණු වේදනාවක් දුකක් තියෙන්නට ඇතිද කියලා ගෑණු අපි අමුතුවෙන් වචන කළ යුතුද..?

අවංකවම ආදරය කරපු කාන්තාවක් විදියට, තමාට තම පෙම්වතාගෙන් හිමි වූ සෙනෙහස, ආදරය , ගෞරවය, අවධානය සියල්ලම වෙනත් කාන්තාවකට හිමි වෙන අයුරු බලාගෙන ඉන්න වෙනවා කියන්නේම මොන තරම් කටුක අත්දැකීමක් වෙන්නට ඇතිද.. නමුත් ඇය ඔහුට අවමන් කළේ නෑ,නින්දා කළේ නෑ. ඉතින් ඇය ශ්‍රෙෂ්ඨ ගෑණු ආත්මයක් නෙමෙයිද..?

චන්ද්‍රිකා මහත්මියට නීත්‍යානුකුලවම ඔහුව හිමි වුණා. ඔහුට දාව දරුවන් වැදුවා, හැදුවා. මුළු ලංකාවක්ම ඇය ඔහුගේ බිරිඳ බව දන්නවා. නමුත් විජය කුමාරණතුංගයන් ගෙ නම කියවෙන හැම තැනකම මාලනියගෙ (Malini Fonseka) නම ඈඳුණා, ගෑවුණා. මිනිස්සු හැමදාම දැක්කෙත්, අදටත් දකින්න ආසත් විජය- මාලනි ව මිසක, විජය- චන්ද්‍රිකා නෙමෙයි. නිතර සංසරණය වන ජායාරූප වුණත් බලන්න.. චන්ද්‍රිකා විජය ඉන්න ජායාරූප ද ඔබ වැඩිපුරම දකින්නේ..?

චන්ද්‍රිකා මහත්මිය කියන්නෙ රාජ මාළිගයකින් එළියට බැහැලා තම පෙම්වතා වෙනුවෙන් ගෙන්දගම් පොළොවට පය ගහපු අපූරුම පෙම්වතියක් වුණත් කවුරුත්ම ඇයව එහෙම දැක්කේ නෑ. මොකද ඊට වඩා ඉහළින් අහස පුරා හැම තැනකම විජය මාලනි (Malini Fonseka) නම රැව් පිළි රැව් දුන් නිසා. ඒ සියල්ල ඉවසගෙන, හරියට තේවානිය වගේ ඒ සියල්ල දරාගෙන මාලනිය රෝගී වූ අවස්ථාවේදි ඇයට උපරිම උදව් කරපු ඇයත් ශ්‍රෙෂ්ඨ ගෑණු ආත්මයක් නෙමෙයිද..?

පළමු කර්තෘ – පූර්ණිමා බණ්ඩාර

LIYA.LK