🩸 ඔසප් සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය අතර සබඳතාවය

mental health
mental health

ඔසප් වීම, යනු කාන්තාවන්ගේ සෞඛ්‍යයේ සාමාන්‍ය ක්‍රියාවලියකි. නමුත් බොහෝ දෙනා එය භෞතික සිදුවීමක් ලෙස පමණක් සලකයි. ඔසප් වීම තුළ ඇතිවන හෝමෝනික වෙනස්කම් මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපායි. මෙය වඩා හොඳින් තේරුම් ගත හැක්කේ ඔසප් චක්‍රය හා එහිදී සිදුවන මනෝභාව වෙනස්කම් හඳුනා ගැනීමෙන් ය. .

🧬 හෝමෝන සහ මනස
ඔසප් චක්‍රයේදී estrogen, progesterone, testosterone වැනි හෝමෝන මට්ටම් අඛණ්ඩව වෙනස් වේ. මෙම හෝමෝන, serotonin සහ dopamine වැනි මනසට (mental health) බලපාන මොළයේ රසායනික ද්‍රව්‍යවල මට්ටම් වලටද බලපායි. මෙය කාන්තාවන්ට:

  • අපහසු හැඟීම්
  • මනෝවිකාර
  • ක්ෂණික කෝපය
  • අධික විවේක අවශ්‍යතාව
  • ලෙඩ වැනි ලක්ෂණ පෙන්වයි.

මෙයට හොඳ උදාහරණයක් වන්නේ සතුටේ රසායනයක් ලෙස සැලකෙන serotonin ඔසප් කාලයේදී මට්ටම අඩුවීම නිසා තද කනස්සල්ලක් සහ නිදා වැරීමක් වැනි ගැටලු ඇතිවිය හැක.

මානසික තත්වයන් වැඩිවීම
ඔසප් චක්‍රය තුළදී දැනට පවතින මානසික රෝග තත්වයන් (අවපීඩනය, භීතිය, bipolar disorder වැනි) වැඩි විය හැක. මෙය Premenstrual Exacerbation (PME) ලෙස හැඳින්වේ.

පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ, කාන්තාවන්ගෙන් 25% – 40%ට ඔසප් සමයේදී නියමිත රැකියාවන් හැසිරවීම දැඩිව අභියෝගයකි. මෙම කාලයේදී ඔවුන් වැඩි වේලාවක් නිවසේ වාඩිවී සිටිමින් නිදහස් අවස්ථාවලදී පවා ආතතියට පත්වීමක් පෙන්නුම් කරයි.

සමාජ බලපෑම් සහ ලැජ්ජාව අපේ සමාජයේ බොහෝ විට ඔසප් වීම ආශ්‍රිත මාතෘකා සංවේදී ය. මෙය:

කාන්තාවන්ගේ හැඟීම් සඟවා තැබීමට හෝ පසුබෑමකට හේතු වේ.

මෙවැනි සමාජමය පීඩනත් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය (mental health) අඩු කරයි. සෑම කාන්තාවක්ම එක සේ ඔසප් වීම අත්විඳින්නේ නැත. යම් කාන්තාවන්ට මෙය සාමාන්ය අවස්ථාවක් වුවද අනෙක් කාන්තාවන්ට දැඩි වේදනාවක්, නින්දේ ගැටලු, කෝපය, අභිප්‍රේරණය අඩුවීම වැනි ගැටළු සමඟ පැමිණේ.

වෛද්‍ය සහාය ලබා ගැනීමේ වැදගත්කම
අවශ්‍යය වෙලාවේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය. විශේෂයෙන් PMDD (Premenstrual Dysphoric Disorder) සහ PME (Premenstrual Exacerbation) වැනි තත්වයන් හඳුනා ගැනීමෙන් පසුව:

  • හෝමෝන ප්‍රතිකාර
  • මනෝ (mental health) වෛද්‍ය ප්‍රතිකාර
  • පෝෂනය සහ සෞඛ්‍යය ව්‍යායාම ක්‍රම
  • ආශ්‍රිතව ප්‍රතිකාර ලබා ගත හැකිය.

මේ තත්වය මන ලෙස කලමනාකර ගැනීම සදහා උපදෙස්
ඔසප් සමයේ මානසික සෞඛ්‍යය පාලනයට පහත ක්‍රියාමාර්ග ගත හැක:

දින පටහ එක වේලාවක නින්දට යෑම – නිදාගැනීමේ රටාව එක ලෙස තබාගැනීම serotonin සහ melatonin පවත්වාගැනීමට උපකාරී වේ.
එළිමහනේ ව්‍යායාම – පිරිසිදු වාතයක් සහිත පරිසරයක ව්‍යායාම කිරීම උපකාරී වේ.
Breathing Exercises – ආතතිය අඩු කරයි.
සෞඛය සම්පන්න ආහාරය – සීනි, කැෆේන් හා තෙල් සහිත ආහාර වලට සීමා කිරීම වැදගත් වේ .

වටපිටාව සැකස ගැනීම
පාසල්, විශ්වවිද්‍යාල, සහ ගෘහස්ත පරිසරය තුළ තරුණියන්ට ඔසප් සම්බන්ධව ලැබෙන සහයෝගය වැදගත් වේ . මෙම කාලය තුලදී ඇතිවිය හැකි මානසික සන්කුලතා පහදා දීම, විවෘතව කතා කිරීම, සහ පවුලේ සහයෝගය දැඩිව අවශ්‍යය වේ.

නව තාක්ෂණ සහ සෞඛ්‍ය මනෝ උපදේශන යෙදුම්
තාක්ෂණයත් සමඟ ඔසප්චක්‍ර යෙදුම් ( period-tracking apps), හෝර්මෝන කලාම කරනය සදහා යෙදුම් (hormonal balance tracking tools), භාවනාව සදහා යෙදුම් (mindfulness meditation) apps වැනි මෘදුකාංග භාවිතයෙන් කාන්තාවන්ට ඔවුන්ගේ චක්‍රය හඳුනාගැනීමත්, පාලනය කිරීමත් පහසු වී ඇත. මේවා භාවිතය මඟින් තරුණියන්ට සහ වැඩිහිටියන්ට සිය ශරීරය පිළිබඳ වඩා වැඩි අවබෝධයක් ඇති වේ.

පර්යේෂණ වාර්තා
මෑතකදී කල Harvard Medical School පර්යේෂණයකට අනුව, කාන්තාවන්ගෙන් 64%ක් පවසන්නේ ඔසප් කාලයේදී ඔවුන්ගේ හැසිරීම, මනෝභාවය සහ සමාජ ගැටලුවලට ප්‍රතිචාර දැඩිව වෙනස් වන බවයි.

ඔසප් වීම ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාවලියක් වන නමුත් එයට අදාළ මානසික සෞඛ්‍ය ප්‍රතිචාර බැහැර කිරීම නොකල යුතුය. මනස හා ශරීරය අතර ඇති සබඳතාවය පිළිබඳ අවබෝධය ගොඩනගා ගැනීමෙන්, කාන්තාවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට යා හැකිය.

mental health mental health mental health mental health mental health mental health mental health