ඕනෑම උත්සවශ්‍රියෙන් පිරි නිවසක කෑම මේසය සැරසීම රස ගැන්වීම සදහා මූලිකත්වයක් ගනු ලබන තවත් ආහාරයක් වනුයේ අච්චාරුය.ඕනෑම උත්සවයකට දින කිහිපයකට පෙර සාදා සූදානම් කර පසෙකින් තබන මෙම අච්චාරුව එදිනට පදම් වී රස ගැන්වී සුවද හමන්නේ මුලු කෑම මේසයම සරු සාර කරමින් බව නොරහසකි.මෙම ලිපියෙන් සිංහල අච්චාරු නිවැරදි ක්‍රමයට සාදා ගන්නා අයුරු ඔබට දැන ගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය :
- සාමාන්‍ය ප්‍රමාණයේ අමු ගස්ලබු ගෙඩියක්
- කුඩා රතුළුණු 250g
- කුඩා අමුමිරිස් 100g
- අගල් 1.5 පමණ කුරුදු පොතු කැබැල්ලක්
- අගලක පමණ මුරුංගා පොතු කැබැල්ලක්
- අබ තේ හැන්දක්
- ගම්බිරිස් තේ හැන්දක්
- ලුණු තේ හැන්දක්
- විනාකිරි මේස හැදි 2
- තෙල් මේස හැදි 1
සාදන ආකාරය :
පියවර 01
ගස්ලබු ගෙඩිය පොත්ත ඉවත් කරන්න.ගෙඩිය හතරට පලා මැද්ද හොදින් පිරිසිදු කරගන්න.මෙයට ආදේශකයක් ලෙස නෝකෝල් පාවිච්චි කරන්න පුළුවන්. රතු ළුණු සුද්ද කරගන්න.
පියවර 02
ගස්ලබු අගලක් පමණ උසට සිහින්ව කපා ගන්න.රතුළුණු ගනිද්දී කුඩා ඒවා තෝරලා ගන්න .එතකොට රසයි.අමු මිරිස් වල නැට්ට ඉවත් කරන්නේ නැතුව දෙකට පලා ගන්න.(වෙන්නොවන ලෙස).
පියවර 03
අබ ,ගම්බිරිස් හොදින් අබරාගන්න.මුරුංගා පොතු කැබැල්ල තලා ගන්න.පසුව මැටි ඇතිලියක් ලිපේ තබා රත් වූ විට තෙල් එකතු කරන්න.(මැටි බදුනක් නම් වඩා හොදයි අපි විනාකිරි දාන නිසා)එයට අබ ,ගම්බිරිස් අබරාගත් ගුලිය දාන්න.පොල්කටු හැන්දකින් කලවම් කරන්න.එයට විනාකිරි,කුරුදු,මුරුංගා පොතු එකතු කරන්න .මදගින්නේ කලවම් කරන්න .කරවෙන්න දෙන්න එපා.යන්තම් බැදගන්න.එයට ගස්ලබු එකතු කරන්න.මිශ්‍ර කරන්න.ළුණු ,අමුමිරිස් එකතු කරන්න.ගින්දර නිමා හොදින් කලවම් කරන්න.
පියවර 04
අපි තෙල් පාවිච්චි කලේ කල් තියාගන්න පුළුවන් වෙන්න .හොදින් වියලා ගත් මැටි බදුනක් ගෙන එයට අච්චාරු ටික දාගන්න.කෙසෙල් කොළ කල්ලකින් වහලා රබර් බෑන්ඩ් එකක් දන්න.ඕනේ වෙලාවට පොල් කටු හැන්දකින් හරි ප්ලාස්ටික් හැන්දකින් හරි අරගන්න.හැමවෙලාවෙම පිරිසිදු වියළි හැන්දක් පාවිච්චි කරන්න.