(women entrepreneurs)
අද වන විට ලොව පුරාම කාන්තා ව්‍යවසායකයින් (women entrepreneurs) ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ රටවල සහ සමාජයන්හි සමාජ සංවර්ධනය ඉහළ නැංවීමෙහිලා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරමින් සිටි. Global Entrepreneurship Monitor (GEM) 2020 වසරේදී කල සමීක්ෂණයකට අනුව ලොව පුරා කාන්තාවන් මිලියන 274 ක් නව ව්‍යාපාර ආරම්භ කිරීමේ උත්සාහයන්හි නිරත වී සිටින අතර ඉන් මිලියන 139 ක් ව්‍යාපාරයන්හි අහිමිකරුවන් / කළමනාකරුවන් බවට පත්ව ඇත.
GEM වැඩ සටහන 2022 වසරේදී කළ අධ්‍යයනයකට අනුව නව ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණින් යුතු ( intention) සහ මුල් අදියරේ ව්‍යාපාර කටයුතු කරන (start up stage) කාන්තාවන් සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩිය. එහෙත් ස්ථාපිත කරන ලද ව්‍යාපාර අඛන්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කාන්තාවන්ට වඩා පිරිමින් ඉදිරියෙන් සිටි. අඩු ආදායම් ලබන රටවල කාන්තාවන් මධ්‍ය හා වැඩි ආදායම් ලබන රටවල කාන්තාන්ට වඩා ව්‍යාපාර ආරම්භ කිරීමෙහිලා වැඩි උනන්දුවකින් කටයුතු කරන බව එම අධ්‍යයනයේ දැක්වේ.
කාන්තාවක හෝ පිරිමියෙකු වෙනත් වැටුප් ලබන රැකියාවක යෙදෙනවාට වඩා ව්‍යවසායකයකු වීම මඟින් විශේෂ වාසි අත්පත් කර ගැනීමට හැකියාව ලැබේ. එතුළින් විශේෂයෙන්ම තමාගේ ප්‍රධානියා තමා බවට පත්වීමට අවස්ථාව ලැබේ. ඇතැම් පුද්ගලයන් වෙනත් අය යටතේ වැඩ කිරීමට, නීති රීති, රෙගුලාසි, වැඩ කොන්දේසි පිළිගැනීමට අකැමැත්තක් දක්වන අතර එවැනි අයට තමා තමාගේ ප්‍රධානියා වීම මඟින් තමාට අවශ්‍ය පරිදි වැඩ කිරීමට, තම කාලය, තම හැකියාව තමාට අභිමත පරිදි යෙදවීමට නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් අවස්ථාව ලැබේ.
එසේම තමාට අභිමත පරිදි තීරණ ගැනීමටත්, තම අදහස් උපරිම ලෙස ක්‍රියාවේ නැංවීමටත්, පූර්ණ කැපවීමකින්, දැඩි උනන්දුවකින් සහ උද්‍යෝගයකින් කටයුතු කිරීමට සහ ස්වයං අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කිරීමට මේ හරහා අවස්ථාව ලැබේ. තම කැපකිරීම් හා උත්සාහයන්හි ප්‍රතිඵල වෙනත් කෙනකුට නොව අවසානයේ තමාටම ලැබීමද මෙහිදී සහතික කෙරේ.
මේ අනුව ව්‍යවසායකයන් (women entrepreneurs) බවට පත්වීම මගින් කාන්තාවන්ට පවුලේ ආදායමට/වියදමට සම්පූර්ණයෙන්ම හෝ වැඩි දායකත්වයක් ලබා දීමට හැකි වන අතර, වත්කම් අත්පත් කර ගැනීමට, නායකත්වය දැරීමට, නවෝත්පාදන බිහි කිරීමට, ස්වයං තීරණ ගැනීමට සහ සමාජයේ පිළිගැනෙන සහ කැපී පෙනෙන චරිතයන් බවට පත්වීමට අවශ්තාව ලැබේ. එමඟින් ස්ත්‍රි පුරුෂ අසමානතාවයේ පරතරයද අඩු කර ගැනීමට හැකියාව ලැබේ.


තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම මඟින් ඉහත දැක්වූ ආකාරයේ වාසි අත් වූවද ව්‍යාපාර බිහිවීමට සහ ඒවා සාර්ථකව පවත්වා ගෙන යාමට තෝරා ගත් ව්‍යාපාර අවස්ථාව (venture opportunity), ව්‍යවසායකයාගේ පවත්නා විශේෂ ලක්ෂණ (characteristics), සහ ව්‍යාපාර බිහිවීමට සහ ප්‍රචලිත වීමට සහයෝගී පරිසරයක් ( eco system) තිබීම යනාදී කරුණුද වැදගත් වේ.
සාර්ථක ව්‍යවසායකයකුගේ ඉතා වැදගත්ම දක්ෂතාවක් වන්නේ නිවැරදි සහ යෝග්‍ය ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනීම සහ තෝරාගැනීමයි. ව්‍යාපාරයේ ලාභය, තරගකාරීත්ව වාසිය, අඛණ්ඩ පැවැත්ම යනාදිය රඳා පවතින්නේ ව්‍යාපාරිකයා හඳුනාගත් ව්‍යාපාර අවස්ථාව මතයි. ඇතැම් ව්‍යාපාර අතරමැදදී කඩාවැටීම සහ අලාභ ලැබීමට සිදු වනුයේ යෝග්‍ය සහ නිර්මාණාත්මක ව්‍යාපාරික අවස්ථා හඳුනා නොගැනීම නිසාය. මෙම ව්‍යාපාරික අවස්ථාව නව්‍ය එකක් (innovative) වේ නම් වඩා යෝග්‍ය වේ.
මීට අමතරව යෝග්‍ය ආර්ථික හා සමාජ පරිසරයක් ව්‍යාපාර ආරම්භ කරන ප්‍රදේශයේ හෝ රටේ පැවතිය යුතුය. ඒ සඳහා රටේ පවත්නා විවිධ ප්‍රතිපත්ති, ආයතන සහ වෙනත් බාහිර කොන්දේසි වැදගත් වේ. ව්‍යවසායකත්වයට සහයෝගී වන මෙම තත්ත්වය පොදුවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ලෙසයි (entrepreneurial ecosystem) ලෙස හඳුන්වයි.