Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින, එක එක Fashionable දේවල් කරන කාලයක්. නමුත් අද අපි කතා කරන්න යන්නේ තැනට ගැලපෙන විදිහට Fashion කරන්නේ කොහොමද කියලයි. Fashion කරනකොට අපි හැම වෙලාවේදීම අපිව විහිළුවට ලක් වෙන්නේ නැති විදියට, අපිට ගැලපෙන Fashion තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ.
1. Fashion කරන්න මුලින්ම ඔබට ඔබේ සිරුරේ හැඩය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

ගොඩක් අය Fashion තෝරා ගන්නකොට මේ පිලිබදව හිතන්නේ නෑ .තව කෙනෙක්ට ගැලපුනාට ඔයාට ඒ Fashion එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර මෝස්තර ගැලපෙන්නේ උස අයට. සමහර මෝස්තර ගැලපෙන්නේ සිහින් සිරුරක් ඇති අයට. විශේෂයෙන්ම එය වැදගත් වන්නේ අපේ රටේ බහුතරය සාමාන්‍ය උසක් තිබෙන කාන්තාවන් බැවින්ය. සෑම විටම තමන්ගේ ශරීරයේ හැඩය සහ උස පිලිබදව මනා ලෙස අධ්‍යනය කරන්න. ඔබගේ සිරුරේ හැඩයට සහ ඔබේ වයසට ගැලපෙන Fashion පමණක් තෝරා ගන්න. එවිට ඔබගේ ලස්සන අන් අයට මනා ලෙස පෙනේවි.
2. තමන්ගේ සමේ වර්ණය පිලිබදව සැලකිලිමත් වෙන්න.

තමන්ගේ සමේ වර්ණයට ගැලපෙන පාටවල් වලින් යුතු Fashion තෝරා ගන්න. ඔබට ඇත්තේ තලෙළු සමක් නම් ලා වර්ණ හැම විටම තෝරා ගන්න. එවිට එය ඔබේ සිරුරට දීප්තිමත් පැහැපත් පැහැයක් ගෙන දෙයි. ඔබට ඇත්තේ සුදු පැහැති සමක් හෝ පැහැපත් සමක් නම් ඔබට වර්ණ රැසක් ගැලපුනද තද වර්ණයන්ගෙන් Fashion කිරීමෙන් වැලකී සිටින්න. ඒ වගේම මතක තබා ගත යුත්තේ දහවල් හෝ උදේ වරුවේ පැවැත්වෙන උත්සව වලට මෙන්ම දහවල් වරුවේ පිටතට යන විට සමට සුවදායි වර්ණ එනම් ලා වර්ණ වලින් සැරසෙන්න. ඔබේ සමට එයින් සිසිලක් ගෙන දෙනවා මෙන්ම දවසේ අවස්ථාවට සහ වේලාවට එය ගැලපේ. ඒ වගේම රාත්‍රියේ හෝ සවස අවස්ථාවකට ඔබට තද වර්ණ තෝරා ගත හැක. සාමාන්‍යයෙන් Fashion කරනකොට තද වර්ණ තෝරා ගන්නේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ය.
3. කොටට Fashion කරනවාද යන්න තීරණය කල යුත්තේ ඔබේ සිරුරේ හැඩය අනුවයි.

කොටට ඇදීම විලාසිතාවක් වුවත් ඔබේ සිරුරේ හැඩය අනුව ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබට ඇත්තේ සිහින් සිරුරක් නම් ඔබට කොටට ඇදීමට හැකි වෙනවා. නමුත් ඔබ තරබාරු කෙනෙක් නම් ගොඩාක් කොටට අදින Fashion ගැලපෙන්නේ නැති බව මතක තබා ගන්න. එයින් සිදු වන්නේ ඔබේ තරබාරු බව තවත් ඉස්මතු වීම පමණි.
4. Fashion කරන්න කලින් ඒ පිලිබඳව හොදින් නිරීක්ෂණය කරන්න.

කාලෙන් කාලෙට එන Fashion වලට වඩා ඔබට ගැලපෙන හා පවත්වාගෙන යා හැකි Fashion තෝරා ගන්න. එවිට ඔබට පසු කාලෙකදී ඇදුම් අයින් කිරීමට හෝ ඇදුම් යලි මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැත. හැම විටම මතක තබා ගත යුත්තේ Fashion යනු හැමදාම කල හැකි දෙයක් බවය.
5. අධික ආභරණ පැළදීම හොඳ Fashion Hack එකක් නෙවෙයි.

සමහර අය අතේ ඇඟිලි 10ටම rings දාගෙන, අත් දෙකටම බ්‍රේස්ලට් දාගෙන, මාල 4 – 5ක් දාගෙන ඉන්නවා. ගොඩක් අය ඒ විදිහට ලස්සනයි කියලා හිතුවට ඇත්තටම ඒකෙන් එකතු වෙන්නෙ අපිළිවෙලක් විතරයි. එතකොට කිසිම ආකර්ශනීය පෙනුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන් අඳින ඕනෙම ඇඳුමකට ගැලපෙන විදිහට ආභරණ තෝරා ගැනීම ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම Fashion කරනකොට සරල සහ සමබර වෙන්න අමතක නොකරන්න. එතකොට තමයි ගොඩක් ලස්සනට ඔයාව පේන්නේ.
6. ගොඩාක් Makeup ආලේප කලා කියලා ලස්සනක් ඇති වෙන්නේ නැත.

සමහර අය හිතාගෙන ඉන්නවා ගොඩක් makeup කළොත් තමයි ලස්සන. එතකොට මගේ පෙනුම ටිකක් වැඩියෙන් පේනවා කියලා. ඔව් ගොඩක් makeup කරලා තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම කැපිලා පේනවා. හැබැයි ඒ ලස්සන නිසා නෙමෙයි, අනවශ්‍ය විදිහට ලස්සන වෙන්න ගිහින් අවලස්සන වෙලා තියෙන නිසා. ඒක ඔයාට නොතේරුණාට අනිත් හැමෝමටම තේරෙනවා. අන්න ඒ නිසා තමන්ට ගැලපෙන විදිහට සහ ලස්සනට makeup එක කරගන්න.
උත්සව සමයට Fashion කිරීම කියන්නේ සැබවින්ම ඔබට ඔබ ගැන විශ්වාසයෙන්, සුවපහසුව සිටීමට හැකි වීමයි. එක එක Fashion Trends ඇවිත් යයි, නමුත් වඩාත්ම වැදගත් වන්නේ ඔබේ පෞරුෂයට ගැලපෙන ඇඳුම් තෝරා ගැනීමයි. එය දීප්තිමත්, අලංකාර හෝ සරල දෙයක් වෙන්නට පුළුවන්, නමුත් නිවැරදි පෙනුම නිර්මාණය කිරීම කියන්නේ ඔබ එය පැළඳ සිටින මොහොතේම ඔබට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කිරීමකි. උත්සව සමයට Fashion කිරීම සංකීර්ණ දෙයක් විය යුතු නැත – ඔබට ගැලපෙන වර්ණ සහ මෝස්තර තෝරා ගන්න, ආභරණ කිහිපයක් එකතු කරගන්න, සහ ඔබ ඒ මොහොත භුක්ති විඳින්න. අවසානයේ, Fashion කිරීම කියන්නේ අන් අයව තෘප්තිමත් කිරීම නොවේ; එය ඔබ කවුදැයි ප්‍රකාශ කිරීමකි.


