සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් (Healthy life) යනු රෝග රහිත ජීවිතයක් පමණක් නොව, ශාරීරික, මානසික සහ ආත්මීය සෞඛ්‍යය සමබරව පවත්වා ගෙන යාමකි. නිසි ආහාර පුරුදු, නිතර ව්‍යායාම සහ ආතතිය සකස් කර ගැනීම යන මූලධර්ම අනුගමනය කිරීමෙන් අපට දිගු, සතුටු සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගත හැක.
මම අද ඔබට පෙන්වන්නම් සෞඛ්‍ය සම්පන්න ජිවිතයට ගත කිරිම අවශ්‍ය දේවල්.
සෞඛ්‍ය සම්පන්නව සිටීම ඇත්තෙන්ම ඔබට කළ හැකි අමාරු දෙයක් නොවේ. තමන්ගේ සෞඛ්‍ය පිළිබදව සොයා බැලිම සිදු කිරිම මගින් යහපත සිදු වන්නේ ඔබටමය.
අවම වශයෙන් මාසයකට එක් වතාවක්වත් වෛද්‍යවරයෙකු මගින් පරික්ශනයක් සිදු කර ගැනිම ඉතා වැදගත් වේ.
විශේෂයෙන් කාන්තාවක් වශයෙන් ව්‍යායාම, ආතති කළමනාකරණය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වැනි සෞඛ්‍ය සම්පන්න පුරුදු සිදු කිරිමෙන් ජිවිත කාලය තරමක් දුරට දිගු කර ගත හැකිය.
කෙසේ වෙතත් සෞඛ්‍ය පරීක්‍ෂණයක් මාසෙකට සැරයක් සිදු කිරීමෙන් හෝ නීතිපතා පරීක්ෂා කිරීමෙන් බරපතල රෝග තත්ත්වයන් නරක අතට හැරීමට පෙර දැනගන්න පුළුවන්.
අපි බලමු ශරිරයට අවශ්‍ය පරික්ශණ මොනවාද කියලා.
භෞතික පරීක්ෂණ :
තමන්ගේ උස, බර, ශරීර ස්කන්ධ ගැන විමසිම.
ශ්‍රෝණි පරීක්ෂාව සහ පැප් පරීක්ෂණය:
වයස අවුරුදු 21 සහ ඊට වැඩි කාන්තාවන් සෑම වසර තුනකට වරක් පැප් පරීක්‍ෂණයක් කළ යුතුය.
මෙම පරීක්‍ෂණය මගින් ගැබ් ගෙල පිළිකා තිබෙදැයි පරික්ශා කළ බැලිය හැක.
පියයුරු පිළිකා පරික්ෂණ : මැමෝග්‍රෑම් පරීක්ෂා කිරීම මෙය මගින් පියයුරු පිළිකා මුල් අවදියේදීම සොයා ගත හැක.
කොලෙස්ටරෝල් පරීක්ෂණය:
වයස අවුරුදු 20 සහ ඊට වැඩි කාන්තාවන් කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් සඳහා මූලික පරීක්ෂණයක් ලබා ගත යුතුය. මෙය කිරීටක හෘද රෝග ඇතිවීමේ අවදානම පෙන්නුම් කරයි.
රුධිර පීඩනය පරීක්ෂා කිරීම:
ඔබ සෑම වසර දෙකකට වරක් එය පරීක්ෂා කළ යුතුය. රුධිර පීඩනය 120/80 හෝ ඊට අඩු වේ. එය
ඊට වැඩි නම් එය නිතර නිතර පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.
අක්ෂි හා දන්ත වෛද්‍ය පරීක්ෂණය:
ඔබ නිතිපතා කණ්නාඩි හෝ අක්ෂි කාච පළඳින්නේ නම්, ඔබ සෑම වසරකම දර්ශන පරීක්ෂාව සඳහා යා යුතුය.
ඔබේ දත් පරීක්ෂා කර ගැනීම සඳහා ඔබ සෑම වසරකම හෝ සෑම මාස හයකට වරක් දන්ත වෛද්යවරයෙකු වෙත පැමිණිය යුතුය.
නිතිපතා සෞඛ්‍ය පරික්ෂා කිරිමේ වාසි මොනවාද?
- සෞඛ්‍ය පරීක්‍ෂණ යනු ඔබේ ශරීරයේ සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලිමකි.
- රෝගයක් කල්තියා හඳුනා ගැනීම
- කොලෙස්ටරෝල්, තයිරොයිඩ් , රක්තහීනතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, HIV/AIDS, සහ කිරීටක ධමනි රෝග. අක්මාව, වකුගඩු, හෘදය සහ තයිරොයිඩ් වැනි විවිධ ශරීර අවයවවල ක්‍රියාකාරිත්වය නිසි ලෙස හදුනාගැනිමට රුධිර පරීක්ෂණ උපකාරී වේ.
- ආතතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනිමට උපකාරි වේ. අද කාර්යබහුල වැඩ කාලසටහන් සහ වේගයෙන් ගමන් කරන ජීවන රටාව මිනිස් සිරුරේ විවිධ ආතතිය හා සම්බන්ධ රෝග ඇති කරයි.
- අඩු සෞඛ්‍ය සේවා පිරිවැය. කෙටි කාලීනව ඔබට මුදල් ඉතිරි කර ගැනීමට නිතිපතා සෞඛ්‍ය පරීක්ෂාවන් මගින් හැකියාවක් ඇත.
මෙයට හේතුව වෛද්‍ය පරීක්‍ෂණ මගින් ජීවිතයට තර්ජනයක් විය හැකි සෞඛ්‍ය ගැටලු ඇති විමට පෙර ඉවත් කරනු ඇත්.
ශාරීරික යෝග්‍යතාවය මනාව පවත්වාගැනීම සඳහා ඔබට ඉලක්කයක්, ඉලක්කය වෙත ලඟාවීමට සැලසුමක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තිබිය යුතුය.
ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා ඔබට වැදගත් වන ඉඟි කිහිපයක්
නිතර ව්‍යායාම කරන්න.
මාසයකට අවම වශයෙන් දින 25 ක් වත් ව්‍යායාම කිරීම වැදගත් ය.
ඉස්සල්ලාම ව්‍යායාම කරන කාලය විනාඩි 20 කින් ආරම්භ කරන්න. පසුව ක්‍රමාණුකූලව පැයක් දක්වා කාලය වැඩි කරගන්න.
ව්‍යායාම කරද්දි හැම ව්‍යායාමයක්ම කලවමේ කරන්න.
ශරීරයේ සියළු මාංශ පේශි කාණ්ඩ භාවිතා කරමින් එනම්, ඇදීමේ ව්‍යායාම (Stretching exercises), ස්වායු ව්‍යායාම (Aerobic exercises), සහ බර එසවීමේ ව්‍යායාම (Weight lifting) වැනි ව්‍යායාම ඇතුලත් කොට ගෙන කරන්න.
තමන්ගේ දවස පටන් ගැනිම සදහා ව්‍යායමයකින්
පටන්ගන්නෙ නම් ශරිරයද උනන්දුවකින් සහ විනෝදයෙන් කටයුතු කිරිම සිදු කරයි.
ඔබගේ මිතුරෙක් හෝ ඥාතියෙක් ඔබගේ ශාරීරික යෝග්‍යතා වැඩසටහනෙහි සහායකයා ලෙස තබාගන්න. දෙදෙනාටම ව්‍යායාම වැඩසටහන කරන අතරතුර වන වැරදීම් සාකච්ඡා කිරීම, වැරදි නිවැරදි කිරීම සහ එකිනෙකා උනන්දු කිරීම ආදිය සිදුකිරීම පහසු වේ.
ඔබගේ ජිවන රටාවට ගැලපෙන පරිදි ශාරීරික යෝග්‍යතා වැඩසටහනක් සකස් කරගන්න.
ඔබගේ විවේක කාලය අනුව ව්‍යායාම වැඩසටහන සකස් කරගන්න.
ඔබගේ ශාරීරික යෝග්‍යතා වැඩසටහන හැකි සෑමවිටම එළිමහනෙහි සිදුකිරීමට උත්සාහ කරන්න.
සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කරන්න.
තමා ගන්නා ආහාර වේලෙහි අඩංගු කැලරි ප්‍රමාණය ගණනය කිරීම ද වැදගත් වේ.
ඔබගේ ශරීරය බර වැඩිනම්, එය අඩු කරගැනීම සඳහා ඔබ දිනකට පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය ඔබට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා අඩුවිය යුතුය.
අපි දැන් බලමු !
මානසික සෞඛ්‍යය යනු කුමක්ද?
මානසික සෞඛ්‍යය තුළට අපගේ මානසික සහ සමාජීය යහපැවැත්ම වැදගත් වේ.
මානසික සෞඛ්‍ය අපි සිතන, අපට දැනෙන සහ ක්‍රියා කරන ආකාරය අනුව වෙනස් වෙයි.
මානසික සෞඛ්‍ය කියන්නේ මිනිස්සු ජීවිතයේ තිබෙන ආතතිය එක්ක සාර්ථකව කටයුතු කිරිම නෙවෙයිද ?
ජිවිතයේ සාර්ථකත්වයට සහා ජිවිතයේ නාස්තියට මානසික සෞඛ්‍ය අනිවාර්යයෙන් දායක වේ.
මානසික සෞඛ්‍යය මූලික මිනිස් අයිතිවාසිකමක් ද වන අතර එය පුද්ගලික, ප්‍රජා සහ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා ද ඉතා වැදගත් වේ.
2019 වර්ශයේ දී ගෝලීය වශයෙන් මිලියන 970 ක පමණ ජනතාවක් මානසික ව්‍යාකූලතා සහිතව ජීවත්ව ඇති බවත්, කාංසාව සහ මානසික අවපීඩනය ඔවුන් අතර වඩාත් දක්නට ලැබ ඇත.
පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය තත්වය කෙරෙහි මොනවාද බලපාන්නේ?
පවුල
මිතුරන්
සාමජය
විශේෂයෙන් රැකියාව
සම්බන්ධතාවන්
මානසික බාධාවන් මොනාද කියලා ගණන් කළ නොහැක. මොකද එක් එක් පුද්ගලයාගෙ මානසික තත්වය එක්ක එක වෙනස් වෙනවා.
ඔබ දන්නවාද දරුණු මානසික සෞඛ්‍ය තත්ව තියෙන අය සාමාන්‍ය පුද්ගලයන්ට වාඩා වසර 10 – 20 කට කලින් මිය යනවා. විශේෂයෙන් සියදිවි නසාගැනිම් විශාල ප්‍රමාණයක් අනාවරණය වේ.
නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය
නව යොවුන් විය යනු දරුවන් ජීවීතයට හැඩගැසීමේ දී හමුවන වැදගත් කාල පරිච්ඡේදයකි.
මේ කාලය තුළ දී, ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම කායික, සංවේගාත්මක සහ සමාජීය වෙනස්කම්න
නිසා යොවුන් වියේ දරුවන් මානසික සෞඛ්‍ය
ගැටලුවලට ගොදුරු වේ.
ගෝලීය වශයෙන්, වයස අවුරුදු 10-19 අතර 14% අහිතකර මානසික සෞඛ්‍යය තත්ත්වයන් ගෙන් සිටින බවට වාර්තා වී ඇත.බොහෝ දුරට හඳුනාගෙන නොමැති සහ ප්‍රතිකාර නොකළ ඒවා වේ.
මානසික සෞඛ්‍යයේ ව්‍යාකූලතා හට ගත් විට සෞඛ්‍යයේ ඇති වන වෙනස් කම් අපි බලමු.
- සංවේදනාත්මක ආබාධ
යෞවනයන් අතර බහුලව දක්නට ලැබේ. අධික කනස්සල්ල මෙම වයස් කාණ්ඩයේ බහුලව දක්නට ලැබෙන අතර තරුණ යෞවනයන්ට වඩා වැඩිහිටි යොවුන් වියයන් අතර බහුලව දක්නට ලැබේ. - ආහාර ගැනීමේ අක්‍රමිකතා
නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටි වියේ අයගේ ආහාර ගැනීමේ අක්‍රමිකතා බහුලව දක්නට ලැබේ. ආහාර ගැනීමේ අක්‍රමිකතා යටතට අසාමාන්‍යය ආහාර ගැනීම් සහ ආහාර කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම ඇතුළත් වේ. - සියදිවි නසා ගැනීම සහ ස්වයං හානි
වැඩිහිටි යොවුන් වියේ අවුරුදු 15-19 මරණ සඳහා ප්‍රධානතම හේතුව සියදිවි නසා ගැනීමයි.
සියදිවි නසාගැනීම් සඳහා අවදානම් සාධක විවිධ වේ. ඒ අතර,
මත්පැන් භාවිතය
ළමා වියේදී අපයෝජනය
අපකීර්තිය
සමාජයෙන් කොන් විම
ප්‍රධානතම හෙතුව වනුයේ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වීම නිසා ඇති වන ප්‍රශ්න ගැටලු හෙතුවෙන් සිය දිවි නසා ගැනිම සිදු වේ.
සියදිවි නසාගැනීම් වැඩි කිරීම හෝ අඩු කිරීම ඩිජිටල් මාධ්‍යය මගින් කළ යුතු දෙයකි.
තවත් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුගෙ ජිවිතය සමග කරන සෙල්ලම නිසා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙ ජිවිතය විනාශ විය හැක.
- අවදානම් හැසිරීම්
මත්ද්‍රව්‍ය භාවිතය සහ ලිංගික අවදානම් ගැනීම වැනි අවදානම් සහගත දෙවල් කිරිමෙන විශේෂයෙන් කාන්තාවන්ගේ ජිවිතයට ඉතාමත් අවදානම්ක් ලන් කරයි.
නව යොවුන්වියේ දරුවන්ගේ මානසික සහ ශාරීරික යහපැවැත්මට ඔවුන්ගේ හැසිරිම විශාල ලෙස බලපායි.
වයස අවුරුදු 15-19 අතර නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් අධික ලෙස මත්පැන් පානය කරන්නන්ගේ ව්‍යාප්තිය 2016 වසරේ දී 13.6% ක් වේ.
වාර්තමානයේ ගැහැණු ළමයින් විශාල ප්‍රමානයක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි විම් පෙනිමට තිබේ.
මානසික සෞඛ්‍ය යහපත් විමට සහ අයහපත් විමට විශේෂයෙන් තමන්ගේ නිවැස් වට පිටාව නිවැසියන්ගේ ක්‍රියාකාලාපය විශේෂයෙන් බලපායි.
දරුවෙකුගේ මානසික සෞඛ්‍ය කෙරෙහි විශේශයෙන්ම නිවස බලපායි.
මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ වැළැක්වීම
- නිසි විවේකය සහ නින්ද – මානසික සුවය සදහ ප්‍රධානතම සාධකය මෙයයි.
- ව්‍යායාම – නිසි පරිදි ව්‍යායාමයක නියැලිමෙන් මානසික ආතතිය අඩු කර ගත හැක.
- සෞඛ්‍ය සම්පන්න ආහාර වෙලක් ගැනිම – පෝෂණය ආහාර වේලක් මගින් මානසට ධානාත්මක සිතුවිලි ඇති විය හැක.
- සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම – මිතුරන් සහ අසල්වැසියන් සමග සම්බන්ධය තබ ගැනිම
- ආතතිය කළමනාකරණය – යෝගා වැනි මනස නිරාකරණය කරනු ලබන ක්‍රම භාවිතා කිරිම
- සහය ඉල්ලා ගැනීම – අවශ්‍ය විට මනෝවෛද්‍යවරයෙකු හෝ උපදේශකයෙකු හමුවිය යුතුය.
- සෘජු අදහස් පළ කිරීම – හැඟීම් නිසි ලෙස ප්‍රකාශ කිරීම සිදුකළ යුතුය. තමන්ගේ ඇති ගැටලු කාරි තත්වයන් ගැටලුවෙදිම විසදා ගැනිම.
- මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වීම – අධ්‍යාපන වැඩසටහන් සහ මනෝවිද්‍යාත්මක දැනුම ලබා ගැනිම.
Polycystic Ovary Syndrome (PCOS) යනු ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන්ට බලපාන සාමාන්‍ය හෝමෝන ආබාධයකි.
එය අක්‍රමවත් ඔසප් චක්‍රය, අධික ඇන්ඩ්‍රොජන් මට්ටම් සහ ඩිම්බ කෝෂ වල බහු ගෙඩි පැවතීම වැනි සංකුලතා පෙන්වයි.
PCOS අවබෝධ කර ගනිමු.
PCOS යනු කාන්තාවකගේ සමස්ත සෞඛ්‍යයට සහ යහපැවැත්මට බලපාන හෝමෝන අසමතුලිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා සංකීර්ණතත්වයකි.
මෙම තත්ත්වය ඩිම්බ කෝෂ මගින් වැඩිපුර පිරිමි හෝමෝන වන ඇන්ඩ්‍රොජන් නිපදවීමට හේතු වන අතර එය සාමාන්‍ය ඩිම්බ මෝචනයට බාධා ඇති කරයි.
PCOS ඇති බොහෝ කාන්තාවන්ට අක්‍රමවත් ඔසප් වීම සහ පිළිසිඳ ගැනීමේ අපහසුතා ඇති වේ.
PCOS හි රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට පුළුල් ලෙස වෙනස් විය හැක.
සමහරක් කාන්තාවන් හට දරුණු ලෙස රෝග ලක්ෂණ අත් විදිමට සිදු විය හැක.
Polycystic Ovary Syndrome රෝගයේ පොදු රෝග ලක්ෂණ වන්නේ ,
- වසරකට ඔසප් චක්‍ර අටකට වඩා අඩු වීම සහ
ඔසප් චක්‍රය දිගු වීම හෝ අසාමාන්‍ය ලෙස අධික රුධිර වහනය වීම. - පිරිම රටාවට හිසකෙස් වර්ධනය. සාමාන්‍යයෙන් මුහුණේ, පපුවේ හෝ වෙනත් ප්‍රදේශවල අනවශ්‍ය ලෙස අධික රෝම වර්ධනය විම.
- කුරුලෑ සහ තෙල් සහිත සමක් වර්ධනය විම.
- බර වැඩිවීම. බර අඩු කර ගැනීමේ අපහසුව හෝ පැහැදිලි කළ නොහැකි තරමට බර වැඩිවීම බොහෝ විට ඉන්සියුලින් ප්‍රතිරෝධයට සම්බන්ධ විය හැක.
- වඳභාවය
අක්‍රමවත් ඩිම්බ පිටවීම හෝ ඩිම්බ මෝචනය සිදු නොවීම නිසා පිළිසිඳ ගැනීමේ අපහසුතා ඇති විය හැක. - මානසික අවපීඩනය.
හෝමෝන අසමතුලිතතාවය නිසා
කාංසාව සහ මානසික අවපීඩනය ඇතුළු චිත්තවේගීය වැනි මානසික බධා වලට ගොදුරු වේ.
ඔබටත් මෙලෙස , අක්‍රමවත් ඔසප් විම් , ධික හිසකෙස් වර්ධයන් දරුණු කුරුලෑ හෝ විශේෂයෙන්ම පිළිසිද ගැනිමේ අපහසුගා අත්විදින්නේ නම් වෛද්‍යවරයෙකු හට පෙන්විම අත්‍යවශ්‍ය වේ!
ඔයාට PCOS තිබේ ද ? නැද්ද? යන්න ඔබ කල්පනා කරන්නේ නම්. එත් වෛද්‍යවරයෙකුවේ සහය පැතිම අවශ්‍ය වේ.
PCOS ඇතිවීමට හේතුව කුමක්ද? කියලා බලමු.
අපට ලැබුණු වෛද්‍යවරයන්ගේ ප්‍රකාශයන්ට අනුව
PCOS ඇති විම සදහා නිශ්චිත හේතුවක්
තවමත් පැහැදිලි නැති නමුත් සාධක කිහිපයක් එහි වර්ධකයට දායක වන බව ප්‍රකාශ කළේය.
- ඉන්සියුලින් ප්‍රතිරෝධය:
ඉහළ ඉන්සියුලින් මට්ටමේ ඇති ඇන්ඩ්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු විය හැකිය. එයින් ඩිම්බ මෝචනයට බාධා වේ. මෙය මුලිකම හේතුවක් බව සදහන් වේ. - හෝමෝන අසමතුලිතතාවය:
ඇන්ඩ්‍රොජන් මට්ටම ඉහළ යාම ඩිම්බකෝෂ ක්‍රියාකාරිත්වයට බාධා කිරිම තුළින්. - PCOS රෝගය සහිත පවුල් ඉතිහාසයක් තිබේනම් මෙම රෝගය වර්ධනය විමේ සම්භාවිතාවයක් ඇත.
- ජීවන රටා සාධක:
දුර්වල ආහාර රටාවක් තිබිම සහ ආතතිය වැනි හෙතුවෙන් මෙම රෝගය උග්‍ර කළ හැක.
ජීවිතයේ සැබෑ අභිමානය සෞඛ්‍යයයි. රෝග වලක්වා ගෙන යාම, ශක්තිමත් ශරීරයක් හා පැහැදිලි මනසක් ඇති කර ගැනීම අපගේ දිනපතා තේරීම් මත පදනම් වේ.