ආදරය ගැන හරි නිර්වචනයක් දිය නොහැකි වුණත් ආදරය නම් ආදරයම පමණි.ආදරය ගැන එකිනෙකා දරන මත වෙනස් වේ. ඒ කුමක් වුවත් ආදර කියන්නේ හැමෝටම ජිවත් වන්න අවශ්‍ය හේතුවක් ඉතින් ඔබ ඔබේ ආදරයෙන් තවකෙකුට ජිවත් වෙන්න හේතුවක් ඔබ ලබා දුන්නද? අපි මෙම ලිපියෙන් කියන්න යන්නේ ඔබ හරියට තේරුම් නොගත් ඔබට ලැබෙන ආදරය මොනවගේද යන්නයි.
මොකක්ද මේ ආදරය?
ආදරය මිනිසුන්ට ඉතා සමීපම වචනයක්. ආදරය මිනිසුන්ව සුවපත් කරන ඔසුවක් ලෙසත් හදුන්වන්න පුළුවන්.ආදරය ගැන කතා කිරීමේදී මුලින්ම මතකයට එන්නේ දෙමව්පියන් ඔවුන්ගේ ආදරය ඔබව යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කරනවා.ඒ වගේම ඔබේ පවුල ඔබට ආදර කියනදේ මොනවගේද කියල දෙනවා ඉතින් ආදරේ ගැන මුල්ම පාඩම ඔබ ඉගන ගන්නේ ගෙදරින්.
ඔබට ලැබෙන ආගන්තුක ආදරය
ඔබේ වයස ගෙවීගෙන යද්දී ඔබ ගෙදර වගේම බාහිර සමාජය ඇසුරු කරන්න ලැබෙනවා.ගෙදරින් පිට ඇසුරු කරන ප්‍රධාන සමාජයක් ලෙස පාසල හදුන්වා දෙන්න පුළුවන්. එහිදීද ඔබට ආදරය ගුරුවරුන්ගෙන් මිතුරන්ගෙන් ලැබෙනවා පමණක් නොවෙයි. ඔබට මේ අවධියේදී විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙයි. එනම් ගෑණු ළමයින්ට පිරිමි ළමයිනවත් පිරිමි ළමයින්ට ගෑණු ළමයිනවත් ආකර්ෂණය වේ. එය තරමක ඔවුනට වෙනස් අද්දැකීමක් මෙන්ම වෙනස් හැගීමක් වේ.
තරුණ වියේ ඔබට ලැබුණු ඒ ආදරේ ඇත්තක්ද?
තරුණ විය යනු ආදරය යන හැගීම තදින්ම ඔබට ඇති කරන කාලයයි. ඔබ ඒ කාලයේ පසු වන්නේනම් මෙම කොටස ඔබට ඉතා වැදගත් වෙතයි අපි සිතනවා. එයට හේතුව වන්නේ ඔබ තෝරාගත් ආදරය හෝ ඔබ තෝරාගැනීමට බලාපොරොත්තුවන ආදරය ඔබට මොනවගේද යන්න අපි මෙහිදී සාපේක්ෂව ඉදිරිපත් අකරනවා. ඔබ තෝරාගත් ආදරය ඔබට දැනෙන්නේ කොහොමද? ආදරයේ බොළද කාලපරිච්චේදය ලෙස සැලකෙන තරුණ වියේ ආදර කතා විවාහයට නොයන්නේ ඇයි?
එය සැබවින්ම ඔබගේ තරුණ වියේ ඔබේ ජාන හා හෝමෝන මගින් ලබාදෙන හැගීමක් ආගන්තුක ආදරය. එහිදී ඔබ තෝරාගන්න දේ අලුත් අද්දැකීමක් ඔබට ලබා දෙනවා. එතැනදී ඔබ වෙනත් පරිසර වල හැදී වැඩුන, වෙනස් විදියේ සමාජ පසුබිමක දෙදෙනෙකුගේ අදහස් එකට ගලපා ගැනීමින් බැදීමක් පවත්වා ගැනීමට උත්සාහ කරනවා. එහිදී ඔබ රැවටීම්, සිත් රිදීම් , නොගැලපීම් හේතුවෙන් බොහෝ පිරිසකගේ බැදීම් විවාහයකට නොගොස් නවතිනවා.ඒ අනුව තරුණ වියේ ඔබට ලැබුණ ආදරය සැබවින්ම ආගන්තුක හැගීමක් පණක්ම වන්නේ එම නිසයි. එය ඔබට ගැළපෙන සැබෑම ආදරය නොවන්නේද එය නිසයි.
ඔබ දැන් ආදරය කරන්නේ හරිම කෙනාටද?
වයසින් මුහුකුර යාමත් සමග ඔබ වෙනස් සමාජ පරිසරයන්ට අනුවර්තනය වේ. ඔබ පාසල් කාලය පසු කර විශ්වවිද්‍යාල වලට පිවිසේ තව සමහරෙක් රැකියාවලට යොමුවේ. එහිදී තරමක වෙනස් මුහුණු සහිත මිනිස්සු ඔබට මුණ ගැහෙනු ඇත. එතැනදී සමහරෙක්ට ආගන්තුක ආදරයක් වෙන්න පුළුවන් තවත් සමහරෙක්ට හුරුපුරුදු ආදරය අලුත් කෙනෙකුගෙන්ද ලැබෙන්න ගන්නවා. මෙහිදී ඔබ ගමන් කරන්නේ ඔබේ ජිවිතයේ අරමුණක් වගේම අනාගත බලාපොරොත්තු පොදි බැදගත් ගමනක් විය හැකිය. එහිදී ඔබ ඔබට සහයකයෙක්, සහකාරියක් සොයන්නේ ඔබේ අනාගත ගමනට ඔවුන් ශක්තියක් වන නිසාය . එය එසේ නොවන අවස්ථාද ඇත.ඔබට ඔහුගෙන් හෝ ඇයගෙන් සහය ලැබුණාද ? එය එසේ නොවුනානම් ඔබ තෝරාගත්තේ හරිම පුද්ගලයාම නොවන්නට පුළුවන.
ඒ ආදරය ඔබව මානසික වැට්ටුවාද?
හරිම කෙනා ජිවිතයට තෝරාගන්න ඔබ සිතනවා නේද? ඉතින් ඔබ තෝරාගත් ආදරය ඔබට මානසික සහනය දුන්නාද? බැදීමක ඔබට ලැබෙන වටිනාම සහයෝගය මානසික සහනයයි. ඉතින් ඔබ මානසිකව සතුටින්නම් ඔබේ ආදරය තුළ ඔබ සැබවින්ම ඔබේ ආදරය සොයාගෙන ඇත. ආදරය නම් ඔබ ලබන එක් ආශීර්වාදයක් මිස ඔබගේ ජිවිතයට ශාපයක් නොකරගන්න.
අවසාන වශයෙන් මෙම ලිපියෙහි ඔබට ලබාදිය හැකි සංක්‍ෂිප්ත අදහස වන්නේ ආදරය නම් එකිනෙකාට සාපේක්ෂ හැගීමක් වන අතර, ඔබ සතුටුවන ආදර ඔබට එලෙසම නොලැබෙනු ඇත. නමුත් හැම විටම ඔබ ඔබගේ මානසික සතුට නැති නොකර ගන්න වගබලාගැනීම ඔබේ වගකීමකි. මුලින් සදහන් කළා මෙන් වෙනස් පරිසරවල හැදී වැදුන දෙදෙනෙකු එකම අදහස් දැරීම අස්වාභාවිකය එබැවින් නිතරම බැදීමක ඔබ එකෙනේකාව අවබෝධය කරගැනීමට ඉවසීම ගැන අවධානය යොමු කරන්න.
මෙවැනි වටිනා මනෝවිද්‍යාත්මක මෙන්ම ජිවිතයට වටිනා කරුණු රැසක් ලබාදෙන ළිපි කියවන්න Liya.lk පිවිසෙන්න