ඔබගේ ආදර සම්බන්ධතාව නැවතුනාද?

Has your relationship stalled?

අංක 2 ෆේස්බුක් හෝ සමජ ජාල හරහා ඔහුට පෙන්න දුක සිදුවීම් සහිත පොස්ට් හෝ සින්දු ෂෙයාර් නොකරන්න


මෙලෙස දුක දේවල් දැමීම නිසා ඔහු දන ගනන්වා ඔබට ඔහු නැතුව සිටීමට නොහැකි බව. මිනිසා ස්වාහවයෙන්ම කැමති තවකෙනෙක් තමන්ට යටත් වෙලා ඉන්නවනම් ඔබ හඩන දොඩන තරමට ඔහු නොදැනුවත්ම යටහිතින් සතුටු වෙනවා ඔහුව ඔබට නැතිව ජිවත් වීමට නොහැකි කියන හැගීම නිසා ඔබේ වටිනාකම් අඩුවෙනවා. සමහර වෙලාවට පිරිමි පොඩ්ඩක් වත් කැමති නැහැ ඕනවට වඩා අඩන කෙල්ලන්ට එත්කොට් එයාලට ඉබේම එපා වීමක් සිදු වෙනවා.


අංක 3 ඔබේ බිදුණු ආදර සම්බන්ධතාව පිලිබඳ කිසි විටක යාළුවන්ට පවසන්න හෝ ඔවුන්ගෙන් උපදෙස් ගෙන ඔහුව නැවත යාලු කර දෙන මෙන් ඉල්ලන්න එපා.මෙහිදී සිදුවන්නේ ඔබගේ ජිවිතයට වෙනත් අය සම්බන්ධ වීමයි. එවිට ඔවුන් වැරදි දෙයක් පැවසුවද ඔබට එය ඇත්තක් සේ පෙනේ.ඔබ පවසන දේවල් නිසා අනාගතයේ ඔබේ ජීවිතය තව තවත් ගැටළු කාරී විය හැක. තවද ඔබේ යහළුවන් ඔබ ගැන ඔහුට බොරු පවසිමටද අවස්ථාවක් ලැබේ.


අංක 4 පොත් කියවන්න.ඔබ පොත් කියවන්න කැමති කෙනෙක් නම් නිතරම ඔහු වෙනුවෙන් ගත කළ කාලය පොත් කියවීම කෙරේ යොමු කරන්න. එවිට ඔබට නැවුම බව හා දැනුම ලැබේ.
අංක 5 ෆිල්ම් බලන්න ගේම් ගහන්න ඔබ ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් ඒ සදහා යොමු වන්න. එවිට ඔබට නොදනිම වින්දනයද ඔහු ගැන අමතක වීමද සිදු වේ.


අංක 6 ඔබගේ යාළුවන් සමග ඇවිදීමට යාන්න ආහාර ගැනීමට හෝ ෆිල්ම් බැලීමට යන්න එවිට ඔබට ඔබගේ මානසික මට්ටම වෙනස් කර ගත හැක.


අංක 7 ඔබ අනිවාර්යයෙන්ම ව්‍යායාම කෙරෙහි නැඹුරු විය යුතුය. ඔබට ජිම් එකකට යාමට නොහැකිනම් සවසට පැයක් පමණ කාලයක් ඇවිදීම හෝ බයිසිකල් පැදීම කල හැක. ඔබගේ ශරීරය මහන්සි වූ තරමට ඔබට හොදින් නින්ද යනු ඇත. එවිට ඔහු වෙනුවෙන් වැළපීමට හෝ බලා සිටීමට ඔබට සිදු නොවුණු ඇත තවද ලස්සනට ඇදුම ඇඳීම හෝ රූපලාවන්‍ය කටයුතු කෙරේ යොමු වීමෙන්ද ඔබ ඔහු ගැන මතකය අමතක කල හැක . මෙහිදී සැලකිලි විය යුතු දේ නම් ඔබ නිරතුරුව යම් වැඩක් දී ඔහු පිලිබඳ මතකය යටපත් කිරීමයි මෙසේ ටික දිනක් අවම මසයක් පමණ ගතවන විට ඔහු පිලිබඳ මතක ඔබේ මනසට දර ගත හැකි වනු ඇත.


අංක 8 ඔබ ඔබට වටිනාකමක් දෙන්න. කව්රුන් ඔබව පහත් කරත් කව්රුන් ඔබව අතහැර දැම්මත් ඔබ මේ ලෝකයට වටිනා කෙනෙක් බව අමතක නොකරන්න.ඔබ ඉගැනීම පටන් ගන්න. නිරතුරුව ඔබ වටිනා කෙනෙකු බව සිතන්න. ඔබ ඔබට වටිනාකමක් දෙන්න.ඔබ වටෙන සෑම විටම නැගී සිටින්න.ශක්තිමත් විය හැක්කේ ඔබටමය. කිසිදින ඔබව ප්‍රතික්ෂේප කරන අය වෙනුවෙන් ඔබගේ වටිනා කාලය නාස්ති නොකරන්න. ඔබට ආදරය කරන අය ලග පමණක් නවතින්න. ඔබේ සැනසීම ඇත්තේ එතැනය