උත්සව සමය තුළ ඇතිවන ගැටුම් | උත්සව සමය සාමාන්‍යයෙන් ප්‍රීතිමත් සහ එකමුතුකමෙන් පිරුණු කාලයක් ලෙස විස්තර කෙරේ. පවුල් එක්රැස් වේ, ඥාතීන් සහ මිතුරන් සමඟ, සෑම කෙනෙකුම සාමය සහ සැමරුම අපේක්ෂා කරයි. නමුත් යථාර්ථය නම්, වසරේ මෙම කාලය ආතතිය ද ගෙන දිය හැකිය. එකඟ නොවීම් පැමිණිය හැකිය, කුඩා වරදවා වටහාගැනීම් ඉක්මනින් වර්ධනය විය හැකි අතර, “සතුටින් සිටීමට” ඇති පීඩනය වෙනදාට වඩා හැඟීම් බර කළ හැකිය.
උත්සව සමය තුළ ආදරණීයයන් සමඟ ඇතිවන ගැටුම් හසුරුවා ගැනීමට ඉවසීම, අවබෝධය සහ ප්‍රායෝගික පියවරයන් අවශ්‍ය වේ. ගැටුම් වැඩි වන්නේ ඇයි, සන්සුන්ව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද සහ සෞඛ්‍ය සම්පන්න සන්නිවේදනයක් ගොඩනඟන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.
උත්සව සමය තුළ ගැටුම් වැඩි වන්නේ ඇයි?
පොදු හේතූන් කිහිපයක් ලෙස හැඳින්විය හැක්කේ: ඉහළ අපේක්ෂාවන්, මිනිසුන් පරිපූර්ණ සැමරුම්, පරිපූර්ණ හැසිරීම් සහ පරිපූර්ණ සමගිය සිතින් මවා ගනී. සැබෑ ජීවිතය මෙම අපේක්ෂාවන්ට නොගැලපෙන විට, කලකිරීමක් ඇති වේ.
වගකීම් වලින් ආතතිය ඇති වීම
ඉවුම් පිහුම්, සාප්පු සවාරි, ගමන් බිමන්, අමුත්තන්ට සත්කාර කිරීම, උත්සව සූදානම් කිරීම, මුදල් කළමනාකරණය කිරීම – මේ සියල්ල ආතතිය වැඩි කරයි. ආතතිය – ඉවසීම අඩු කරයි.
කාලයකය පෙර ඇති වූ ගැටළු නැවත මතුවීම
පවුල් රැස්වන විට, අතීතයේ සිදු වූ එකඟ නොවීම් නිහඬව නැවත පැමිණිය හැකිය. සමීප අන්තර්ක්‍රියා අතරතුර නොවිසඳුනු ගැටළු නැවත පැමිණීමට නැඹුරු වේ.
වෙහෙස සහ මානසික පීඩනය
වසර අවසානයේ රැකියාවේ ඇති පීඩනය, නිවසට ඒම සඳහා ප්‍රමාද වන රාත්‍රීන් සහ ඕනෑවට වඩා ක්‍රියාකාරකම් ඕනෑම කෙනෙකුව වඩාත් සංවේදී කළ හැකිය.
විවිධ පෞරුෂයන් සහ සීමාවන්
විවිධ පරම්පරා වල පුද්ගලයින්ට විවිධ වටිනාකම්, පුරුදු සහ සන්නිවේදන විලාසයන් ඇත. මෙය ඉතා පහසුවෙන් වරදවා වටහා ගැනීම්වලට හේතු විය හැක.
මෙම හේතු තේරුම් ගැනීම ඔබට කෝපයට පත් නොවී පැහැදිලි බවකින් ප්‍රතිචාර දැක්වීමට උපකාරී වේ.
පියවර 1: ප්‍රතිචාර දැක්වීමට පෙර සන්සුන්ව සිටින්න
යමෙකු ඔබට රිදවන හෝ කරදරකාරී දෙයක් පවසන විට, ස්වාභාවික ප්‍රතිචාරය වන්නේ වහාම ප්‍රතිචාර දැක්වීමයි. නමුත් වේගයෙන් ප්‍රතිචාර දැක්වීම බොහෝ විට ගැටුමකට මඟපාදයි. ඒ වෙනුවට:
• කතා කිරීමට පෙර සන්සුන් වන්න
• ඔබේ හඬ මධ්‍යස්ථව තබා ගන්න.
• ඔවුන් දක්වන අදහස් ඔවුන්ගේ ආතතිය වීමට හැකි බව ඔබට මතක් කරගන්න.
කෙටි විරාමයක් සංවාදයේ දිශාව වෙනස් කරයි.
පියවර 2: සරල, ගෞරවනීය භාෂාව භාවිතා කරන්න
පැහැදිලි සන්නිවේදනය ගැටුම් අඩු කරයි. අනෙක් පුද්ගලයාට දොස් නොකියා සරල, අවංක වාක්‍ය භාවිතා කරන්න.
උදාහරණ:
• “සිදු වූ දෙයින් මට කලකිරීමක් දැනේ. අපට මේ ගැන සන්සුන්ව කතා කළ හැකිද?”
• “අපි දෙදෙනාට පමණක් ඇසෙන ආකාරයට මෙය සාකච්ඡා කළ හැකිද?”
පියවර 3: සෞඛ්‍ය සම්පන්න සීමාවන් සකසන්න
සීමවන් ඔබේ මානසික සුවය ආරක්ෂා කරයි.
• “මට දැන් ඒ ගැන කතා කිරීමට පහසු නෑ. අපි වෙනත් මාතෘකාවකට යමු.”
• “මම මේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න කැමති නැහැ.”
• “මට මිනිත්තු කිහිපයක් අවශ්‍යයි. මම ඉක්මනින් නැවත එකතු වෙන්නම්.”
පියවර 4: ගැටුම්වලට තුඩු දෙන මාතෘකා වළක්වාගන්න
දේශපාලනය, සබඳතා, මුදල්, රැකියා තේරීම් වැනි මාතෘකා හැම විටම ගැටුම්වලට මඟ පෙන්වයි.
එවැනි මාතෘකා මතු වූ විට:
• ඒ මාතෘකා අනෙකාට නොදැනෙන ලෙස වෙනස් කරන්න
• හාස්‍යයෙන් එම මාතෘකා මඟහරින්න
• බෙදාගත් අත්දැකීම් මත අවධානය තබන්න
පියවර 5: අනෙකාගේ දෘෂ්ටිකෝණය තේරුම් ගන්න
• ඔවුන්ට කතා කිරීමට ඉඩ දෙන්න
• “ඔබ අදහස් කරන දේ පැහැදිලි කළ හැකිද?” යන්න අසන්න
• ඔවුන් කුමන හැඟීමක් මත ඒ අදහස් ප්‍රකාශ කරන්නේදැයි සැලකිලිමත්ව බැලිය යුතුය
තේරුම් ගැනීම යන්නෙන් අදහස් කරන්නේ එකඟ වීම නොවේ. එය ගෞරවයයි.
පියවර 6: ඔබේ අවශ්‍යතා පැහැදිලිව සන්නිවේදනය කරන්න
• “හවස් වරුවේ මට නිහඬ කාලයක් ඕනේ.”
• “අපිට වගකීම් බෙදා ගන්න පුළුවන්ද? මට හැමදේම තනියම කරන්න බෑ”
• “පාටි එකේදී මගේ රැකියාව ගැන කතා නොකර ඉමු.”
පැහැදිලිව කථා කිරීමෙන් වරදවා වටහා ගැනීම් ඇති වීම අඩු වේ.
පියවර 7: ශාරීරිකව හා මානසිකව ඔබට අවශ්‍ය විවේකය ලබාදෙන්න
• කෙටි දුරක් ඇවිදීමට යන්න
• ටික වේලාවක් තනිවම සිටින්න
• ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
පියවර 8: ඔබ අතින් වරදක් සිදු වූ විට සමාව ඉල්ලන්න
“මට සමාවෙන්න. මං ඔයාව රිදවන්න හිතුවෙ නැහැ.”
අවංකව සමාව ඉල්ලීමෙන් ගැටුම් අවම කරගත හැකිය.
පියවර 9: එකිනෙකාට සහයෝගය දක්වන්න
• උදව් කිරීම
• සවන් දීම
• වගකීම් බෙදා ගැනීම
• අනෙකාගෙන් විවේක අවශ්‍යදැයි විමසීම
• කරුණාවෙන් කටයුතු කිරීම
කරුණාව සන්සුන් භාවය නිර්මාණය කරයි.
පියවර 10: ධනාත්මක අන්තර්ක්‍රියා ඇති කරන්න
• ක්‍රීඩාවක් කිරීම
• කතන්දර බෙදා ගැනීම
• කණ්ඩායම් ඡායාරූප ගැනීම
• සියලු දෙනා එකතු වී කෑම සෑදීම
එකිනෙකා සමඟ ප්‍රීති වීම සබඳතා ශක්තිමත් කරයි.
උත්සව සමය තුළ ආදරණීයයන් සමඟ ඇතිවන ගැටුම් හැසිරවීම දැනුවත්භාවයක් අවශ්‍යයි. ගැටුම් ඇතිවන හේතු තේරුම් ගැනීම, පැහැදිලිව කතා කිරීම, සහ ඔබේ චිත්තවේගී ප්‍රතිචාර පාලනය කිරීම මගින් උත්සව සමය වඩා සන්සුන් සහ ප්‍රීතිමත් කාලයක් බවට පත් කරගත හැකිය.



