කටට රසට හදන්නට උතුරුකරයෙන් කෑම වර්ග 5ක්

food

උතුරුකරයේ, විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ ආහාර (food) වර්ග කිහිපයකට විශේෂ අවධානයක් යොමු කරමු. බොහෝදෙනෙක් අද දකුණු ඉන්දීය ආහාර ලෙස වරදවා සිතා සිටින බොහෝ ව්‍යංජන යාපනයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සාම්ප්‍රදායික දමිළ ආහාර වට්ටෝරු වලින් පිළියෙළ කරන ඒවාය. මේ ආහාර පිළියෙළ කරන අයුරු සමස්තයක් වශයෙන් සමාන වුවත් යාපනයේ ආහාර වල ඇත්තේ එයටම ආවේණික අනන්‍ය රසයකි. යාපනයේ බොහෝ ආහාර සඳහා පොල් භාවිතා වීමද තව විශේෂත්වයකි. එපමණක්ම නොවේ, ලංකාවේ වෙනත් ඕනෑම ප්‍රදේශයක දී මෙන්ම උතුරේ පිළියෙළ වන ව්‍යංජනයක ද අපට සුපුරුදු ඒ තුනපහ ගම්මිරිස් රසය නම් නොඅඩුවම ගැබ්ව තිබේ.

එළු මස් කරිය

යාපනයේ ආහාර (food) ගැන කී සැණින් අප කොයි කාගේත් සිහියට නැගෙන්නේ යාපනයටම සුප්‍රසිද්ධ කකුළු මස් කරිය වුවත් අද අපි කතා කරන්නේ තවත් එවැනිම සුවිශේෂී රසයක් ගෙනඑන යාපනයේ එළු මස් කරිය පිළිබඳවයි. ලාංකීය ආහාර වේලකට සියලු ආකාරයෙන්ම නෑකම් කියන මෙම ව්‍යංජනයෙන් එන්නේ අප කාටත් සුපුරුදු ඒ කුළුබඩු රස හා සුවඳ වන අතර මෙම බැටළු මස් ව්‍යංජනය සාදන්නේ උළුහාල්, කරඳමුංගු, සූදුරු, මාදුරු, කරාබුනැටි, කොත්තමල්ලි, සුදුලූනු, ඉඟුරු, කහ, කරපිංචා කොළ සහ කුරුඳු යන මේවා පදමට මුසු වී ගිය හොද්දක් ලෙස එළු මස් කැබලි පිස ගැනීමෙනි.

රසම්

මෙය තනිවම සුප් එකක් ලෙස හෝ බත් සමඟ හොද්දක් ලෙසද අනුභව කළ හැකි ආහාරයකි. එහි ප්‍රධාන වශයෙන් අඩංගු වන සංඝටක දෙක ගම්මිරිස් සහ සියඹලා වුව ද සාම්ප්‍රදායික රසම් ව්‍යාංජනයේම වෙනත් වෙනත් නවීකරණයන්ද අද වනවිට දැකගත හැකියි. මෙලෙසින් පිළියෙළ කරගන්නා කුකුළු මස් තැම්බුම් හොද්ද යාපනයටම සුවිශේෂ ව්‍යංජනයකි වන අතර තක්කාලි හා පරිප්පු සමඟද මෙය පිළියෙළ කරගත හැක.

සාදන ක්‍රමය ඉතා සරලය. එක එකක් කුළුබඩු සහ අමුතුවෙන් යොදන සංඝටකය එක්ව යහමින් පදමට පිස ගනු ලැබේ. අඩංගු ද්‍රව්‍ය පෙරා ඉවත් කර හෝ කුළුබඩු රසකාරක සමඟම හෝ ආහාරයට ගැනීමටත්, අවශ්‍ය නම් රසම් එක පානය කිරීමටත් බත් සමඟ එකට අනා ආහාරයට ගැනීමටත් ඔබට හැකියාව ඇත. ඖෂධීය ගුණයකින් ද යුතු රසම් වලට ආහාර ජීරණය ඉහළ නැංවිය හැකි නිසා ප්‍රධාන ආහාර (food) වේලට පසුව ද එය ආහාරයට ගනු ලැබේ.

පිට්ටු

විශේෂයෙන්ම රාත්‍රී ආහාර (food) වේලට ගන්නා පිට්ටු සාදනු ලබන්නේ තිරිඟු පිටි හෝ කැකුළු හාල් පිටි සමග පොල් මිශ්‍ර කිරීමෙනි. පිටි කරන ලද සහල් ගාගත් පොල් සමඟ හෝ කූනිස්සන් හෝ මාළු සමඟ මිශ්‍ර කර ජලයෙන් තම්බා ගත යුතුය. මාළු කරියක් සමඟ පිට්ටු මනාව සැසඳෙන අතර එළු මස් කරිය සමඟ වුවද ඉතා රසය. මෙම ආහාර අනුභවයට තවත් ප්‍රියතම ආකාරයක් වන්නේ මස් මාළු සමඟ පිට්ටු මිශ්‍ර කර සාදන පිට්ටු කොත්තුවයි. ඉතිරි වී ගිය ආහාර භාවිතා කර අතිශය ප්‍රණීත ආහාර වේලක් යාපනයේ දී තනා ගන්නේ මේ අයුරිනි. මස් මාළු යහමින් දමන තරමට පිට්ටු කොත්තුව වඩ වඩාත් රසවත්ව සාදා ගත හැක.

මෝදහම්

දවස පුරා ගන්නා ප්‍රධාන ආහාර (food) වේල් තුනම ඉහතින් ආවරණය කර ඇති නිසා අතුරුපසකින්ම මෙය අවසන් කිරීම සුදුසු යයි සිතුනි. බොහෝදෙනෙක් දන්නා හඳුනන රසවල්ලි කිලංගු කැඳ ගැන කතා නොකර අපි අද එතරම් දෙනෙක් අසා නැති මෝදහම් ගැන මදක් ඔබට පැවසීමට කැමැත්තෙමු. ඩම්ප්ලින් වල ශ්‍රී ලාංකීය අනුවාදයක් ලෙස සැලකිය හැකි මේවා මැදට හකුරු, පොල් සහ මුන් ඇට වල ප්‍රණීත මිශ්‍රණයක් යොදා සකස් කරනු ලැබේ. හකුරු මිශ්‍රණයක් මැදට දමා සාදන ශ්‍රී ලාංකීය පෑන්කේක් වලට සමාන රසකින් මෙය සමන්විත වේ. මේවායේ වටේට ඇති පිටි ආවරණය සාමන්‍ය පෑන්කේක් එකකට වඩා ඝන වන අතර පැටිස් එකක් හා කට්ලට් එකක් අතරමැද හැඩයක් ගනී. මේවා තම්බා ගනු ලබන්නේ ජල වාෂ්ප භාවිතයෙනි.

බටු සහ මුරුංගා ව්‍යංජනය (කදිරික්කායි සහ මුරුන්ගක්කායි කරිය)

මෙය බත් සමඟ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගතහැකි, වම්බටු සමඟ මුරුංගා එකට පිස ගැනීමෙන් ප්‍රණීත ලෙස සකස් කර ගන්නා තවත් එවන් සුවිශේෂී ආහාරයකි. මුරුංගා වම්බටු සුසංයෝගයෙන් එන ඒ සුවිශේෂී රසය නිසා හොද්දට අමුතුවෙන් තුනපහ කුළුබඩු යොදා රසගැන්වීමට උවමනා නැත. මෙම හොද්ද ඝනට සාදා ගත විට එළවළු ව්‍යාංජනයක් ලෙස ද මදක් තුනී ලෙස පිස ගෙන සුපුරුදු පරිප්පු කරියට ආදේශකයක් ලෙසද ආහාරයට ගැනීමට හැකියාව තිබේ.

නියම යාපනයේ ආහාර වේලක් රස බැලීමට කැමති නම් අනිවාර්යන්ම මෙම ව්‍යංජන වලින් එකක්වත් රස බැලීමට අමතක නොකරන්න. ඒවායේ ඇති අනන්‍ය වූ රසයෙන්, තුනපහ කුළුබඩු රසයෙන් ඔබේ රස නහර පිනා යාමට සලස්වන්න. යාපනයෙන්ම පමණක් ඔබට අත්විඳිය හැකි මෙම ප්‍රණීත රසය ඔබට කිසිදා අමතක නොවන අත්දැකීමක් වනු ඇත.