Fashion | කැපී පෙන්න විලාසිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.

fashion
fashion

අපේ ගැහැණු ළමයි කැමතිනේ Fashion කරන්න. fashion කියන්නේ වයස් බේදයක් නැතුව කරන්න පුළුවන් දෙයක්.හැබැයි තමන්ට ගැලපෙනවා නම් විතරයි.අපි හැමෝම හරිම කැමතියි කැපිලා පෙන්න. එහෙමත් නැත්නම් හැමෝම අතරේ ආකර්ශනීය කෙනෙක් වෙන්න.ඒත් එහෙම වෙන්නේ මම කළින් කිව්වා වගේ තමන්ට ගැලපෙන fashion කලොත් විතරයි. ඉතින් අපි අද බලමු තමන්ට ගැලපෙන fashion තෝරා ගන්නේ කොහොමද කියලා

මුලින්ම මේ ගැන හිතන්න
  • අවස්ථාව
  • සිරුරේ හැඩය
  • සමේ පැහැය
  • කාලගුණ තත්වය
  • ඊළඟට මේ ගැන හිතන්න
ප්‍රමාණයට වඩා ලොකු ඇදුම්

අපේ ගැහැණු ළමයි කැමතිනේ Fashion කරන්න. fashion කියන්නේ වයස් බේදයක් නැතුව කරන්න පුළුවන් දෙයක්.හැබැයි තමන්ට ගැලපෙනවා නම් විතරයි.අපි හැමෝම හරිම කැමතියි කැපිලා පෙන්න.එහෙමත් නැත්නම් හැමෝම අතරේ ආකර්ශනීය කෙනෙක් වෙන්න.ඒත් එහෙම වෙන්නේ මම කළින් කිව්වා වගේ තමන්ට ගැලපෙන fashion කලොත් විතරයි.ඉතින් අපි අද බලමු තමන්ට ගැලපෙන fashion තෝරා ගන්නේ කොහොමද කියලා

අධික ආභරණ

සමහර අය අතේ ඇඟිලි 10ටම rings දාගෙන , අත් දෙකටම බ්‍රේස්ලට් දාගෙන ,මාල 4 – 5ක දාගෙන ඉන්නවා.ගොඩක් අය ඒ විදිහට ලස්සනයි කියලා හිතුවට ඇත්තටම එහෙම කෙනෙක්ට ලස්සන නැහැ.එතකොට කිසිම ආකර්ශනීය පෙනුමක් නැහැ.ඒ නිසා තමන් අඳින ඕනෙම ඇඳුමකට ගැලපෙන විදිහට ආභරණ තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.ඒ වගේම Fashion කරනකොට සරල සහ සමබර වෙන්න.එතකොට තමයි ගොඩක් ලස්සනට ඔයාව පෙන්නේ

සමේ වර්ණය

අපි මොන ඇඳුම ගන්න ගියත් ඒක ඔයාගේ skin colour එකට ගැලපෙනවද කියලා බලන්න.මොකද තව කෙනෙක්ගේ skin colour එකට match වෙන ඇඳුම් ඔයාට නොගැලපෙන්න ඕනේ තරම් ඉඩ තියෙනවා.වෙන කෙනෙක්ව ලස්සනට පේන ඇඳුමකින් ඔයාව විරූපී කරලා පෙන්නනත් පුළුවන්.අන්න ඒ නිසා ඔයාට තියෙන්නේ සුදු පැහැයට හුරු සමේ වර්ණයක නම් නිතරම තද පැහැති ඇඳුම් අඳින්න.ඒ වගේම කළු පැහැයට හුරු පැහැය අඩු කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ ලා පැහැයට හුරු වර්ණ වල ඇඳුම්.

අධික makeup

සමහර අය හිතගෙන ඉන්නවා ගොඩක් makeup කළොත් තමයි ලස්සන.එතකොට මගේ පෙනුම ටිකක් වැඩියෙන් පේනවා කියලා.ඔව් ගොඩක් makeup කරලා තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම කැපිලා පේනවා.හැබැයි ඒ ලස්සන නිසා නෙමෙයි,අනවශ්‍ය විදිහට ලස්සන වෙන්න ගිහින් අවලස්සන වෙලා තියෙන නිසා.ඒක ඔයාට නොතේරුණාට අනිත් හැමෝමටම තේරෙනවා.අන්න ඒ නිසා තමන්ට ගැලපෙන විදිහට සහ ලස්සනට makeup එක කරගන්න.

මෙන්න මේ දේවල් ගැන fashion කරනකොට අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ.නැත්නම් ඔයාට කාගෙවත් ආකර්ශනය දිනාගන්න බැරි වෙනවා.මොකද අපි හැමෝම හරිම කැමතිනේ අකර්ශනියව ඉන්න ,කැපී පෙන්න. අන්න ඒ නිසා මේ දේවල් හරි විදිහට අනුගමනය කරන්න