සුදු වෙන්න ගාන Cream එකේ ගුණාත්මක භාවය දන්නවාද?
අද සුදු වෙන්න හැමෝම ලොකු කැමැත්තක් දක්වනවා.නමුත් මෙය සුදු වෙන්න පාවිච්චි කරන දේ පිලිබදව හොදින් අවබෝධයක් නැතුව මේ දේ කිරීමට යොමු වෙනවා. සුදු වෙන්න ගාන Cream ගැන මෙන්ම සුදු හමක් පොරොන්දු කරන එන්නත් ගැන ඔබ දන්නවාද? එහි ගුණාත්මක භාවය මෙන්ම ඒවා වල අඩංගු දේ පිලිබදව ඔබ දන්නවාද?අපි අද ඒ ගැන කතා කරන්න යනවා.
බොහෝ සුදු වෙන්න භාවිතා කරන Cream වල අඩංගු Bleach සමට අහිත කර බව ඔබ දන්නවාද?එවන් cream වර්ග ආලේප කිරීමෙන් කල් යාමේදී ඔබේ සම දුර්වර්ණ වීමට හැකියාවද ඇත.දිනපතා Bleach ආලේප කිරීමෙන් සමට අහිතකරලෙස බලපාන බව මතක තබා ගත යුතුය.
සුදු වීමට වඩා සම පැහැපත් වීම වැදගත් බව ඔබ දන්නවාද?
සම පැහැපත් වීමට බලපාන අංග රැසක් ඇත.හිරු එලියට යන විට sun block එකක් භාවිතා කිරීම මගින් හිරු එළියෙන් නැති විය හැකි අව පැහැය අවම කිරීම .මිට අමතරව සැමට අවධානය දෙමින් නිසි පරිදි Moisturizing Cream වර්ග භාවිතා කිරීම
සහ සමේ හැම වෙලේම තෙතමනය පවත්වාගෙන යාම මගින් සම පැහැපත් කර ගත හැක.සුදු වීමේ ක්‍රියාවලිය ඇති කරන්නේ හමේ මෙලනින් නිෂ්පාදනය නවත්වමින්.මෙය සෞක්‍යමය වශයෙන් ඔබට ඉදිරි කාලයේදී විශාල ගැටලුවක් විය හැක. අපගේ සමේ මලනින් ස්වභාවයෙන් නිෂ්පාදනය කරන අතර එය නැවැත්වීම මගින් ශරීරයටඅහිතක බලපෑමක් ඇති කරනවා.එම නිසා මතක තබා ගත යුත්තේ Injection ගැනීම හෝ පෙති ගැනීම තුලින් සුදු විය නොහැකි බවය.
සම නිසි ලෙස රැක බලා ගන්නවා නම් සුදු වීමට ප්‍රතිකාර අවශ්‍ය නැත.
ඔබේ සම සාමාන්‍ය සමක්ද,වියලි සමක්ද,තෙල් සහිත සමක්ද යන්න හදුනාගෙන එයට සුදුසු Face Wash ,උදෑසන Toner භාවිතා කරමින් අදාළ Cream වර්ගය මෙන්ම ඇස් වලටද Cream එකක් භාවිතා කරන්න.රාත්‍රියට යලිත් Face Wash භාවිතා කරමින් සම සෝදා Serum එකක් සහ Night Cream සහ Eye Cream එකක් භාවිතා කරන්න.අවශ්‍ය නම් Face Wash භාවිතයෙන් පසු නැවත වතාවක් Toner එකක් භාවිතා කරන්න.මතක ඇතුව scrub එකකින් සතියට වරක් මැරුණු සම අයින් කරන්න. නිවසේදීම සාදා ගත හැකි යෝගට් වැනි දේ භාවිතා කරමින් සතියකට වරක් මුහුණට Mask එකක්ද අලේප කරන්න.මෙවැනි නිසි ක්‍රමවේදයන් තුලින් සම පැහැපත් වෙයි.
ඔබගේ නිවසේ ඇති ස්වභාවික දේ පැහැපත් සමකට භාවිතා කල හැකි බව ඔබ දන්නවාද?
කස්තුරි කහ ,සුදු හදුන්,කහ වැනි දේවල් යෝගට් සමග එකතු කර mask එකක් ලෙස සකසා ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් කල හැක. මීට අමතරව scrub සදහාද ස්වභාවික දේ භාවිතා කල හැක.ඔබ මතක තබා ගත යුත්තේ තාවකාලිකව සුදු වීම ප්‍රායෝගික නොවන අතර සම නිසි ලෙස රැක බලා ගැනීමෙන් පැහැපත් විය හැකි බවයි.