නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද?
අද වන විට නත්තල ලෝකයේ විවිධාකාර විදිහට සමරනවා.නමුත් එය නිසි විදිහට සමරන්නේ කෙසේද කියලා අපි සිතා බලමු.ලෝකයේ විවිධාකාර ලෙස සමරන නත්තල ජේසු ස්වාමින්වහන්සේගේ උපත සමරන පුජනිය අවස්ථාවක් වුවද එය අද සාදයක් හෝ මුදල් උපයන කාල සීමාවක් ලෙස බොහෝ දෙනා දකිති.නමුත් අපි අද කියන්නට යන්නේ නත්තලේ නිසි අරුත මෙන්ම නිසි ආකාරයෙන් සැමරීම වැදගත් ඇයි කියාය.
1.නත්තල ආගමික උත්සවයක්.
ආගමික උත්සවයක් ලෙස එයට නිසි ගරුත්වය ලැබෙනවාද යන්න සිතා බැලිය යුතුයි.මෙය වැදගත් වන්නේ ආගමික උත්සවයකට සුදුසු ස්ථාවරය වෙනුවට කා බී ප්‍රීති වන අවස්තාවක් ලෙස එය දැකීමයි.නත්තලේ නිසි අරුත එනම් ජේසු ස්වාමින්වහන්සේගේ උපත හා උන්වහන්සේ ලෝකයට ගෙනා පණිවිඩය සොයා බැලීම වැදගත් බව අපි විශ්වාස කරමු.
2.නත්තල සැමරීම යනු අන් අය සමග බෙදා ගැනීමයි.
නත්තල යනු අන් අය සමග සතුට බෙදා ගන්නා අවස්ථාවක්.අන් අයට හැකි විදිහට උපකාර කරමින් ඔවුන්ගේ දායකත්වයත් සමග නත්තල සැමරීම සුදුසු වුවද බොහෝ දෙනා එය අමතක කරති.මෙම නත්තලේ ඔබත් හැකි විදිහට විශේෂයෙන්ම ඔබට වඩා අඩු ආදායම් තත්වයක සිටින කෙනෙක් සමග බෙදා ගැනීමට ඉදිරිපත් වන්නේ නම් නත්තලේ නිසි අර්ථය ක්‍රියාවට නංවයි.
3.නත්තල යනු වසර පුරා හැරී බැලීමක්.
අවසානය ලගා වෙමින් තිබෙන වසර දෙස නැවත හැරී බැලීමක් ලෙස නත්තල අපට දැකිය හැක.අපි විසින් මේ වසර තුල ගන්නා ලද තීරණ කරපු හෝ නොරපු දේ පිලිබදව හැරී බැලීමක් මෙමගින් සිදු කල හසක.
4.නත්තල යනු අලුත් ආරම්බයක් බව දන්නවාද?
නත්තල යනු අප සියලු දෙනාටම ලැබෙන නව ආරම්බයක් බව ඔබ දන්නවාද?අලුත් ආරම්බයකට අලුත් විදිහට ඇතුලත් වීම මෙන්ම පරණ දේ පහ කර නව විදිහකට අපගේ ජිවිත ගොඩ නගා ගැනීමත් නත්තලෙන් අපට බලාපොරොත්තු විය හැකිය.
ඉතින් ඔබත් මෙම වසරේ නත්තල නිසි ලෙස සමරන්න.ඔබට සුබ නත්තලක්.