නවතම පර්යේෂණයකට අනුව, සීනි මිශ්‍රිත පැණි බීම නිසා වසරකට 330,000කට අධික පිරිසක් හෘද රෝග සහ දියවැඩියා ( diebetes ) රෝග හේතුවෙන් මිය යන බව හෙළි වී ඇත. Nature Medicine සඟරාවේ පළ කළ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, ආචාර්ය දරීෂ් මොසාෆරියන්, මෙය මහජන සෞඛ්‍යයට දැඩි අවදානමක් බව පවසයි.
ප්‍රධාන තත්ත්වයන්
ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව කලාපය හෘද රෝග වැඩිම සංඛ්‍යාවක් වාර්තා කළ අයුරින් ඉස්මතු වේ.
උප සහරා අප්‍රිකාවේ type 2 දියවැඩියා රෝගීන් වැඩිම පිරිසක් පැණි බීම හේතුවෙන් අසුවී තිබේ.
නාගරික ප්‍රදේශවල උසස් අධ්‍යාපනය ලැබූ තරුණ පිරිමින් මෙම තත්ත්වයට වැඩි බලපෑමක් ඇති බව දැක්වේ.

පැණි බීමේ බලපෑම
සීනි සහිත පාන රුධිර සීනි මට්ටම ක්ෂණිකව ඉහළ නැංවීමෙන් ශරීරයට අහිතකර බලපෑම් ඇති කරයි.
මෙම පාන ආහාර ජීර්ණ පද්ධතියේදී ඉතා වේගයෙන් අවශෝෂණය වන අතර, ඝන ආහාරවල සීනිට වඩා අහිතකර ය.

විකල්ප හා නිර්දේශ
සෝඩා වතුර, සීනි නොදැමූ තේ හෝ කෝපි, සහ සාමාන්‍ය ජලය භාවිතා කිරීමට විශේෂඥයෝ යෝජනා කරති.
ජලයට දෙහි වැනි ස්වභාවික රසකාරක එකතු කිරීමද රසවත් හා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වේ.

සෞඛ්‍ය සටහනක් ලෙස, ප්‍රමාණවත් ජල පරිභෝජනය ශරීරයේ මූලික ක්‍රියාවන් වැනි රුධිර සීනි මට්ටම් සාමාන්‍ය ලෙස පවත්වාගැනීම, රුධිර පීඩනය සුරක්ෂිතව තබාගැනීම, ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම, සහ ආහාර ජීර්ණය මෙන්ම විවිධ ආහාර පිළිබඳ ගුණාත්මක වැඩිදියුණු කිරීම සඳහා මූලික වේ.
සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙන්නේ, සීනි සහිත පැණි බීම පරිභෝජනය අඩු කිරීම හෝ නවත්වීමේ ප්‍රතිපත්ති මාර්ගයක්, සෞඛ්‍යමය ජීවිත ශෛලියක් ගොඩනැගීමට හැකි දියුණුවක් ලබාදෙන බවයි.