රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාතයන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂී සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු ශිල්පිය කුසලතා සැමරීම වමම වැඩසටහවන් මූලික අරමුණ විය.

දේශීය හා ජාතයන්තර ව වයන් වැදගත්කමක් උසුලන ජාතයන්තර කාන්තා දිනය රාජා ජුවලර්ස් විසින් “Inspire Inclusions” යන තේමාව යටතේ සංවිධානය කරන ලද අතර සිය ව්‍යාපාරයේ සියලු අංශයන්හි කාන්තාවන්ගේ අමිල මෙහෙවර හදුනා ගනිමින් එය ඇගයීමට ලක්කිරීම අරමුණ විය.

Raja Jewellers, the leader in jewelery in Sri Lanka, organized a special celebration program on the occasion of International Women's Day 2024 from 07th to 09th March.

එහිදී ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියුතු කාන්තා නිර්මාණ ශිල්පීන් , කළමනාකරුවන්, අධයක්ෂකවරුන් , අලෙවිකරුවන්ගේ විවිධ භූමිකාවන්හි සුවිශේෂී දායකත්වය ඉස්මතු කෙරිණි. ස්වර්ණාභරණ ක්ෂේස්ත්‍රය යනු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පුද්ගල දක්ෂතා හා හැකියාවන් , කැපවීම තුළින් සාර්ථකත්වයට ළගා විය හැකි ක්ෂේස්ත්‍රයක් බව මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර මාර්තු 08 වැනිදා යෙදෙන ජ්‍යාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් අභ්‍යන්තර කාර්යමණ්ඩලය සදහා පවත්වන ලදී.


ඔවුන්ගේ කැපීම හා දායකත්වය ඇගැයීමට ලක්කිරීම මෙහිදී අරමුණ විය. මාර්තු 09 වැනිදා සිය ගනුවදනුකරුවන්ට ජ්‍යාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සුවිශේෂී සැමරුම් වැඩසටහන් රාජා ජුවලර්ස් ශාඛාවන්හි ක්‍රියාත්මක විය.

රාජා ජුවලර්ස්හි කළමනාකාර අධයක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂී සැමරුම් අවස්ථාව පිළිබදව මෙසේ සිය අදහස් දක්වන ලදී. ” රාජා ජුවලර්ස් නිරතුරුවම අප සමාජවේ කාන්තාවන්වේ කැපීම ඇගැයීමට කටයුතු කරනු ලබනවා. ඒ වෙනුවෙන් මෙවර කාන්තා දිනයට සමගාමීව විශේෂ සමරු වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් අපගේ වටිනා ගණුදෙනුකරුවන් සඳහා අමතක නොවන අත්දැකීමක් ලබාදීම අපවේ අරමුණයි.”

celebrates International Women's Day

මෙම සුවිශේෂී සැමරුම් වැඩසටහන වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් කාන්තාවන්ගේ රුචිකත්වය හා අවශ්‍යතාව වෙනුවෙන් සකස් කරන ලද පුළුල් ස්වර්ණාභරණ එකතුවක් ඉදිරිපත් කරන ලදී.

එහිදී 80%ක් පමණ කාන්තා ආකර්ෂණය සහිත නිර්මාණ ඉදිරිපත්කරමින් කාන්තාවන්ගේ එකම තේරීම රාජා ජුවර්ල්පස් බව එහිදී සනිටුහන් කරන ලදී. මේ අද්විතීය හා විලාසිතාමය මෝස්‌තර ආරක්ෂා කරන ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශ්මිත දියමති ආභරණ එකතුවක් වන Paragon – Diamond Collection එකතුව අන්තර්ගත විය.

එසේම Opera Work Wear Jewellery යටතේ වැඩකරන කාන්තාවන් හා ව්‍යවසායිකාවන් වෙනුවෙන් Serendib, Sapphire අන්තර්ගත වටිනා ආභරණ එකතුවක් ද මෙහිදී පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනැමුණි.

එසේම මම කාලසීමාව පරාවට සුවිශේෂී වට්ටම් මිල ගණන් යටතේ , තෝරාගත ක්‍රෙඩිට් කාඩ්පත් සදහා මාසික වාරික සැලසුම් හා උත්වස දිනයේ එනම් මාර්තු 09 වැනි දින ස්වර්ණාභරණ මිලදීගන්නා සෑම පාරිභෝගිකයෙකු වෙනුවෙන්ම ආකර්ෂණිය ත්‍යාග ඇතුළු සුවිශේෂී ප්‍රවර්ධන හා දීමනා පිරිනැමීමේ වැඩසටහනක්ද රාජා ජුවලර්ස් විසින් සංවිධානය කරන ලදී. එසේම මෙම අවස්ථාව නොමැකෙන මතක සටහනක් බවට පත්කිරීම වෙනුවෙන් ජායාරූප කුටියක් මෙන්ම ක්ෂණික ජායාරූප ලබාගනීමේ සුවිශේෂී අවස්ථාව ද මෙහිදී පාරිභෝගිකයින්ට උදාවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *