HER පදනම ශ්‍රී ලංකාව පුරා පාසල්වල ඔසප් වීම පිළිබඳ දැනුවත් කරමින් ප්‍රජාව සවිබල ගන්වයි

breaking the sigma

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වල ඔසප් වීම සම්බන්දයෙන් විවිධ මිථ්‍යා මත වසර ගණනාවක් තිස්සේ ප්‍රචලිත වී ඇත. මෙයට හේතු කාරකයන් ලෙස නොදැනුවත්කම, සම්පත් සඳහා සීමිත ප්‍රවේශය සහ සංස්කෘතික සීමා (breaking the sigma) බලපාන අතර එම නිසා කාන්තාවන්ට තම ඔසප් කාලය කළමනාකරණය කිරීම ගැටලු සහගත වේ.

ඔසප්වීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම HER පදනම විසින් දියත් කෙරෙන වැඩසටහනකි. මෙය තුලින් රට පුරා පාසල් 700 ක් පමණ සඳහා ඔසප් දැනුවත් කිරීමේ වැඩමුලු ඔවුන් විසින් පවත්වා තිබේ. අඛණ්ඩව පවත්වාගෙන යන මෙම වැඩසටහන් මාලාව මගින් ඔසප් වීම පිළිබඳව නිසි දැනුම ලබාදීම, එම කාලය තුලදී අනුගමනය කල යුතු ක්‍රියාවලියන් මෙන්ම ඔසප් වීම වටා තිබෙන රහස් භාවය ඉවත්වන දැනුම පාසල් දරුවන්ට ලබා දේ.

දැනුම් පරතරය පියවීම (Breaking the sigma)

HER පදනම විසින් පාසල් වලට අමතරව කර්මාන්ත ශාලා සහ බන්ධනාගාර වැනි ස්ථාන වලද මෙම වැඩසටහන පවත්වයි. මේ වන විට මෙම වැඩසටහන් හම්බන්තොට මුල් කරගෙන, දකුණු පළාතේ පැවැත්වේ. ඔසප් අධ්‍යාපනය සිසුන්ට පමණක් නොව, තරුණ මනස හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ගුරුවරුන්, දෙමාපියන් සහ රැකබලා ගන්නන් දක්වා ද  විහිදී පවතී. එය පුළුල් වූ සමාජ සත්කාරයක් ලෙස පාසල් වයසේ දරුවන්ට මෙන්ම විවිධ ප්‍රජාවන්ට දැනුම ලබාදෙන වැඩසටහනකි.

සිසුන්ට වෛද්‍ය උපදෙස් සමග නිවැරදි තොරතුරු ලබාදීම

මෙම වැඩසටහන්වල ප්‍රධාන අංගයක් වන්නේ සිසුන්ට වෛද්‍යමය වශයෙන් නිවැරදි තොරතුරු ලබාදීමයි. වෛද්‍යවරුන් සහ හෙදියන් වැනි වෛද්‍ය වෘත්තිකයන් මේ සඳහා සහභාගී වේ. ඔසප් වීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් සාම්ප්‍රදායි වැඩසටහන් වලින් ලැබෙන්නෙ නැත.

මීට අමතරව සනීපාරක්ෂක තුවා භාවිතය සහ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කරනු ලැබේ. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ සිසුන්ට, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා කිරීමේ සහ බැහැර කිරීමේ නිවැරදි ක්‍රම පිළිබඳ දැනුමක් නොමැති අතර, එය සනීපාරක්ෂාව ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු වලට තුඩු දිය හැකිය. මෙම වැඩසටහන මගින් සනීපාරක්ෂක තුවා නිවැරදිව භාවිතා කරන ආකාරය සහ නිසි සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා වගකීමෙන් යුතුව බැහැර කරන්නේ කෙසේද යන්න සිසුන්ට විස්තරාත්මකව පෙන්වනු ලැබේ.

නිසි ඔසප් සනීපාරක්ෂක පිළිවෙත් දිරිමත් කිරීම

නිසි ඔසප් සනීපාරක්ෂක පිළිවෙත් ගොඩනැගීම සඳහා, නොමිලේ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ලැබෙන අතර, ඒවා භාවිතය පිළිබඳව දැනුවත් කරයි. බොහෝ ග්‍රාමීය ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක නිෂ්පාදන වෙත ප්‍රවේශ වීම ගැටළුවක් වන අතර මෙලෙස සනීපාරක්ෂක තුවා බෙදා දීමෙන්, ඔවුන්ට මනා ඔසප් සනීපාරක්ෂක පුරුදු හඳුන්වාදීමක් සිදුවේ.

මීට අමතරව ඔසප් වීම නිසා, පාසල් යාම අතපසු වන දරුවන්ට මෙය මනා මගපෙන්වීමක් වේ. සිසුන් හට දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ද මෙම වැඩසටහනෙන් ලබාදෙන අතර, එය ඔවුන්ගේ ප්‍රජාවන් තුල දැනුම බෙදාගැනීමට ඉවහල් වේ. මෙලෙස මෙම වැඩසටහනේ දැනුම පාසල් වලින් ඔබ්බට, ප්‍රජාවට විහිද යන බව අනුමාන කල හැක.

විවෘත සංවාද සඳහා ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම

මෙම වැඩසටහනෙ වැදගත් අංගයක් ලෙස සැලකෙන්නේ සිසුන්ට නිදහසේ ප්‍රශ්න ඇසීමට සහ ඔසප් වීම පිළිබඳව ඇති ඕනෑම සැකයක් පැහැදිලි කර ගැනීමට අවස්ථාව ලබා දීමයි. ලැජ්ජාව හෝ විනිශ්චය කරනු ඇතැයි යන බිය නිසා බොහෝ තරුණ ගැහැණු ළමයින් තම ඔසප් වීම ගැන කතා කිරීමට පසුබට වෙති. මෙම වැඩසටහනේදී සිසුන්ට තම ගැටළු සාකච්ඡා කිරීමට සහ විශ්වාසයෙන් යුතුව තම ඔසප් සෞඛ්‍යය කළමනාකරණය කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට සහය දක්වන සහ විනිශ්චයෙන් තොර පරිසරයක් නිර්මාණය කරයි.

කණ්ඩායම් සාකච්ඡාවලින් ඔබ්බට, ඔසප් සෞඛ්‍යයට අදාළ ඕනෑම ගැටළුවක් පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් හෝ මග පෙන්වීමක් අවශ්‍ය නම් වෛද්‍ය වෘත්තිකයන් පෞද්ගලිකව හමුවීමට අවස්ථාව ලබා දී ඇත. අක්‍රමවත් ඔසප් වීම, දරුණු කැක්කුම හෝ වෙනත් සෞඛ්‍ය ආශ්‍රිත ගැටළු පිළිබඳව ඔවුන්ට ප්‍රශ්න තිබුණත්, පැකිලීමකින් තොරව උපකාර පැතීමට ඔවුන් දිරිමත් කරනු ලැබේ. ඔසප් වීම වටා ඇති නොදැනුවත්කම බැහර කිරීමට HER පදනම විසින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් තිබේ.