මනුදි නානායක්කාර – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් (cricket) ක්‍රීඩාවේ අලුත්ම​ තාරකාව

දක්ශ ක්‍රිකට් (cricket) ක්‍රීඩිකාවක් ලෙස​ වයස අවුරුදු 17 දී මනුදි නානායක්කාර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සිය සලකුණ තබමින් සිටින්නේය​. 2007 දෙසැම්බර් 15 වන දින උපත ලැබූ ඇය විශිෂ්ට ක්‍රිකට් කුසලතා සතු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස සුවිශේෂී නමක් දිනාගෙන ඇත​.

ප්‍රසිද්ධ වමත් පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් සහ දකුණත් මධ්‍යම වේග පන්දු යවන්නියක් ලෙස ඉතා සාරතක ගමනක යෙදී සිටින්නේය​. ඇය 2025 මාර්තු මාසයේදී නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත අතර එය ඇගේ ක්‍රිකට් වෘත්තීය ජීවිතයේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායමට යොමු වීම තුලින් ඇගේ කැපවීම මෙන්ම සුවිශේෂී දක්ෂතාව පිළිබිඹු කරයි. ක්‍රීඩාව වෙනුවෙන්, ඇය​ ලාබාල වයසේ සිටම විශාල මෙහෙවරක් ඉටු කිරීමට ඉදිරිපත් වී ඇත​.

කුඩා කල සිටම ක්‍රිකට් (cricket) වෙත නැඹුරු වීමක් දක්වපු ඇය​, පවුලේ අය සමඟ තරඟ නැරඹීමට අමතක කලේ නැත​. ඇය තම පාසලේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර ඇගේ යහලුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් අතර, එහිදී ඇය ඉහළම දක්ෂතා දක්වන්නියක් ලෙස කැපී පෙනුණි.

“මගේ පවුලේ අය තමයි මට ලොකුම සහයෝගය දුන්නේ. අධ්‍යයපන​ කටයුතු සහ පුහුණුව සමබරව පවත්වාගෙන යාම දුෂ්කර වූ විට පවා, ක්‍රිකට් (cricket) ක්‍රීඩාව කරගෙන යාමට ඔවුන් මාව දිරිමත් කළා.” ඇය පවසන්නීය.

ඇගේ කැපවීම සහ දක්ෂතාව  ඇය ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තෝරා ගැනීමට හේතු වූ අතර, එහිදී ඇයට තම හැකියාවන් ඉක්මනින් පෙන්වා දීමට හැකිවිය​.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම මනුදිගේ වෘත්තීය ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක් විය. ඇය නිරන්තරයෙන් තරග ජයග්‍රාහී දස්කම් දැක්වූ අතර, පිතිකරණය සහ පන්දු යැවීම යන දෙකෙහිම විශිෂ්ටත්වය පෙන්වා සිටියාය​.

ඇගේ විශිෂට​ පිතිකරණය සහ පන්දු යැවීම ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයග්‍රහණ ලබා ගැනීමට උපකාරී වූ අතර​ 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේදී ඇගේ කැපී පෙනෙන අවස්ථාවන් ලෙස පිලිබිඹු විය​. 

“19න් පහළ මට්ටමේ තරඟ කිරීම මනා අත්දැකීමක් වුනා. එය මට ඉහළ ඉලක්ක තබා මගේ සීමාවන් ඔබ්බට යාමට​ විශ්වාසයක් ලබා දුන්නා” යැයි ඇය පවසන්නේය​. ඇයගේ දස්කම් ජාතික අවධානය දිනා ගත් අතර, ජ්‍යෙෂ්ඨ සංචිතයට ඇයට දොරටු විවෘත විය​​.

2025 මුල් භාගයේදී, නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් (cricket) කණ්ඩායමේ මනුදි නම්කර තිබේ. ඇය සමග රශ්මිකා සෙව්වන්දි සහ චේතනා විමුක්ති  තෝරාගත් ක්‍රීඩිකාවන් අතර වෙයි.

“ජාතික කණ්ඩායමට තෝරා ගැනීම සිහිනයක් සැබෑ වීමක්. මෙය ආරම්භයk පමණක් බව මම දන්නව, නමුත් මම ඉතා දුර ගමනක් යාමට බලාපොරොත්‍තු වෙනව​” යැයි ඇය අවධාරණය කර සිටින්නේය​.

නවසීලන්ත තරගාවලිය ජාත්‍යන්තර මට්ටමින් ඇගේ පළමු ප්‍රධාන ඉනිම වන අතර, එහිදී ඇයට​ ලෝකයේ හොඳම ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ඉදිරියේ ඇගේ හැකියාවන් ඔප්පු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත​.

අධ්‍යාපන කටයුතු සමග තම ක්‍රිකට් (cricket) ක්‍රීඩාව කළමණාකර්නය කර ගැනීම අභියෝගයක් වුවද ඇය ඒ පිලිබඳව සුභවාදීව සිතයි.

ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක් වීම, ගෝලීය T20 ලීගවල තරඟ කිරීම සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි ජයග්‍රහණය කිරීමට දායක වීම​ ඇගේ අභිලාෂයන්ට ඇතුළත් වේ.

ඇය සිය පළමු තරඟාවලියට සූදානම් වන අතර, ක්‍රිකට් ලෝලීන් ඇගේ දස්කම් ඉතා උනන්දුවෙන් බලා සිටී. ඇගේ කැපවීම සහ කුසලතාවයෙන්, ඊළඟ පරම්පරාවේ කාන්තා ක්‍රිකට් (cricket) ක්‍රීඩිකාවන්ට මනා මගපෙන්වීමක් ලෙස සැලකිය හැක​.​

Her Foundation