අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම මනසින් වැටිලද?

අලුත් අවුරුද්ද | A South Asian woman sitting by a window in soft morning light, holding a cup of tea and looking thoughtfully outside, symbolising reflection and emotional reset after the New Year.

අලුත් අවුරුද්දක් ජීවිතේට අලුත් ආරම්භයක් කියලා බොහෝ දෙනා හිතනවා. ජනවාරි මාසෙ ආරම්භයත් එක්ක සතුට, නව බලාපොරොත්තුවක් ලැබේවී කියලා හිතනවා.

නමුත් උත්සව සමය ඉවර වෙලා, සාමාන්‍ය ජීවිතයට ආපහු ආවම, බොහෝ දෙනාට දුකක්, තනිකමක් හෝ හිතට බරක් දැනෙනවා.

ඔබටත් එහෙම දැනෙනවා නම්, ඔබ එය දැනෙන එකම කෙනා නෙමෙයි. මේක ඉතා සාමාන්‍ය දෙයක්. අලුත් අවුරුද්දක් ලැබුවා කියලා, අපේ හිතේ සිතුවිලි හෝ ආකල්ප ස්වයංක්‍රීයව වෙනස් වෙන්නෙ නෑ. සැබෑ වෙනස පටන් ගන්නෙ අපි හිතන පතන විදිහෙන්.

අලුත් අවුරුද්දෙන් පස්සෙ ඇයි කාන්තාවන් මානසිකව වැටෙන්නේ?

අලුත් අවුරුද්දත් එක්ක අපට ලොකු පීඩනයක් එනවා. සමාජ මාධ්‍යවලින් අපි දකින්නේ ඉලක්ක, සාර්ථක කතා, සතුටු ජීවිත. ඒවා අපේ ජීවිතයට සමාන නොවෙනකොට, අපට අපි ගැනම අසාර්ථක බවක් දැනෙන්න පුළුවන්.

තවත් හේතුවක් තමයි, පරණ සිතුවිලි ජනවාරි 1 වෙනිදා ලබනකොට අතුරුදහන් වෙන්නේ නැති එක. ගිය අවුරුද්ද අවසානයේ ඔබට අඩු ආත්මවිශ්වාසයක්, බයක් හෝ negative සිතුවිලි තිබුණා නම්, ඒවා අලුත් අවුරුද්දටත් ඒ විදියටම එනවා.

ගැටලුව අලුත් අවුරුද්ද නෙමෙයි.
ගැටලුව අපි අලුත් අවුරුද්දට ගෙන යන ආකල්පයයි.

ඔබේ සිත තමයි හැමදේම පටන් ගන්න තැන

සෑම දෙයක්ම පටන් ගන්නේ හිතෙන්. ක්‍රියාවලට පෙර, පුරුදු වලට පෙර, සාර්ථකත්වයට පෙර – සිතුවිලි තමයි ඉබේම හටගන්නේ.

ඔබේ හිත නිතරම කියන්නේ:

  • “මට මේක කරන්න බැහැ”
  • “මම අසාර්ථකයි”
  • “උත්සාහ කරා කියලා මොනවද ලැබෙන්නේ?”

මෙවැනි දේවල් නිතරම ඔබේ සිත ඇතුලේ තිබේ නම් හොඳ අවස්ථාවක් ආවත් ඒකත් බරක් වගේ ඔබට දැනෙයි.

ධනාත්මකව හිතීම කියන්නේ ගැටලු නැති කරන එක නෙමෙයි. ධනාත්මකව හිතීම කියන්නේ ඔබට ඉදිරියට යන්න උදව් කරන සිතුවිලි තෝරගන්න එක.

දිනපතා ඔබේ හිත පුහුණු කරන්න හොඳ දේවල් හිතන්න

හිතත් ශරීරය වගේම පුහුණු කරන්න ඕන. එක දවසක් පුහුණු කරලා සදාකාලික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ.

පළවෙනියෙන්ම, ඔබේ සිතුවිලි මොන වගේද කියලා අවධානයෙන් බලන්න. බොහෝ දෙනා තමන්ටම ඉතා නරක විදිහට කතා කරනවා. මුලින්ම තමන් ආදරය කරන කෙනෙකුට එහෙම තමන් කතා කරනවද කියලා හිතලා බලන්න.

Negative සිතුවිල්ලක් ආවම, ඒ සිතුවිල්ලට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්නෙ නැතුව හොඳ සිතුවිල්ලක් තෝරගන්න.

උදාහරණ:

  • “මට බැහැ” කියන එක වෙනුවට “මම උත්සාහ කරලා ඉගෙනගන්නවා” කියලා වෙනස් කරගන්න
  • “මං හැමදාම අසාර්ථක වෙනවා” කියන එක වෙනුවට “මම ටික ටික දියුණු වෙනවා” කියලා වෙනස් කරගන්න

කාලයක් ගියාම මේ හිතන විදිහ පුරුද්දක් බවට පත් වෙයි.

ඔබව ශක්තිමත් කරන දේවල්ම තෝරගන්න

දිනපතාම ඔබට තේරීම් කරන්නට වෙනවා. තේරීම් කරන්නට සිදුවන්නේ ක්‍රියාවලින් සඳහා පමණක් නෙමෙයි, සිතුවිලි පවා තෝරාගන්නට වෙනවා.

ඔබ තෝරගන්නේ:

  • ගැටලු වලට ඔබ ප්‍රතිචාර දෙන විදිහ
  • ඔබ ඔබටම කතා කරන විදිහ
  • වැරදි ඔබ දකින්නේ කොහොමද කියලා

ඔබව ශක්තිමත් කරන දේවල් තෝරගන්න එක කියන්නේ වගකීම් වලින් පැනලා යන එක නෙමෙයි. ඒ කියන්නේ දියුණු වෙන අතරතුර ඔබට ඔබම සහය වීමයි.

ඔබෙන් ඔබම අහන්න:

  • මේ සිතුවිල්ල මට උදව් කරනවද?
  • මේක මට බලයක් දෙනවද, නැත්නම් මේකෙන් මාව දුර්වල කරනවද?

එය ඔබව දුර්වල කරනවා නම්, වෙන සිතුවිල්ලක් තෝරගන්න.

උදෑසන අවදි වූ විටම හොඳ සිතුවිලි සමඟ දවස පටන් ගන්න

ඔබ උදේ අවදි වූ දිට හිතන විදිහ, ඔබේ දවසම හැඩගස්සනවා. බොහෝ දෙනා උදේම හිතන්නේ දවසේ මුහුණ දෙන්න තියෙන ගැටලු ගැන, ඒව ගැන බියෙන් දවස පටන් ගත්තොත් දවසන අවුල් වෙනවා.

ඒ වෙනුවට මෙහෙම කරන්න.

නින්දෙන් ඇහැරෙනකොට ඔබටම කියන්න:

  • “අද මම කරන දේවල් සියල්ල සාර්ථක වෙනවා”
  • “අද දවසේ අභියෝග මට හසුරවන්න පුළුවන්”
  • “මට හැකි හොඳම දේ මම කරනවා”

මේක හිත සාර්ථකත්වයට සූදානම් කරන පොඩි ක්‍රියාවලියක්.

ඔබේ ආකල්ප, ඔබ කරන දේවල් වලට වඩා වැදගත්

ඔබ කොච්චර වැඩ කරත්, negative ආකල්ප තිබුණොත් සාර්ථක වෙන්න අමාරුයි.

ඔබට පුළුවන්:

  • සැලසුම් කරන්න
  • ඉලක්ක තබාගන්න
  • දිනපතා වැඩ කරන්න

නමුත් හිත නිතරම නරක සිතුවිලි වලින්, බියෙන්, කෝපයෙන් පිරිලා නම්, සාර්ථකත්වය ලඟා කරගන්න අමාරු වෙයි.

ඔබ ගැටලුවලට මුහුණදෙන විදිහ තීරණය කරන්නේ ඔබේ ආකල්පයයි.

ආකල්පය වෙනස් කරගත්තොත්, ප්‍රතිඵලත් ටික ටික වෙනස් වෙයි.

ධනාත්මකව හිතීම කියන්නේ තෝරාගැනීමක්

ධනාත්මක හිතීම කියන්නේ උපතින් ලැබෙන දෙයක් නෙමෙයි. එය දිනපතා ඔබ කරන තෝරාගැනීමක්.

ධනාත්මක හිතීම කියන්නේ:

  • ඉගෙනගන්න පුළුවන් කියලා විශ්වාස කරන එක
  • දියුණු වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන එක
  • අසාර්ථක වීම අවසානය නෙමෙයි කියලා දැනගන්න එක

ජීවිතේ හැමදාම ගැටලු ඇති වෙනවා, ධනාත්මකව හිතීම ඔබට ඒවා මැදින් ඉදිරියට යන්න උදව් කරනවා.

ඔබ ඔබ ගැන ඉවසීමෙන් කටයුතු කරන්න

හිතේ වෙනස් වෙන්න කාලය ගන්නවා. කිසිම දවසක් සම්පූර්ණයෙන් හොඳ වෙන්නේ නෑ. සමහර දවස් හොඳයි, සමහර දවස් කරදරයි. දෙකම සාමාන්‍යයි.

දිනපතා ඇති කරගන්න පොඩි හොඳ සිතුවිලි, කාලයක් ගියාම ජීවිතය තුල ලොකු වෙනසක් ඇති කරනවා.

අලුත් අවුරුද්ද ජීවිතය වෙනස් කරන්නේ නෑ – නමුත් අලුත් ආකල්ප ජීවිතය වෙනස් කරනවා

ඔබේ හිත පුහුණු කරන්න.
ඔබව දියුණු කරන සිතුවිලි තෝරගන්න.
“මට සාර්ථක වෙන්න පුළුවන්” කියන විශ්වාසයෙන් දවස ආරම්භ කරන්න.