දරුවන්ට ඉගෙනීමේ කටයුතුවලට දෙන පීඩනය කෙතරම් භයානකද කියා ඔබ දන්නවා ද?
මවක් හැටියට ඔබ දැනගත යුතු දේ
නොබෝදා බම්බලපිටිය ප්‍රදේශයේ සිසුවියක් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට නොහැකිව පාසලේ 3වන මහළෙන් පැන ඇති බව වාර්තා වූයේය. මෙයට මුල් වූ හේතුව ලෙස අනුමානය කල හැක්කේ ඇය මුහුණ දුන් මානසික පීඩනය හා මානසික ආතතිය වේ.
මවක් හැටියට දරුවන්ට මානසික ආතතිය ඇති විය හැකි ආකාර දැනුවත් වීම අත්‍යාවශ්‍යයි. මෙයින් අදහස් වන්නේ නෑ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අතපසු කල යුතු යැයි කියා, නමුත් අනවශ්‍ය ලෙස දරුවන්ට ඉගෙනීමට බලපෑම් කිරීම සිදු නොකල යුතුය. බොහෝ මව්වරුන් විභාග නිසා දරුවන්ට විශාල වශයෙන් බලපෑම් කරමින් දරුවන්ට පීඩනයක් එක් කරයි. මව්වරුන් එය කරන්නේ හොඳ අභිප්‍රායකින් වුවද, එය දරුවන්ට ඉතා බරපතල ලෙස බලපායි. බොහෝ විට එයින් සිදුවන්නේ ඔවුන් පීඩාවට පත් වී ජීවිතය ගැන කලකිරීමයි.
මවක් ලෙස මේ තත්තවය වළකා ගත හැක්කේ කෙසේද?

දරුවන් හට ඉගෙනීම සඳහා ඉලක්ක නොහොත් Goals දිය හැකි අතර ඒ ඉලක්ක සපුරා ගැනීමට දෙමාපියන් ලෙස ඔවුන්ට මඟපෙන්වන්නෙකු ලෙස ක්‍රියා කල හැක. නමුත් ඒ ඉලක්ක දරුවන්ගේ ඔළුවට අනවශ්‍ය බරක් ලෙස දමන්නේ නැතුව ඔවුන්ට ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීමට ඔබට හැකියාව ඇත. ඒ ඉඅලක්ක කරා යාමට මාර්ගයක් දරුවාට පෙන්වා දෙන්න. දරුවන් හට ඉලක්ක දීමේ දී ඉතා සංකීර්ණ බැරෑරුම් නොවන ඉලක්ක දීමට ඔබ වඟ බලාගත යුතුය. සෑම දරුවකුම එකිනෙකාට වෙනස් බැවින් ඔවුන්ට ගැලපෙන ඉලක්ක ලබා දෙන්න.

දරුවන්ට ඔවුන්ගේ ලෝකයේ ජීවත් වීමට ඉඩ දෙන්න. නිතරම ඉගෙනීමේ කටයුතු සඳහා පමණක් යොමු කරන්නේ නැතුව ඔවුන්ට ඔවුන්ගේ ළමා ලෝකයේ ජීවත් වීමට ඇති අවකාශය අවහිර නොකරන්න. එමඟින් ඔවුන්ගේ මනසට අවශ්‍ය හොඳ පරිසරයක් හා වර්ධනය වීමේ හැකියාව තහවුරු කරයි. බොහෝ විට දරුවන්ගේ ලෝකවල සිටීම මව්වරුන් විසින් අඩු කර තිබෙන්නේ දරුවන්ව ඉගෙනීමේ කටයුතුවලට යොමු කිරීමට වුවද එයින් සිදු වන්නේ දරුවන්ට හානියක් පමණකි.

ඔබට සැබෑ කරගැනීමට නොහැකි වූ සිහින දරුවන් ලවා කරගැනීමට උත්සාහ නොකරන්න. මන්ද දරුවන්ට තමාට ආවේණික වූ සිහින ඇත. ඔවුන්ගේ පාර සදාගන්නට ඔවුන්ට ඉඩ දෙන්න. තමාගේ හැකියාවන් හට ගැලපෙන සිහිනයක් තබාගන්නට දරුවාට ඉඩ දෙන්න. ඔබේ සිහින දරුවන් තුලින් ඉටු කර ගැනීමට උත්සාහ කිරීමෙන් වන්නේ ඔබේ දරුවාගේ මානසික මට්ටම කඩා බිඳ දැමීමක් පමණයි. එනිසා දරුවන්ට තමාට ආවේණික වූ, තමාට ගැලපෙන සිහිනය තෝරාගන්නට උපකාර කරන්න. ඒ සිහිනය සැබෑ කරගන්නට මඟපෙන්වා දෙන්න. මවක් ලෙස ඔබට දරුවා වෙනුවෙන්, දරුවාගේ අනාගතය වෙනුවෙන් කල හැකි ලොකුම කර්යය එය වේ.

තරඟකාරීත්වය තුලින් දරුවාට බලපෑම් කිරීම ඉතාමත් බරපතල කාරණයකි. තම පවුලේ උදවිය හෝ මිතුරන්ට වඩා ඉදිරියට යා යුතු යැයි යන මානසික හැඟීම තුලින් දරුවන්ව පෙළඹවීම නුසුදුසුය. තමන්ගේ දරුවන් තමන්ට අයිති නැති බවත්, දරුවන්ට නිසි ලෙස මඟපෙන්වා සමාජයට මුදා හැරීමත් දෙමපියන්ගේ වඟකීම බව තේරුම් ගත යුතුය. දරුවන් තුලින් අන් අයට වඩා ඉදිරියට යෑමට උත්සාහ කිරීම නිසා දරුවන් විවිධ පීඩාවලට ලක් විය හැක. එම පීඩනයන් මානසික ආතතිය හෝ දිවි නසාගැනීම් වැනි භයානක දේ කරාද ලඟා විය හැක.

ඔබේ දරුවාව ආරක්ෂා කරගැනීමට හැක්කේ ඔබට පමණයි. සැම විටම දරුවන් සමඟ හොඳ සම්බන්ධකමක් පවත්වාගන්න, දරුවන්ව තේරුම් ගන්න, දරුවන්ට ආදරයෙන් සලකන්න මතක තබාගන්න.



