ශ්‍රී ලංකාව පුරා ඇගේ රසිකයන්ගේ දෑස්වලට කඳුලක් රැගෙන රූ තිරයේ රැජින ලෙස අප ආදරය කරන මාලිනී ෆොන්සේකා (Malini Fonseka) මහත්මිය ජීවිත ගමන නිමා කළාය. විවිධ කාන්තා චරිත ඇය සිනමාවේදී රඟපෑ අතර ඒ චරිත සියල්ල අපට යමක් කියාදුන් චරිත විය.
මාලිනී ෆොන්සේකාගේ භූමිකාව සිංහල සිනමාවේ සම්භාවනීය එකක් විය.
1947 අප්‍රේල් 30 වන දින කැලණියේ උපන් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා, තරුණ වියේ සිටම විශිෂ්ටත්වය කරා ගමන් කරන බව පෙන්නුම් කළාය. දසදෙනෙකුගෙන් සමන්විත පවුලක
අක්කා වුණු ඇය, පවුලේ බොහෝදෙනෙක්ටද සිනමා ගමන්මග පෙන්වූවාය.
ඇගේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනා කලා ක්ෂේත්‍රයට දායක වී තිබුණත්, මාලිනී නම් මේ සියලු දෙනාටම වඩා ඉදිරියෙන් සිටි සහජ දක්ෂතා රැසකින් පිරිපුන් නිළියක් විය.
1968 දී “පුංචි බාබා” චිත්‍රපටයෙන් සිනමාවට එක්වූ ඇය සම්භාවනීය චිත්‍රපට මෙන්ම වෙනත් චිත්‍රපටවලද දක්ෂ ලෙස රඟපෑවාය.
150කට වඩා චිත්‍රපට වලට ඇය රංගනයෙන් දායකත්වය දැක්වූවාය. ඒ අතරින්,
- තුෂාරා (1973)
- නිධානය (1972)
- බඹරු ඇවිත් (1978)
- සඳකින්නරාවි (1991)
විශිෂ්ට ගනයේ චිත්‍රපට ලෙස සැලකේ.
මීට අමතරව 11 වරක් සරසවි සම්මාන දිනූ ඇය ජාත්‍යන්තර සම්මාන රැසක්ද දිනාගෙන තිබුණාය. මේවා අතර,
- නව දිල්ලී චිත්‍රපට උළෙල සම්මානය
- මොස්කව් ජාත්‍යන්තර උළෙලේ විශේෂ සම්මාන
- 2010 දී CNN Hero – Asia’s 25 Greatest Actors of All Time
යන සම්මාන විශිෂ්ට විය.



මේ සියල්ලට වඩා ඇයට ආදරය කලේ ඇයගේ ප්‍රේක්ෂකයන්ය. දශක ගණනාවක් තිස්සේ සිංහල සිනමාවේ නිලි රැජින ලෙස කිරුළු පැළඳූ ඇය පරම්පරා කිහිපයක ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට සමත් වූවාය.
2010 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණ ඇය එහිදී කාන්තා අයිතිවාසිකම්, නායකත්වය, සහ ජනමාධ්‍ය පාලනය පිළිබඳ විශාල දායකත්වයක් දැක්වූවා.
නිලියක් පමනක් නොව ඇය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් ලෙසද කටයුතු කළාය.
ඇය අධ්‍යක්ෂණය කරන ලද සිනමාපට අතර
- “ස්ත්‍රී”
- “අහිංසාව”
- “සසර චේතනා”
වැනි සුවිශේෂී නිර්මාණද විය.
පුද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දුන්නද ඇය ඒවා තුලින් කිසිවෙකුට වයිර බැන්දේ නැත. නිහතමානී කලාකරිනියක් වූ ඇය සැමට සිනහවකින් සංග්‍රහ කොට පිටතින් මෙන්ම ඇතුලාන්තයෙන්ද පරිපූර්ණ වූ කාන්තාවක් ලෙස සැමවිටම පෙනී සිටියාය. ඇයගෙ ජීවිතයෙන් අපට ගන්නට තිබෙන වැදගත්ම පාඩම එයයි.
ඇය මිය යාමට ටික දවසකට පෙර පැවැත්වූ අවසන් උපන්දින උත්සවයේදී ඇය තම චිත්‍රපට ජීවිතයේ වැදගත් සංදිස්ථාන පිළිබඳව සංවේදී වූවාය.
එය ඇයගේ රසිකාවන් ඇය වෙනුවෙන් දුන් වැදගත්ම හා අවසාන තෑග්ග ලෙස සැලකිය හැක.
මාලිනී ෆොන්සේකා මහත්මිය ඔබට සුබ ගමන්. නිවන් සුව ලැබේවා!