Sri Lankan Chicken Curry | ලංකාවේ විදිහට චිකන් කරි

Sri Lankan Chicken Curry

සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චිකන් කරිය (Sri Lankan Chicken Curry) ඕනෑම ආහාරයක් එක්ක හොඳින් ගැලපෙනවා. නියමාකාරයෙන් කුළුබඩු එකතු කරලා රසවත්ම ආකාරයට ශ්‍රී ලාංකික ක්‍රමයට චිකන් කරියක් හදා ගන්නේ කොහොමද කියලා දැන් බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. සම ඉවත් කර ගත් කුකුල් මස් 1 kg
  2. රතු ලූනු ගෙඩි 09
  3. සිහින්ව ලියාගත් අමූමිරිස් කරල් 2
  4. කරපිංචා කොළ
  5. සේර කැබැල්ලක්
  6. සුදුලූනු බික් 3 – 4
  7. අමු ඉගුරු කෑල්ලක්
  8. මිරිස් කුඩු තේ හැඳි 1 – 2
  9. බැදපු තුනපහ කුඩු තේ හැදි 1 ½
  10. කහ තේ හැඳි ½
  11. කරද මුංගු
  12. උළුහාල්
  13. ගම්බිරිස් කුඩු තේ හැඳි ½
  14. අබ තේ හැඳි ½
  15. ගොරකා කෑලි 1 – 2
  16. කුරුඳු පොතු කිහිපයක්
  17. සිහින්ව ලියාගත් තක්කාලි ගෙඩියක්
  18. කරාබු නැටි 2 – 3
  19. වතුර කෝප්ප 2
  20. රස අනුව ලුණු
සාදන ආකාරය:
  • කුකුල් මස් හොඳින් සෝදා ගෙන කෑලි කපාගන්න.
  • කරපිංචා, ගොරකා , කරද මුංගු , කුරුඳු පොතු එකතු කරන්න.
  • රතු ළූණු, තක්කාලි , සුදුලූනු, සේර , අමුමිරිස් සහ ඉඟුරු එකතු කරන්න.
  • තුනපහ කුඩු , කහ කුඩු , ගම්මිරිස් , ලුණු කුඩු සහ උළුහාල් එකතු කරන්න.
  • සෝස් පෑන් එකකට මිරිස් කුඩු දමා මිනිත්තුවක් දෙකක් පමණ දුඹුරු පැහැවන තුරු බැද ගන්න.
  • මිරිස් කුඩු හොදින් බැඳුණු පසු කුකුල් මස් හා එකතු කරන්න. සියලුම දේවල් කුකුල් මස් වල හොඳින් තැවරෙන සේ මිශ්‍ර කරන්න.
  • මස් ටික හොඳට පදම් වනතුරු මිනිත්තු 15 – 20 තබන්න. මස් වලට හොඳට පහේ ඇල්ලුවාම එකේ රස වැඩි වෙනවා.
  • මිනිත්තු 20 පසුව වතුර එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
  • ළිපේ තබා වරින් වර හැඳිගාමින් මිනිත්තු 30 – 40 පිසගන්න.
  • ලිපෙන් ඉවතට ගෙන ඔබේ අමුත්තන්ට පිළිගන්වන්න.
  • මේ කුකුල් මස් කරි (Sri Lankan Chicken Curry) එක බත් , පාන් , ඉඳි ආප්ප , කොත්තු වැනි දෑ එක්කත් හරිම රසයි.

Sri Lankan Chicken Curry