ලී (wood) කර්මාන්ත අශ්‍රිත නව යොවුන් ව්‍යවසායීකාවක් ලෙස තම ව්‍යාපාරය ජයගත් සුභාෂිනී කුලරත්නයි අද වනවිට සාර්ථක මාර්ගයකට අවතීරනය වී ඇත. මේ සඳහා සුභාෂිණීට විවිධ මෙවලම් සහ යන්ත්‍ර සමඟ හුරු වීමට සිදු වූ අතර, ඒ සඳහා ඉවසීම සහ පුහුණුව අවශ්‍ය විය. “යන්ත්‍රවලට හුරු වීමට මට යම් කාලයක් ගත විය,” ඇය පැවසුවාය. කාලයත් සමඟ ඇය ඇගේ කුසලතා ඔප් නංවාගෙන අලංකාර ලී (wood) වැඩ නිර්මාණය කිරීමට පටන් ගත් අතර, ඇගේ වැඩ ගැනුම්කරුවන් 2,000 කට වඩා අලෙවි කළාය.
ඔබ ගැන කෙටි හැඳින්වීමක්…
මම සුභාෂිණි කුලරත්න. මට දැනට වයස අවුරුදු 27. මම ජීවත් වෙන්නෙ නුවර තලාතුඔය ප්‍රදේශයේ. මම A/L වලින් පසුව AGRICULTURE AND FOOD TECHNOLOGY DIPLOMA එක අනුරාධපුරය සහ කුණඩසාලය කෘෂිකාර්මික විද්‍යාල වලින් සම්පූර්ණ කරලා මේ වන විට වයඹ විශ්වවිද්‍යාලය තුල කෘෂිකර්ම හා වැවිලි බෝග උපාධිය හදාරමින් සිටිනවා. මගේ පවුලේ අම්මා අප්පච්චි, නංගි සහ මල්ලි ඉන්නවා.
ඔබ ලී (wood) වැඩ කිරීමට පෙලඹුණේ කෙසේද?
මගෙ අප්පච්චි පවත්වගෙන ගියා පොල් ලී වෙලදසැලක්. ඒකේ වැඩට මාමල දෙන්නෙක් හිටියා. එයාලා උලුවහු ජනෙල් වගේ දේවලුත් හැදුවා. ඒත් පහුකාලීනව කොරෝනා කාලයේ ඒ ව්‍යාපාර කඩා වැටිලා අප්පච්චි ඒ වැඩ නවත්තලා දාන්න හදනකොට තමයි මට මේ අදහස ආවෙ. ගෙදර ඉන්න කාලෙ විනෝදෙට වගේ මිටිය අරන් ලී කෑලි එකට එක තියල පොඩි පොඩි items හැදුවා. Phone holders, tab standers, ඒවා මගේ ගෙදර අය වගේම මගේ යාලුවෝ ගොඩාක් අගය කලා. ඒ වගේම මම Facebook page එකක් හදලා මේ item දැම්මා.
ඒත් ඒකෙන් ලොකු වෙනසක් සිද්ද වුනේ නෑ. YouTube, Instagram වගේ app වල දැක්කා පිටරට වල අය ම්රෙවා හදන වීඩියෝ කරනවා. මටත් ආස හිතිලා මම TikTok page එකක් හදලා එක වීඩියෝ එකක් දැම්මා ඒක ගොඩාක් ජනප්‍රිය වුනා. ඉතිං කවදාවත් මගෙ හිතේ කොනකවත් තිබුනෙ නැති මේ ව්‍යාපාරයට මම පය තියන්න හිතන්නෙ ඒ නිසයි.මට යන්ත්‍ර ටිකෙන් ටික හුරු වෙන්න කාලයක් ගියා වගේම මං මේ වෙනකොට 2000කට අධික පාරිභෝගිකයන් පිරිසකට මගේ නිර්මාණ විකුණලා තියෙනවා



ඔබ කර ඇති වඩාත්ම අභියෝගාත්මක හෝ විශේෂ ලී (wood) ව්‍යාපෘතිය කුමක්ද?
මට එක ආයුර්වේද වෛද්‍යවරයෙක් කරන්න දුන්නා ආයුර්වේද ස්ටීමර එකක්. ඒක ගොඩාක් ලොකු item එකක්. ඒ වගේම ඒක හදන්න මම ලොකු මහන්සියක් වුනා මගෙ අප්පච්චි එක්ක. ඒකෙ වාශ්ප එලියට නොයන විදිහට හරිම සියුම් විදිහට හදපු වටින item එකක්.
ලී වැඩ කිරීමේදී ආරම්භකයින් බොහෝ විට කරන එක් වැරැද්ද කුමක්ද?
ආරම්භය හැම කෙනෙක්ටම අසීරුයි. ලී (wood) වැඩ කරන්න ගොඩාක් අපි ප්‍රායෝගිකව තමයි ඉගෙන ගන්න ඕනි. ඒත් අපිටඒකට මූලික දැනුම අනිවාර්යයෙන් තියෙන්න ඕනි. ඒ වගේම machine tool හසුරුවන්න ඉගෙන ගන්න ඕනි. ලී (wood) වර්ග ගැන සහ තීන්ත ආලේපනය කිරීම පිලිබද හොඳ දැනුමක් තියෙන්න ඕනි. ඉතිං මුලින්ම පටන් ගන්නකොට ඒ දැනුම පුලුවන් තරම් හොයලා බලලා ඉගෙන ගන්න ඕනි. ඒවගේම හොද සිහි බුද්ධියෙන් නිතරම මේ වැඩ කරන්න ඔනි.අනතුරක් වෙන්න තියෙන ඉඩ වැඩ නිසා නිතර ආරක්ෂක උපාංග භාවිතා කරන්න ඕනි.
ලී වැඩ ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට ඔබ දෙන උපදෙස කුමක්ද?
අනිවාර්යයෙන් ඊට අදාල බලපත්‍ර වගේම ලිපිගොනු හරියට හදාගෙනම මේ ව්‍යාපාරය පටන් ගන්න. ඒ වගේම ඉස්සර වගේ නෑ දැන් ඕනි තරම් වැඩ පහසු කරන machine tools තියෙනවා. ඒවා ගැන අධ්‍යණය කරලා ඒවා භාවිතා කරන්න. ආසාවෙන් මේ ව්‍යාපාරය තුල නිරත් වෙන්න. අපිට ගනුදෙනු කරන්න වෙන ඕනිම පාරිභෝගිකයෙක් මොන මට්ටමක වුනත් බොහොම සුහදශීලීව කටයුතු කරන්න. සතුටින් කරන්න පුලුවන් විනෝදජනක ව්‍යාපාරයක් නිසා අනිවාර්යයෙන් ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්. පටන් ගත්ත දවසෙ ඉදලා ඉගෙන ගන්න හැම දේම කොහෙ හරි සටහන් කර ගන්න. හිත හිත ඉන්න එපා තියෙබ් සම්පත් භාවිතා කරලා වැඩේ පටන් ගන්න. හිතේ හයිය තියෙනවා නම් මේ ව්‍යාපාරය කරන් යන්න අනිවාර්යයෙන් පුලුවන්
කෘෂිකර්ම ශිෂ්‍යාවකගේ සිට දැව (wood) වැඩ කිරීමේ ව්‍යවසායිකාව දක්වා සුභාෂිණීගේ ගමන අනපේක්ෂිත ස්ථානවල අවස්ථා උදා විය හැකි බව මතක් කර දෙයි. ඇගේ කතාව අන් අයට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය වැළඳ ගැනීමට, අභියෝග ජය ගැනීමට සහ ඔවුන්ගේ ආශාවන් සාර්ථක ව්‍යාපාර බවට පත් කිරීමට පෙළඹවීමක් ඇති කරයි.