ශ්‍රී ලාංකික දුන්තෙල් බත් සාදන ආකාරය ඔබ දන්නවාද​?

ghee rice

ශ්‍රී ලාංකික දුන්තෙල් බත් (Ghee rice) සාදා ගන්නේ කෙසේදැයි බලමු! ගිතෙල් යොදා ගැනීමෙන් සාදන මෙම​ දුන්තෙල් බත ඉතා රසයෙන් පිරි ජනප්‍රිය ආහාරයකි. එය කුළුබඩු සහිත ව්‍යංජන, බැදපු මස් සහ මුහුදු ආහාර සමඟ ආහාරයට ගැනේ. විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා ද මෙය සැදිය හැක​.

ඔබ සුපුරුදු බත් වලින් වෙනසක් සොයන්නේ නම්, මෙම වට්ටෝරුව ඔබ සඳහා වේ. ඉතා සරල හා පහසුවෙන් සාදා ගත හැකි, උදුන මත හෝ රයිස් කුකර් මත, මිනිත්තු 30 කට අඩු කාලයකින් පිසිය හැක​.ඔබේ ශ්‍රී ලාංකික සාද සඳහා හෝ පවුලේ විශේෂ අවස්ථාවන් සඳහා මෙන්ම සති අන්ත ආහාර වේලක් සඳහාද මෙම​ දුන්තෙල් බත්, ඔබේ අමුත්තන් හට පිළිගැන්විය හැක​.

දුන්තෙල් බත් (Ghee rice) සාමාන්‍යයෙන් විශේෂ අවස්ථා සඳහා කජු, මුද්දරප්පලම් සහ කැරමල් කළ ළූණු සමඟ පිළිගන්වනු ලබන අතර ලැම්ප්රයිස් ලෙස හඳුන්වන විශේෂ ආහාරයේ කොටසක් ලෙසද සැලකේ.

Dunthel Bath – දුන්තෙල් බත (Ghee rice) 
අවශ්‍ය දෙවල්:

සුවඳැල් සහල් 300g
ලුණු 30g
දුන්තෙල් වලින් තෙම්පරාදු කරගත් කුඩාවට කපාගත් ලංකා අල 200g
කජු 100g
මුද්දරප්පලම් 20g
රම්පෙ , කරපිංචා ස්වල්පයක්
කරදමුංගු ඇට 3
කරාබු නැටි 3
තෙලෙන් බැඳගත් කරපිංචා කොළ ටිකක්
දුන්තෙල් මේස හැදි 8 පමණ
ලුණු ස්වල්පයක්
පොල් කිරි 300g
වතුර ලීටර් 2

ස්ටොක් එක සාදන ක්‍රමය

කරපිංචා, කරාබු නැටි, කරදමුංගුඑක පොට්ටනියකට දමා බැඳගන්න.
පළමුව භාජනයක් ගෙන එයට වතුර, ලුණු සහ කරාබු නැටි, කරපිංචා, කරමුංගු මිශ්‍ර පොට්ටනිය දමා තම්බාගන්න.
ලිපෙන් බාගන්නට ආසන්නව පොල්කිරි ටික දමා උතුරවා ගන්න.
අවසානයේ මෙම ස්ටොක් එක ලීටර් 1 1/2කට පමණ සැකසේ.

බත සකසා ගැනීම

සහල් හොඳින් කහ වතුරෙන් සෝදාගන්න. භාජනයකට දුන්තෙල් දමා රත් වූ පසු රන්වන් පැහැය වනතුරු ළූණු, රම්පෙ, කරපිංචා බැදගන්න.
පසුව සෝදාගත් සහල් ටික එයට දමා විනාඩි 2ක් පමණ බැදෙන්නට හරින්න.
ඉහත සාදාගත් පොල්කිරි මිශ්‍ර ස්ටොක් එක සහල් මිශ්‍රණයට එක්කර ගන්න. සාමාන්‍ය බතක් සකසන ආකාරයට එවිට බත සකසාගත හැකියි.
පසුව බැදගත් කජු, කරපිංචා, රම්පෙ, මුද්දරප්පලම් ටික දමා හැන්දෙන් දෙපාරක් කරකවා කලවම් කරගන්න.
සුවඳ විහිදුවමින් කෑම රුචිය ඇති කරන මේ දුන්තෙල් බත (Ghee rice)  කෑම මේසයට යවන්න