ශ්‍රී ලංකාවේ බේකරි ක්ෂේත්‍රය සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ යීස්ට් සපයන ප්‍රමුඛතම සමාගමක් වන AB Mauri Lanka, 2025 මාර්තු 2 වන දින කොළඹ ෂෙරටන් හෝටලයේදී “Empower Her” ශිෂ්‍යත්ව වැඩසටහන සමග මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සූදානම් වේ. මෙම මුලපිරීම, බේකිං ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීමට අමතරව ඔවුන්ගේ කුසලතා දිරිගැන්වීමට සහාය දීම මගින් විවිධත්වය සහ නවෝත්පාදන හරහා කාන්තා බල ගැන්වීම සඳහා AB Mauri Lanka සමාගමේ කැපවීම නැවත වරක් තහවුරු කරයි.
“Empower Her” ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් කාන්තාවන් හට බේකිං ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ලබා දී, ආර්ථික වශයෙන් ඔවුන්ව බල ගැන්වීමට සහ රැකියා
අවස්ථා ලබා ගැනීම සඳහා ඔවුන් දිරිමත් කල හැකි බව සමාගම විශ්වාස කරයි.
මෙම මුලපිරීමේ කොටසක් ලෙස, AB Mauri Lanka විසින් ලබා දෙන “Empower Her” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පූර්ණ ශිෂ්‍යත්ව 20ක් ප්‍රදානය කරන අතර බේකීං ක්ෂේත්‍රයේ වෘත්තීන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කාන්තාවන් හට පුළුල් පුහුණුවක් ලබා දෙනු ලැබේ. ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්වයන් තුලින් ගමන් කරන කාන්තාවන්ට මෙන්ම, රජයේ අස්වැසුම සුභසාධන වැඩසටහනට සුදුසුකම් ලබන කාන්තාවන්, විශේෂයෙන් තනිවම පවුල නඩත්තු කරන කාන්තාවන් සහ ප්‍රාථමික ආදායම් උපයන්නන් සඳහා තමන්ගේම ව්‍යාපාර ස්ථාපිත කිරීමට සහ මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණවේ.
මෙම උත්සවයට සහභාගී වන කාන්තාවන් ධෛර්යමත් කිරීම සදහා බේකරි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කාන්තා පුරෝගාමියෙකු විසින් ඇයගේ සාර්ථකත්වයේ ගමන සහ අත්දැකීම් බෙදා ගනිමින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ. මීට අමතරව මෝස්තර විලාසිතා , කාන්තා අයිතිවාසිකම්, ආතතිය සහ මානසික යහපැවැත්ම කළමනාකරණය කිරීම වැනි කාන්තාවන්ට එදිනෙදා ජීවිතයට අදාළ වන කරුණු සහ බේකරි ක්ෂේත්‍රයේ බලගැන්වීම වැනි මාතෘකා පිළිබඳව එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් විසින් සාකච්ඡා පවත්වනු ලැබේ.


මෙම සාකච්ඡාවලට අමතරව, මේ සඳහා සහභාගී වන කාන්තාවන්ට බේකරි ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමට, අත්දැකීම් බෙදා ගැනීමට සහ සහයෝගය දක්වන ප්‍රජාව තුළ සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ජාලකරණ අවස්ථා ද සපයනු ඇත. ශිෂ්‍යත්වලාභීන්ට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයකින් සැමරුම අවසන් වන අතර, එය ඔවුන්ගේ බලගැන්වීම සහ සාර්ථකත්වය කරා යන ගමනේ ආරම්භය සනිටුහන් කරයි.
මෙම මුලපිරීම AB Mauri Lanka හි පුළුල් පාරිසරික, සමාජීය සහ පරිපාලන (ESG) උපාය මාර්ගයේ ප්‍රධාන කොටසක් වන අතර එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි තීරණාත්මක ගැටළු ආමන්ත්‍රණය කර දිගුකාලීන ලෙස සමාජ බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරයි. කුසලතා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමෙන් සහ බේකරි ක්ෂේත්‍රය තුල දියුණු වීමට කාන්තාවන්ට අවස්ථා ලබා දීමෙන්, AB Mauri Lanka සමාගම වඩා හොඳ අනාගතයක් ගොඩනැගීමට කැපවී සිටීයි.
“Empower Her” ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් 2025 පෙබරවාරි 20 වන දින දක්වා විවෘතව පවතින අතර සම්මුඛ පරීක්ෂණ සහ යෝග්‍යතා පරීක්ෂණ 2025 පෙබරවාරි 22 වන දින පැවැත්වීමට නියමිතය. ශිෂ්‍යත්වලාභීන්ගේ අවසාන ලැයිස්තුව 2025 පෙබරවාරි 24 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබේ.
මාධ්‍ය විමසීම් සඳහා කරුණාකර සම්බන්ධ වන්න:
අකීලා කරීම්
+94 760 879 297
AB Mauri Lanka පිලිබඳ – AB Mauri Lanka යනු ආහාර සහ බේකින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන අතර තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලබයි. සමාගමේ ESG උපායමාර්ගය, විශේෂයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පාරිසරික භාරකාරත්වය යන ක්ෂේත්‍රවල ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. AB Mauri Lanka සමාගම නවෝත්පාදන මුලපිරීම් හරහා, ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයින්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවිතවලට දිගුකාලීන බලපෑමක් ඇති කරයි.