නාවික ක්ෂේත්‍රය තුල ලාංකිකත්වය ඉහළින්ම ඔසවා තබන ඇය  – Rating නයෝමි  අමරසිරි

ගාල්ලේ ඉපදී අධ්‍යාපනය ලබා ලාංකික නාවික ක්ෂේත්‍රය තුල පෙර නොවූ දස්කම් පාමින් සාර්ථකත්වයට පියනගන නයෝමි අමරසිරි මෙම නාවික රේටින් වරියක් ලෙස කටයුතු කරන පළමු කාන්තාව ලෙස හදුන්වාදිය හැකිය.

ඔබ ඔබේ වෘත්තිය ආරම්භ කළේ කෙසේද? 

“මට මේ වෘත්තීය ආරම්භ කරන්න අවස්ථාව ලැබුණේ ඇත්තටම මානෙල් අතුකෝරල මිස්  සහ  පාලිත අතුකෝරල සර් නිසා. ඒ කියන්නේ ලංකාවේ පලවෙනි වතාවට කාන්තා ‘රේටින්’ වරියන් හදුන්වාදෙන්න ILO (International Labour Organization) සහ NUSS (National Union of Seafarers Sri Lanka) ආයතනය මගින් සංවිධානය කල de-grating පාඨමාලාවක් හරහා. මේක පැවැත්වුයේ  මහපොළ වරාය සහ  සමුද්‍රීය ආයතනය විසින්. ඉතින් එයට සහභාගී වීම නිසා තමයි මට මේ අවස්ථාව ලැබුනේ. ඊට පසුව Carnival Maritime ආයතනයට අයිති අයිඩා සෝල්  (Aida Sol) කියන නැවේ  රැකියාව ලැබුනේ  Mercantile Marine Management ආයතනය හරහා.’’ මෙම ආයතන තුනේම කැපවීම මත ඇයට එම අවස්ථාව ලැබුණු බව ඇය පවසා සිටි.

ඔබේ නැව් ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොනවාද?

“මගේ තනතුරත් එක්ක පළවෙනි contract එකෙන්ම Employe of the Month වෙන්න ලැබීම මගේ නාවික ජීවිතේ ලබපු විශේෂිතම  සිදුවීමක් ඒ වගේම ස්කොට්ලන්තේදී අපි ටෙන්ඩ ඔපරේෂන් කළා. ඒකෙදී මම තමයි  එම බෝට්ටුව පදවගෙන ගියේ. විශේෂයෙන්ම කාන්තා රේටින් කෙනෙක් මීට කලින් බෝට් එකක් පදවනවා පැසෙන්ජර්ස්ලා දැකල තිබුණේ නැහැ ඉතින් මේ නිසාම මට ලැබුණ ආදරේ අගය කිරීම මම කවදාවත් අමතක වෙන්නේ නැහැ”

පිරිමින් පමණක් නියැලෙන රැකියාවක(Rating) ඔබ සාර්ථකව යෙදෙන්නේ කෙසේද?

මෙම රැකියාවේ හුගක් පිරිමි අය තමයි නියැලෙන්නේ. ලංකාවේ ගත්තොත් කාන්තාවෝ  ‘ඩෙක් කැඩෙට්’  වරුන් ඉන්නවා ‘රේටින්’ කියන කොටස  ඒ කියන්නේ De-grating කරන අය නෑ .ඒ කියන්නේ මම සහ තව කෙනෙකු පමණයි. ‘රේටින්ස්  ලෙස මෙතන වැඩ කරන්නේ. නැව ඇතුළේදී ඇත්තටම ගැහැණු පිරිමි බේදයක්  ඇත්තටම නැහැ පිරිමි අය බර වැඩ කරනකොට අපිත් බර වැඩ කරනවා. නැව ඇතුලේ තියෙන්න ඕන කණ්ඩායම් හැගීම . මාස ගානක් එක දිගට එකම පිරිසක් සමග වැඩ කරන්නේ ඉතින් මම ගැහැණු කෙනෙක් මට බර වැඩ කරන්න බෑ කියල පැත්තකට වෙලා හිටියොත් එතන ඇත්තටම කණ්ඩායම් හැගීමක් එන්නේ නැහැ ඉතින් හැමෝම සාමුහික හැගීමෙන් වැඩ කරන්න ඕන. ඇත්තටම මම හුගක් තෘප්තිමත් මගේ වෘත්යතිය  ගැන. De-grating  කියන කොටසෙහි කාන්තා නියෝජනය ලෝකෙන්ම ගත්තොත් අඩුයි. අයිඩා සෝල්  (Aida Sol) එකෙත් මන් හිතන්නේ නැහැ පහක් වත් ඉන්නවා කියලා අනිත් රටවල් එක්ක බැලුවහම. බොහෝ දෙනා  නැව ඇතුළෙදි මාව විශේෂ කෙනෙක් විදියට තමයි දකින්නේ. ඒකට හේතුව ඩෙක් එකේ හුගක් වැඩට එන්නේ පිරිමි පාර්ශවය නිසා” 

ඔබට තරුණියන්ට දිය හැකි උපදෙස් මොනවාද?

“ලංකාවේ තරුණ ගැහැණු ළමයින්ට හිතේ බයක් තියෙනවා කොහොමද එක දිගට මාස හතක් අටක් නැවක ඉන්නේ කියලා ඉතින් මට කියන්න තියෙන්නේ මේක භයානක ක්ෂේත්‍රයක් නෙමෙයි. අපිට ආරක්ෂාව තියෙනවා ඒවගේම අපිට හීනයක් තියෙනවනම් අපි ආස කරන රැකියාවක් කරන්න එය කරා යන්න ඕන. මුලින්ම මුලින්ම කියන්න ඕන අධිෂ්ඨානයක් ඒ කියන්නේ හිතේ ලොකු ශක්තියක් තියෙන්න ඕන. මම මේ දේ කොහොමහරි කරනවා කියලා හිතේ ලොකු අදහසක් තියෙන්න ඕන. කෙනෙක් හිතනවානම් මේ ක්ෂේත්‍රය ගැහැණු ළමයින්ට නුසුදුසුයි කියලා මන් කියන්න කැමති ඒක එහෙම නෑ. මොකද ඕනෑම රැකියාවක්  ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් ඉතින් ආරක්ෂාව අතින් ගත්තොත් අයිඩා සෝල්  (Aida Sol)  කියන්නේ වගකීම් සහිත ආයතනයක් මම එක දිගට කන්ට්‍රෑක් තුනක් දැනට අයිඩා සෝල්  (Aida Sol) සමග අත්සන් කරල තියෙනවා.” 

නාවික ක්ෂේත්‍රය කාන්තාවන්ට බය විය යුතු තැනක් නෙමෙයි. ඔබත් නාවික ක්ෂේත්‍රයට ඇතුළත් වෙන්න කැමතිනම් ඔබටත් පුළුවන් මෙම මාර්ගය තෝරාගන්න තෝරාගන්න යැයි ඇය පවසයි.