අපි හැමෝම අයිස් ගැන දන්නවා.නමුත් අයිස් යනු මොනවාද කියා නිශ්චිත ලෙස දන්නවාද?අයිස් යනුවෙන් හැදින්වෙන්නේ උත්තේජක මත්ද්‍රව්‍යක් වන මෙතෆෙටමින්ය.මෙත් හෝ ක්‍රිස්ටල් ලෙසද එය හැදින්වේ.මේ අයිස් නොදන්නා කමට පාවිච්චි කරාට එයින් ඔබේ ශරිරයට සිදු වන දේ ගැන ඔබ දන්නවාද?
1.අයිස් ගෙන පළමු දවසේ ඔබට වෙන්නේ කුමක්ද?
මෙයට වැදගත් වන්නේ ඔබ එය ලබා ගන්න ආකාරය සහ එය ලබා ගන්නා ප්‍රමාණයයි.බොහෝ විට එය ඔබට ලැබෙන්නේ පෙත්තක් හෝ injection එකක් ලෙසයි.සමහර අය වතුර සමග එකතු කර බොති.සමහර අය එය දුමක් ලෙස ආශ්වාස කරන අතර ක්ෂණිකව එය ප්‍රතිචාර දක්වයි.
අයිස් වලින් ලැබෙන්නේ මොකක්ද?
අපගේ මොලයේ වින්දනය සොයන හෝර්මෝනය ලෙස ඩොපමයින් (Dopamine ) සැලකේ.නමුත් මෙමගින් සාමාන්‍ය මට්ටමට වඩා දහස් වාරයක වින්දනයක් ලබා දෙයි.මෙයින් ලැබෙන්නේ ඉතා බලවත් වින්දනයක්. එවිට ඔබට ලැබෙන්නේ සුවිශාල වින්දනයක් මෙන්ම පැහැදිලිව සිතීමේ හැකියාවක්. ඔබට සිතෙන්නේ මෙය ගැනීම තුලින් ඔබට හොදට සිතීමට සහ කළමනාකරණය කිරීමේ හැකියාව මේ තුලින් ලැබෙන බවයි.නමුත් එය බොරුවක්.මිට අමතරව ශාරීරිකව ඔබේ ලිංගික ආශ්වාදය වැඩි වීමත් හදවතේ ස්පන්දන වේගය වැඩි වීමත් සිදු වෙනවා එමෙන්ම අහාර ගැනීමටද නොහැක.
2.ඊලග දවදසේ මොනාද වෙන්නේ.
ඉහත සදහන් වින්දනය පවතින්නේ පැය 4 සහ 12 අතර කාලයක් පමණි.නමුත් ලේ සහ මුත්‍රා තුල පැය 72 ඇත.එයින් අදහස් වෙන්නේ එම මත්ද්‍රව්‍ය තවමත් ඔබේ ශරීරයේ ඇති බවයි.ඔබට කිසි තීරණයක් ගන්න බෑ .මනස වියවුල්.බඩගින්නක් ඇති වෙනවා .ආතතියක් සහ බය වීමක් පෙන්නුම් කරනවා.සමහරෙක්ට මානසික රෝගී තත්වයක්ද පෙන්නුම් කල හැක.
3.යලිත් අයිස් ලබා ගත්තම කුමක්ද සිදු වෙන්නේ.
වින්දනය ලබා ගැනීමේ අධිෂ්ටානයෙන් ඔබ මෙය ගැනීමට පුරුදු වී සිටියත් එමගින් හදවතේ ස්පන්දන වේගය වැඩි වීම,උන ගැනීම,කට වේලීම, වමනය යාම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි.මෙය වැඩිපුර ගන්න විට සමහරෙක්ට දැඩි ලෙස මනසට බලපෑමට හැකියාව ඇත.එය මානසික ආතතික තත්වයක් විය හැක. මෙය සිදු වන්නේ නොරඩ්‍රිනලින්(Noradrenaline) යන රසායනික සංයෝගය මගින් ඔබගේ මොලයට උත්තේජනයක් ලබා දෙන බැවිනි.
4.අයිස් වලින් සිදු වන හානිය කුමක්ද?
තරුණ වයසේදීම හෘදයාබාධයකට ගොදුරු වීමේ ඉඩකඩ ඇත.සාමාන්‍ය තත්ත්වය ට වඩා දහස් වාරයක් වැඩියෙන් ඩොපමින් මොලයට ලැබෙන බැවින් එමගින් මොලයට හානියක් සිදු වෙයි.එම නිසා යලිත් යලිත් මෙය ගැනීමට පෙළබෙනවා.මෙයින් වැඩියෙන්ම හානිය සිදු වෙන්නේ මොලයටයි.මන්ද යත් අයිස් ඍජුවම බලපාන්නේ මොලයට බැවිනි.
5.මෙයින් අයින් වෙන්නේ කෙසේද?
මුල් අවස්ථාවේ අමාරු වුවද චිත්ත ශක්තියෙන් සහ වෛද්‍ය උපදෙස් මගින් මෙයින් මිදිය හැක.මුල් අවස්ථාවේ තේරුම් ගත යුත්තේ කවුරුන් කෙසේ කීවත් කිසිම අවස්ථාවකදී මොන යම් හේතුවක් සදහා හෝ අයිස් පාවිච්චි කිරීම සුදුසු නැති බවය.