තරුණව ලස්සනට ඉන්න කවුද අකමැති?වර්තමානයේ බොහෝ කාන්තාවන් ,තරුණ ප්‍රජාව ඔවුන්ගේ ලස්සන රැක ගැනීමට නොයෙකුත් නිෂ්පාදන ,විවිධ ක්‍රීම් වර්ග භාවිතා කරයි .නමුත් මෙවැනි නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඔබේ සමෙහි ඇති වන සංකූලතා පිළිබද ඔබ දැනුවත්ද?එවැනි සංකුලතා මගහරවා ගැනීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ?
ඔබ විවිධ නිෂ්පාදන භාවිතා කිරීමෙන් සමෙහි ලප කැළැල් ඇති වීම ,සම පිළිස්සීමට පත් වීම ,සමෙහි කුරුලෑ හට ගැනීම….වැනි විවධ සංකුලතාවයන් හට ගනී. මෙය කියවන ඔබ මේ වන විටත් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයෙක් නම් මෙම ලිපිය කියවීම තුළින් ඔබට යම් සහයක් ලබා ගත හැක.
සමෙහි ඇති වන මෙවැනි සංකුලතාවයන් මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගය නම් ,නිතරම ස්වභාවික නිෂ්පාදන භාවිතා කිරීමයි.සම සිසිල් කිරීමට ,සමේ පැහැය තවත් වැඩි දියුණු කර ගැනීමට,සම සුරක්ෂිතව තබා ගැනීමට ….වැනි බොහෝ දේ සදහා මෙම ස්වභාවික නිෂ්පාදන වැදගත් වේ.එවැනි නිෂ්පාදන කිහිපයක් පිළිබද අපි දැනුවත් වෙමු.
1.කහ – අද බොහෝ අය ආලේපන වලට කහ එකතු කිරීම සිදු කරනවා .කහ විටමින් \’සී \’ බහුල වන අතර කොලජන් වර්ධනයටද උපකාරී වෙයි.පැල්ලම් ලප කැළැල් ඉවත් කරයි.ඔබට කහ කුඩු මිශ්‍රණයක් ලෙසද භාවිතා කල හැක.කහ කුඩු තේ හැන්දකට මී පැණි සහ ලෙමන් යුෂ එකතු කර මිශ්‍රණයක් තනා ගන්න.එය ඔබේ මුහුණ, ගෙල ආදී ප්‍රදේශයන්වල ආලේප කර විනාඩි 30-45 අතර කාලය තුලදී සෝදා හරින්න. මෙයින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සමේ තෙල් ගතිය නැති කරයි.ඔබේ සම පැහැපත් කරයි.
2.යෝගට් සත්කාරය – යෝගට් අපි ආහාරයට ගන්න ප්‍රිය කරන කෑමක්.නමුත් යෝගට් කියන්නේ සෞක්‍යයට හිතකර ස්වභාවික ලස්සන වැඩි කර ගන්න පුළුවන් ලක්ටික් අම්ලය සහ විරංජන ගුණ පිරි සංයෝගයක්.යෝගට් ස්වල්පයක් ගෙන එයට මී පැණි මිශ්‍ර කරන්න.පසුව එය ඔබගේ මුහුණෙහි සහ ගෙල ප්‍රදේශයෙහි ආලේප කර විනාඩි 15 පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
3.අයිස් කියුබ් සත්කාරය – ඔබගේ මුහුණේ සිදුරු වසා දැමීමට අයිස් උපකාරී වෙයි.අයිස් භාවිතා කරමින් මිනිත්තු 3-4 කාලයක් ඔබගේ මුහුණ හොදින් සම්බාහනය කරන්න.මෙමගින් ඔබට ඉතා සාර්ථක ලෙස ප්‍රථිපල අත්විදිය හැකියි.
4.සුදු හදුන් – සුදු හදුන් කියන්නේ ඉතාමත් වාටිනා රූපලාවන්‍ය නිෂ්පාදනයක්.කැළැල් මකා දැමීමට, සමේ වියළි පෙනුම ඉවත් කිරීමට, කුරුලෑ ඇති කරන බැක්ටීරියාවන් විනාශ කිරීමට, දීප්තිමත් පෙනුමක් ලබා දීමට සුදු හදුන් වලට හැකියාව ඇත.
5.කස්තුරි කහ – කස්තුරි කහ වටිනා දුර්ලභ ඖෂදයක්. කස්තුරි කහ වල අඩංගු මේද අම්ල වලින් සමට දීප්තිමත් සහ ප්‍රාණවත් බවක් ලබා ගැනීමටත් සමේ ඇති අනවශ්‍ය වියලි බව නැති කර ගැනීමටත් දිදුලන සහ තරුණ බවක් සමට ලබා ගැනීමටත් හැකියාව ඇත.
6.වැල්මී – වැල්මී ශාකය ඖෂධීය අතින් ඉතා ඉහල වටිනාකමක් ඇති ශාකයක් වන අතර ලොව පැරණිතම ශාකයක් වේ. වැල්මී වඩාත් ප්‍රසිද්ධ වන්නේ සමට දීප්තිමත් පෙනුමක් ලබා දීම පිලිබදවයි. ඊට අමතරව ඔබේ සම පිරිසිදු කර සම මත පිරිසිදුකාරකායක් ලෙස ක්‍රියා කරන අතර සම පැහැපත් කරනවා.
7.වෙනිවැල්ගැට – වෙනිවැල්ගැට රෝග රැසකට පිළියම් දෙන දිව ඔසුවක්. රූපලාවන්‍ය නිෂ්පාදනයක් ලෙසද වෙනිවැල්ගැට භාවිතා කරයි. සමෙහි ඇති වන කුරුලෑ මර්ධනය කර ගැනීමටත් එමගින් ඇති වන ලප කැළැල් නැති කර ගැනීමටත් එමෙන්ම සමට දීප්තිමත් බවක් එකතු කර ගැනීමටත් මේ වෙනිවැල්ගැට භාවිතයෙන් පුළුවන්.