උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena

උත්සව සමයේ ඔබේ නිවසට පරිපූර්ණ නැවුම් බවක් එක් කරගැනීමට Clena සමග ඔබටත් හැකිය. ඔබ නත්තල් හෝ වසර අවසාන සැමරුම් සඳහා සූදානම් වන විට, ඔබේ නිවස සුපිරිසිදුව තබා ගැනීම වැදගත් වේ. Clena සතු ජාත්‍යන්තර මට්ටමේ පිරිසිදු කිරීමේ කාරකයන් සමග ඔබට ඔබේ නිවස නිසි පරිදි මෙම උත්සව සමයේ පිරිසිදු කරගත හැකිවේ.

ගෘහස්ථ පිරිසිදු කිරීමේ විශේෂඥයා වන Clena වෙතින් උත්සව සමයට සරිලන පිරිසිදු කිරීමේ උපදෙස් කිහිපයක්.

උත්සව සමය තුල ඔබේ නිවස වෙනදාටත් වඩා හොඳින් පිරිසිදු කළ යුත්තේ ඇයි?

වසර අවසානයේ නිසිලෙස පිරිසිදු කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහ එවන් පරිසරයක් පවත්වා ගැනීම සඳහා වැදගත් වේ. වසර පුරා එකතු වන දූවිලි, සහ අපිරිසිදුකම් නිසා ආසාත්මිකතා වැනි සෞඛ්‍යය ගැටළු මතුවිය හැක. එමෙන්ම එය වාතයේ ගුණාත්මකභාවය හා පවුලේ යහපැවැත්මටද බලපෑ හැක. මීට අමතරව, උත්සව සමය වැනි කාර්යබහුල කාලයකදී නිසි පිරිසිදු කිරීමක්, නව වසර සඳහා සූදානම් වීමට වැදගත් වේ.

Clena – ඔබේ විශ්වාසවන්ත පිරිසිදු කිරීමේ සහකරු

Clena ඔබේ නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම බහුකාර්ය, පරිසර හිතකාමී සහ කාර්යක්ෂම පිරිසිදු කිරීමේ විසඳුම් ලබා දෙන විශේෂඥයා බව ඔබ දන්නවාද? 

Clena හි පිරිසිදු කිරීමේ නිෂ්පාදන කිහිපයක් පිළිබඳව සොයා බලමු :

  • Clena All Purpose (Multi-Surface) Cleaner: ප්‍රබෝධමත් සුවඳක් සහිත වූ සුවිශේෂ පිරිසිදු කිරීමක් ඔබට ලබාදෙයි. ඕනෑම මතුපිටක් සඳහ යෝග්‍ය වේ.
  • Clena Glass Cleaner: වීදුරු නිසිලෙස පිරිසිදු කරමින් මනා දීප්තියක් ලබාදෙයි.
  • Clena Magic Brush (Floor & Tile Cleaner): ටයිල් සහ සිමෙන්ති හා ඕනෑම බිමක් සඳහා යෝග්‍ය වන අතර දැඩි පැල්ලම්ද පහසුවෙන් ඉවත් කරයි.
  • Clena නානකාමර පිරිසිදු කිරීමේ දියරය : නානකාමරය තුල ඇති සබන් කුණු ආදිය ඉවත් කර මනා දීප්තියක් ලබාදෙයි.
  • Clena Kitchen Degreaser: ලිප, උඳුන්, සහ මුළුතැන්ගෙයි මත ඇති ග්‍රීස් සහ කුණු පහසුවෙන් ඉවත් කරයි.

ඔබේ නිවස නිසිලෙස පිරිසිදු කිරීමට අවශ්‍ය උපදෙස් කිහිපයක්

  1. අනවශ්‍ය දේවල් ඉවත් කරගැනීම

පිරිසිදු කිරීමට පෙර අනවශ්‍ය දේවල් ඉවත් කරගැනීමට සැලසුම් කරන්න. ඔබට තවදුරටත් අවශ්‍ය නොවන දේවල් පරිත්‍යාග කරන්න, ප්‍රතිචක්‍රීකරණය කරන්න හෝ බැහැර කරන්න. අවුල් නැති නිවසක් පිරිසිදු කිරීම වඩාත් පහසුය.

හිස් රාක්ක සහ ලාච්චු ඉවත් කිරීමෙන් පසු පිස දැමීමට Clena All Purpose (Multi-Surface) Cleaner භාවිතා කරන්න.

  1. අධික තදබදයක් ඇති ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරන්න

අපිරිසිදු හා විෂබීජ බොහෝ විට එකතු වීමට ඉඩ ඇති විසිත්ත කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමර වැනි ස්ථානවලින් පිරිසිදු කිරීම ආරම්භ කරන්න.

  • විසිත්ත කාමරයේ ජනේල දීප්තිමත් කරගැනීම සඳහා Clena Glass Cleaner භාවිතා කළ හැක.
  • මුළුතැන්ගෙය – උඳුන හා Oven ආශ්‍රිතව ඇති තෙල් පැල්ලම් ඉවත් කිරීමට Clena Kitchen Degreaser භාවිතා කරන්න.
  • නානකාමර – විෂබීජනාශකයක් සහ මනා සේදීමක් ලබාදෙන Clena Bathroom Cleaner නානකාමරයේ ඕනෑම මතුපිටක් පිරිසිදු කිරීමට භාවිතා කළ හැක.
  1. ගෙබිම සහ කාපට් පිරිසිදු කිරීම 

ගෙබිම සහ කාපට්වල දූවිලි ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

ගෙබිම ටයිල් සහ කාපට් පිරිසිදු කරගැනීමට නැවුම් සුවඳක් ඇති Clena All Purpose (Multi-surface) Cleaner භාවිතා කළ හැක

  1. නිවසේ මතුපිට ස්ථාන පිරිසිදු කිරීම.

දැව, ටයිල් , හෝ ලැමිනේටඩ් පොළොවට, Clena Magic Brush (Floor & Tile Cleaner) භාවිතා කළ හැක. එය නිර්මාණය කර ඇත්තේ පොළොවේ නිමාවට හානි නොකර තද පැල්ලම් ඉවත් කර දීප්තිමත් මතුපිටක් ලබාදීමටය.

  1. දිදුලන ජනෙල් හා වීදුරු සඳහා

නිතිපතා පිරිසිදු කිරීමේදී ජනේල හා වීදුරු මතුපිට නිසිලෙස පිරිසිදු වන්නේ නැත. නමුත් Clena Glass Cleaner භාවිතා කිරීමෙන් ඔබේ ජනේල සහ වීදුරු සඳහා නිමාවක් ලබාගත හැක.

  1. උත්සව සමයට වැදගත් වූ පිරිසිදු කිරීමේ අදහස් කිහිපයක්
  • තිර රෙදි , මෙට්ට සහ නිතිපතා පිරිසිදු නොවන ස්ථාන අස්පස් කර දූවිලි ඉවත් කරන්න.
  • නානකාමර සහ බැල්කනි වැනි තෙතමනය වැඩි ප්‍රදේශ කෙරෙහි පිරිසිදු කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්න.

ක්ෂණිකව පිරිසිදු කිරීමේ උපදෙස් කිහිපයක්

  1. මයික්‍රෝවේව් උඳුන – ලෙමන් පෙති සහිත වතුර භාජනයක් විනාඩියක් රත් කරන්න, ඉන්පසු තද පැල්ලම් ඉවත් කිරීම සඳහා Clena Kitchen Degreaser සමඟ අභ්‍යන්තරය පිස දමන්න.
  2. දීප්තිමත් කරාම: කරාම සහ නානකාමර සවිකිරීම් මත Clena නානකාමර පිරිසිදුකාරකය යොදාගනිමින් පිස දමන්න.
  3. ගෙතුල සුවඳවත් පරිසරයක් – බිම ඇති තද පැල්ලම් ඉවත් කිරීමට Clena Magic Brush (Floor & Tile Cleaner) භාවිතා කිරීමෙන් දීප්තිමත් බවක් සහ සුවඳවත් පරිසරයක් ගොඩනගා ගත හැක.

පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ පිළිවෙත් කිහිපයක්.

උත්සව සමයේ ඔබගේ නිවස පිරිසිදු කිරීමට මග පෙන්වන්නා Clena.

  • ඉවත දැමිය හැකි පිසදැමීම් වෙනුවට නැවත භාවිතා කළ හැකි රෙදි භාවිතා කරන්න.
  • නිවස සුවඳවත් කිරීමට දොඩම් හෝ දෙහි ලෙලි තම්බා පෙරාගත් වතුර ගෙබිම තුල ඉසින්න.
  • මොප් නිසිලෙස පිරිසිදු කිරීමෙන් බොහෝ කාලයක් භාවිතා කළ හැක.
  • සුගන්ධ තෙල් වැනි ස්වභාවික වායු නැවුම්කාරක තෝරා ගන්න.

පිරිසිදු කිරීම පහසු කරන් උපදෙස් කිහිපයක්.

  1. එදිනෙදා භාවිතා කරන බෝතල් සහ භාණ්ඩ ලේබල් කරන්න. එමගින් ඒවා ඔබට පහසුවෙන් හඳුනා ගත හැකිය.
  2. කාලසටහනකට අනුකූලව පිරිසිදු කිරීම් කටයුතු කරන්න
  3. ඔබ තවදුරටත් භාවිතා නොකරන දේවල් සඳහා ඔබේ නිවසේ පෙට්ටියක් තබා ගන්න. එය අවශ්‍ය විට අවශ්‍ය ස්ථානවලට ලබා දෙන්න.

Clena සමග උත්සව සමය තුල පිරිසිදු කරගැනීම සඳහා 10% වට්ටමක් Clena කොළඹ ප්‍රදර්ශනාගාරය සහ Uber Eats වෙතින් ලබාගත හැක.