ශ්‍රි ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය රැප් තාරකාව – යොහානි ද සිල්වා

ශ්‍රි ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය රැප් තාරකාව ලෙස හැඳින්විය හැකි යොහානි ද සිල්වා ඇගේ යූටියුබ් නාලිකාවෙන් මේවනවිට මිලියන ගණන් ග්‍රාහකයින්ගේ කැමැත්ත ලබා ගනිමින් සිටින්නීය.

දකුණු ආසියානු සංගීතයේ සුවිශේෂී නාද රටා දේශීය සංගීතය සමඟ මුසු කරමින් ඇය ගායනා කල \”මැණිකේ මගේ හිතේ\” ගීතය – අමිතාබ් බච්චන් විසින් ඔහුගේ Twitter ගිණුමේ share කර තිබේ. ඇගේ යූටියුබ් නාලිකාවේ ඉදිරිපත් කළ මෙම ගීතය මේ වන විට මිලියන 38 කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර එම ගීතය සඳහා ලැබෙන ප්‍රතිචාර තවමත් ඉහළ යමින් පවතී.

ඇයටම උරුමවූ අද්විතීය ගායන ශෛලියට ප්‍රියකරන දහස් ගණන් ඉන්දියානු රසිකයන් මෙම ගීතයේ මලයාලි සහ හින්දි අනුවාදයන්ද ඇයගෙන් ඉල්ලා සිටියි.

මෙලෙස ගෝලීය කාන්තා රැප් තාරකව ලෙස තරුණ ගායිකාවක් ජාත්‍යන්තර කීර්තියට පත්වීම ශ්‍රී ලංකාවට මහත් ආඩම්භයක් වනුයේ ඇය තමන්ටම සුවිශේෂී වූ රැප් කිරීමේ ශෛලියක් අනුගමනය කර තිබෙන නිසාය .

ඇගේ පියා සිවිල් යුද්ධ සමයේ සේවය කළ විශ්‍රාමික ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා ය. ඇය හැදී වැඩුණේ හමුදා පසුබිමක් සහිත නිවසක  බැවින් එවැනි පසුබිමක ජීවත් වන පවුලකටම මුහුණ පෑමට සිදු වූ අවිනිශ්චිතතාවන් බොහෝය.

නමුත් ඔරොත්තු දීමේ ශක්තිය සහ ගොඩනැගීම සඳහා ඇගේ පෞරුෂය හැඩගැස්වූ බවක් පෙනේ . එය අත් නොහරින නමුත් ඇය විසින්ම ගොඩනඟන මාවතක් අනුගමනය කරන බව අපට දැකිය හැකිය.

ඇය ගායනයෙන් ප්‍රසිද්ධයි – එහෙත්, ඇයගේ ගමනේ සුවිශේෂී සාර්ථකත්වය විය යුත්තේ ලොව පුරා වෙසන සෑම මනුෂයකුගේම සිත් සතන් ආකර්ෂණය කර ගැනීමයි.

ගෝලීය කාන්තා රැප් තාරකාව වීමට ඇති සියලු හැකියාවන් සමඟින්, යොහානි අපට එදිනෙදා ශක්තිය ලබා ගැනීම සඳහා බොහෝ දේ විදහා දක්වයි.

සිහිනය කිසි විටෙකත් අත් නොහරින්න –

එය දුෂ්කර ගමනක් වූ නමුත් ඇය කිසි විටෙකත් එය අත්හැරියේ නැත.

කෂේත්‍රයේ තුල පැමිණි අභියෝග හොඳින් අවබෝධ කරමින් ඇගේ රසිකයන් සඳහා ඇගේම සංගීතයක් නිර්මාණය කරන්න ඇය යොමු වුනාය.

මෙම ජයග්‍රාහණය ලැබීමට පෙරද, ඇය තමාගේම නිර්මාණ ඉදිරිපත් කරමින් කලාපීය හා අවසානයේ ගෝලීය තාරකාවක් බවට පත් කරවන විශාල සාර්ථකත්වයේ මාවත සකසා ගත්තාය.

ඇයටම සුවිශේෂී වූ ගායන විලාශය වර්ධනය කිරීම –

යොහානි සුවිශේෂි වනුයේ ඇයගේ දක්‍ෂතාව නිසා පමණක් නොව, කිසිවෙකු පිටපත් නොකිරීම සහ ඇයටම උරුමවූ ගායන ශෛලිය වර්ධනය කරගෙන ඇති නිසා බැවිනි.

ඔබ රැප් ගායකයෙකු හෝ කුමන ශෛලියක ගායකයෙකු වුවත්, ලේඛකයෙකු හෝ , ව්‍යවසායකයෙකු වුවත් එය විශාල වෙනසක් ඇති කරන පරිදි කරන්න.

කිසි විටෙකත් වෙනත් කෙනෙකුගේ ශෛලීන් අනුගමනය නොකරන්න.

සැම විටම ඔබම දියුණු වී ඒ සඳහා අවංකව ක්‍රියා කිරීම වැදගත් වේ. ඔබ ලෝකයට ඉදිරිපත් කරන්නේ ඔබටම ආවේනිකවූ ශෛලීයක් බැවින් එය සෙසු අයගෙන් ඔබව වෙන් කර පෙන්වයි. එබැවින් අන් අය අනුකරණය නොකර ඔබේම දෙයක්, ඔබේම ආකාරයෙන් ඉදිරිපත් කිරීමට යොමු වන්න. යොහානි ඒ සඳහා කදිම නිදසුනකි.

නිහතමානී සාර්ථකත්‍වයක් –

මිලියන සංඛ්‍යාත ග්‍රාහකයින් මෙන්ම මිලියන 38 ක් නැරඹු ජනප්‍රිය ගීතයක් වුවද , ඇය සැමවිටම ඇයම බව යොහානි සිය රසිකයින් සඳහා ඇයගේ Facebook පිටුවේ පණිවිඩයක් share කර ඇත.

සාර්ථකත්වයේ ඉණිමඟ තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට වැදගත් පාඩමක්.

www.liya.lk වෙබ් අඩවියේ පැතුම වනුයේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී තිළිණයක් වන යොහානි, ගෝලීය වේදිකාවේ බැබළේවා!