හැමදාම මහත්තයා වැඩට යනකොට කල්පනා කරල බලලා වචන හසුරුවන එක දෙන්නාටම හොදයි.
මොකද කිව්වොත් ඒ වචන පෙල ගොඩක් වෙලා එයගේ හිතේ රැදෙන්න පුලුවන් නිස වගේම දවසේ ආරම්භයට ඒ වචන බලපාන නිසා.
දන්නවාද අපි කියන වචන වල බලයක් තිබෙන බව?
දරුවන්ට, තමන්ගේ ස්වාමි පුරුෂයාට බිරිදක් හැටියට, මවක් හැටියට, නිසි වචන භාවිතා කිරීම ඉතා වැදගත්
අපි අද බලමු මොන වගේ වචනද ඔබ ඔබේ ස්වාමි පුරුෂයාට උදේම කිවයුත්තේ කියලා. ඒ වගේම කතා නොකල යුතු වචන තියෙනවා.
1. දවසේ ප්‍රශ්න තිබුනත් ඒ පිලිබදව වද කරන්න එපා.
අපේ සමහර කාන්තාවෝ එක ප්‍රශ්නයක් දහවරක් විතර කියවනවා. අර මනුස්සයා ට කොච්චර කන්දොස්කිරියාවක් ද කිව්වොත් ඒ මනුස්සයා ගේ මුලු මනසම අවුල් වෙන්න පුලුවන්.
ඉතින් ඒ නිසා එක වරක් කියන්න. දෙවරක් කියන්න. යලි යලි මතක් කරන්න යන්න එපා. ඒක ආවට පස්සේ හෝ වැඩ වෙලාවෙදි මතක්
කර දෙන්න පුලුවන්.
සමහර නෝනලා මහත්තයාට කියන්නේ ප්‍රශ්න විතරයි. විසදුම් වත්, ඊට එහා කිසිවක් වත් ගැන සොයන්නේ නෑ.
අපි අද ඔබට කියන්නේ එවන් කාන්තාවක් නොවන්න කියලයි.
කවුරුත් කියන්නේ නෑ ප්‍රශ්න නැති ලෝකයක් තියෙනවා කියලා. අපි කියන්නේ ප්‍රශ්න වවා ගෙන ඔලුව අවුල් කරනගෙන ඔහුගේ ඔලුවත් අවුල් කරන්න එපා කියලා විතරයි.
කතාවක් තියෙනවා හැමදේම කියන්න වෙලාවක් කලාවක් තියෙනවා කියලා. ඒක මතක තියාගෙන ඉන්න එක කාටත් වැදගත්.
2. කියනදේ සුබවාදී ව කියන්න බලන්න.
සමහර කාන්තාවන් කියන්නේ වෙඩි උන්ඩ වගේ කතා. ඒවා කනට අරන් ගෙදරින් පිට වෙන සැමියාට දෙය්යන්ගෙම පිහිටයි.
හොද දෙයක් සුබවාදීව කියන්න බැරිනම් නිකන් ඉන්න. නරක දෙයක් නොකිය.
ජීවිතෙ මල් යහනාවක් කියල කවුරුත්කියන්නේ නැහැ.
කියන්නේ ඉන්න කාලේ ප්‍රශ්න තිබ්බත් සුබ පැත්තට වාසියක් තියල කියන්න බලන්න කියල විතරයි
3. ඔහුට ප්‍රාර්ථනා කරන්න සුබ දවසක්, බුදු සරනයි, දෙවි පිහිටයි කියලා
සැමියාට තම බිරිද ගේ ආශිර්වාදය කොතරම් වටිනවාද කියල ගොඩක් බිරින්දැවරු දන්නේ නැහැ.
දන්නේ අර කසිකබල් ඉන්දීය නාට්ටි වල තියන නොවටින දේවල් නේ ගොඩක් විට. ඒවගේ නාට්ටි බැලුවට කමක් නැහැ ඒවා ඔලුවට අරන් ඔලුව අවුල් කර ගන්න එපා.
අම්මා කෙනෙක් බිරිදක් හැටියට ස්වාමියාට, දරුවන්ට ආශිර්වාද කරන එක ඉතා වැදගත් මෙන්ම බලවත්. විශේෂයන්ම උදේ ඔවුන් වැඩට හෝ පාසලට පිටත් වනවිට.
කොච්චර දැවෙන ප්‍රශ්න තිබ්බත් එවා එක පාරට අතාරින්නේ නැතුව ආශිර්වාදයක් ලබා දීලා ඊට පස්සේ කියන්න බලන්න.
4. ඔහු යනවිට යලි ඔහු එන තුරා බලන් ඉන්න බව හැගෙන දෙයක් කියන්න
හැම පිරිමියාම තුල ඉන්නේ දරුවෙක් – ගැහැනු හැටියට අපි එය දැනගන්න ඕනේ.
ප්‍රසන්න ලෙස යමක් කියන්නේ නම් හැම පිරිමියාම එයට කැමතියි. ඒක තමා යතාර්තය.
ඉතින් ඔබත් ඔබේ සැමියාට වැඩට යන්න කලින් ඔහු යලි නිවසට එන ගමන පිලිබදව මතක් කර එය ඔබ බලාපොරොත්තු වන බව අගවන්න – ප්‍රසන්න ලෙස.
ප්‍රසන්න ලෙස කතාකිරීම අපෙන් සමහරෙක් දෙනාට දැන් මතක නැහැ. කඩා පනින්න, වැරැදි හොයන්න, අඩුපාඩු කියන්න විතරයි
පුල්වන්. මේක නරක පුරුද්දක්, හදා ගන්නම වෙනවා.
ඉතින් ඔබත් මේවා කියවලා වෙනස් වෙන්න බලන්න