මේ කාලය තුළදී දිරිමත් වෙන්නේ කොහොමද?

කොරෝනා කාලය තුළදී අප සියලු දෙනාටම එක සේ බලපෑම් ඇති කරනු ලැබීය. මෙම කාලය තුළ විවිධ ප්‍රශ්න රාශියකට මුහුණ දීමට අපට සිදු විය. නමුත් මෙහිදී වැදගත් වන්නේ අප එම ප්‍රශ්න හමුවේ සාර්ථකව මුහුණ දීම හෝ නොදීමයි. මේ කාලය තුළදී අපි එලෙස දිරිමත්ව නැගී සිටින්නේ කෙලෙසද යන්න අද අපි බලමු.

  1. සෑම වැටීමක්ම පන්නරයක් බව මතක තබා ගන්න
    මෙම කාලය තුළදී රැකියා අහිමි වීම, ව්‍යාපාර කඩා වැටීම, ආර්ථිකමය පසුබැසීම අපි කවුරුත් මුහුණ දෙන පොදු ප්‍රශ්නයකි. නමුත් මේ සෑම කඩා වැටීමක් හමුවේම ආත්ම ශක්තිය ඇතුව විශ්වාසයෙන් නැගී සිටිය යුතුමය. වැදගත්ම දෙය වන්නේ අප ඒවා නිසිලෙස කළමනාකරණය කරගැනීමයි.

2 වැටුණු ආර්ථිකය යළි පනගැන්වීම
මෙම කොවිඩ් වසංගතය හේතුවෙන් අප සියලු දෙනාගේම ආර්ථිකය යම්කිසි මට්ටමකින් පසු බෑමකට ලක්ව ඇත. වැටුණු ආර්ථිකය යළි පණගැන්වීමට නම් අපි වෙනස් හා අලුත් වූ දේවල් කරා යොමු වෙමින් ඒවායින් ආදායම් මාර්ගයක් සකසා ගැනීමට උත්සහ කළ යුතුය. මේ කාලයට ගැලපෙන අලුත් වූත් වෙනස් වූත් දේවල් සිතමින් එවැනි දේවල් වෙළදපොලට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔබට ඇත.

  1. ඔබගේ ආකල්ප වෙනස් කරගන්න
    මෙතෙක් පැවතුනාවූ ඔබගේ ආකල්ප වෙනස් කරමින් දැන් කාලයට ගැළපෙන ලෙස ඔබගේ ආකල්ප හැඩගස්වා ගැනීම ඔබට වාසි සහගත වනු ඇත. සරල හා නව ක්‍රමවේදයන් කරා ගමන් කිරීමට අපට සිදු වනු ඇත.
  2. සරල දිවි පෙවෙතකට හුරුවන්න
    මෙම කොවිඩ් කාලය තුළ බොහෝ අනවශ්‍ය වියදම් වලට අපි හුරු වී සිටි බව අපි කාටත් පසක් වූ කරුණකි. මේ තුළින් සරලව ජීවත් වීමට, සරල දිවියක් ගත කිරීමට අපි සැවොම පුරුදු වී සිටියි. එය ඉදිරියටත් එලෙසම පවත්වා ගෙන යාමට අපි සැවොම වග බලාගත යුතුය.
  3. මෙය අලුත් ආරම්භයක් ලෙස දකින්න
    මේ කාලය අපිට අලුත් මාවතක් ලෙස සිතමින් අලුත් ආරම්භයක් රැගෙන අලුත් විදියට සිතමින් ජිවත් වීමට අපි සැවොම උත්සහ කළ යුතුය. රැකියාවට, ව්‍යාපාරයට මෙනම් එදිනෙදා ජිවිතයටද මෙය නව ආරම්භයක් යැයි සිතමින් කටයුතු ආරම්භ කර ඔබ ඔබටම අනන්‍යතාවයක් ඇති කරගැනීමට උත්සහ කරන්න.