ගසක් රෝපණය කිරීමෙන් මිනිසා ජීවත් වන පරිසරයෙහි ගුණාත්මකභාවය වැඩි දියුණුවේ. මේ නිසා රුක් රෝපණය සහ හරිතකරණය සඳහා ප්‍රජාව දිරිමත් කිරීමට සහාය වීම අපි සෑම කෙනෙකුගේම වගකීමකි.
ගස් කැපීම නිසා පරිසර විනාශය සිදුවන අතර ජෛව විවධත්වයද අඩුවේ. අද ගස් කැපීම මහා පරිමාණයෙන් සිදුවෙන අතර එය කාලගුණික සහ දේශගුණික පරිසරයේ වෙනස්වීම් කෙරෙහි බෙහෙවින් බලපා තිබේ.
මේ පිළිබඳව අවධානය යොමු කරන බොහෝ ආයතන සහ සංවිධාන මෙලෙස මිනිසා විසින් විනාශ කරන ස්වාභාවික සම්පත් නැවත පරිසරයට ලබා දීමට සැලසුම් සහගතව ගෙවතු සඳහා පැල ලබා දීමේ සිට හැකි සෑම තැනකම ගස් සිටුවීම දක්වා වූ තිරසාර ක්‍රියාකාරකම් වල කැපවීමෙන් නියැලේ.
Global Lifestyle Lanka සමාගම හරිතකරණයේ තිරසාර පැවැත්ම උදෙසා ගස් සිටුවීමට සහ ගෙවතු සඳහා පැල ලබා දීමට කැපවීමෙන් ක්රියා කරයි. ඔවුන් විසින් සිදුකරන මෙම රුක් රෝපණ ව්යාපෘතිය තුලින් ප්රජාව සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යන බවද සමාගම පවසයි.
වනාන්තර විනාශ කිරීම නිසා ගෝලීය උණුසුම 10%කින් ඉහළ යන බව ගෝලීය දත්ත පෙන්නුම් කරයි. ගස් කපන විට ඒ සඳහා නැවත ගස් රෝපණය නොකරන්නේ නම් එම තත්ත්වය වැඩි වන බව විශේෂඥයින් පෙන්වා දෙයි. ගස් කැපීම නිසා පාංශු ඛාදනය, අස්වැන්න අඩුවීම , ගංවතුර, හරිතාගාර වායු වැඩි වීම, පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහල යාම ඇතුළු බොහෝ පාරිසරික විනාශයන් සිදුවේ.
මීට අමතරව දැඩි නියඟය, තාප තරංග, මුහුදු මට්ටම ඉහළ යාම, සාගර උණුසුම් වීම සහ ග්ලැසියර දියවීම වැනි දේශගුණික විපර්යාස මිනිසුන්ට සහ සතුන්ට සෘජුවම බලපෑම් ඇති කරයි.
පරිසරයේ සිදුවන මෙම විපර්යාස අවම කිරීම සඳහා කපන ලද ගස් වෙනුවට නැවත ගස් රෝපණය කිරීම සඳහා ප්‍රජාව කැපවීමෙන් කටයුතු කල යුතුය. මේ පිළිබඳව අවධානය යොමු කල Global Lifestyle Lanka සමාගම පැල සිටුවීමේ ව්‍යාපෘතිය නොකඩවා සිදු කිරීමට කටයුතු කරයි.
සමාගම විසින් ආරම්භ කල මෙම රුක් රෝපණ ක්‍රියාකාරකම් ආයතනයේ සේවක මණ්ඩල සහ විවිධ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇතිව නිතිපතා සිදු කරනු ලබයි. Global Lifestyle Lanka සමාගම විසීන් මෙලෙස ශාක සහ හරිත සම්පත් ලබා දීමෙන් රුක් රෝපණය සඳහා ප්‍රජාව යොමු කිරීමට නිරන්තරයෙන් ක්‍රියා කරනු ලැබේ.