ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම තුලින් දරුවා යහපත් කළහැකි බවයි දරුවා නිවැරදිව හැඩ ගැසෙන බවයි.
ඔබට මතක් ඇති දිමි ගොටු දමා දඩුවම් කිරීම හෝ ගස් බැඳ දඩුවම් කිරීම හෝ වැරැද්දක් කල විට කරුවල කාමරය දමා වසන බවට තර්ජනය කරමින් බිය වැද්දීම ඔබ මේ පිළිබද සිතන්නේ කුමක්ද?
අද මනෝ උපදේශන ලිපිය මගින් කතා කිරීමට යන්නේ දරුවට දඩුවම් කිරීම නුසුදුසු බවයි
නරක හෝ අයහපත් චර්යා පුරුදුවන විට දරුවට ශාරීරික හෝ මානසිකව දඩුවම් කිරීම නුසුදුසුය මෙහිදී දරුවාට සිදුවිය හැකි අනතුරු බොහෝය දඩුවම් කිරීමේ ප්‍රතිපලයක් ලෙස දරුවා යහව තවත් මුරණ්ඩු විය හැක එසේම දරුවා සමාජ හෝ පුද්ගලයන් විස්වාස නොකරන තත්වයට පැමිණේ
ලෝක්ය් බොහෝ දියුණු රටවල දඩුවම් කිරිම නීතියෙන් තහනම් කර ඇත මෙහිදී කල යුතු වන්නේ දරුවා කල වැරැද්දට මුල සාධකය සොයා බලා එය ඉවත් කිරීමෙන් වරද නිවැරදි කිරීමයි
දරුවාට සියල්ල වටහා ගැනීමට තරම් මානසික ශක්තියක් කුඩා කල සිට ම ඇති වේ කල යුතුවන්නේ කාරුණික ලෙස දරුවට කරුණු පැහදිලි කරදීමයි
දෙමාපියන් ගේ හෝ වැඩිහිටියන්ගේ ආවේග හෝ කේන්තිය අනුව දරුවාගේ වැරද්දක හෝ අත පසු වීමක් දුටු විටම දරුවන්ට මානසිකව හෝ ශාරීරිකව වද හිංසා සිදු කරයි මෙහිදී බුද්ධිමත් ලෙස කලයුතු වන්නේ දරුවාගේ වැරැද්ද ඔහුටම අවබෝධ වන අයුරින් හැසිරීමයි
වැඩිමහල් දරුවන් ගේ වැරද්දකදී නිදසුන් මගින් එය අවබෝධ කරවීමද කල යුතුවන්නේ ඉතා බුද්ධිමත් ලෙසය. එය විසවස කරන අයුරිණි. වර්තමාන දරුවන් බොහෝවිට බුධිමත් වේ ඔවුන් කිසිදින රවට්ටවිමට නොහැක එමනිසා දරුණ සමග ඇත්ත ඇති සටියනේ කතා කිරීම ඉතාවැදගත්ය.
තවද දරුවන්ගේ හෝමෝන වෙනස් වන ඔවුන්ගේ හැසිරීම් රටාවේද යම් යම් වෙනස්කම් ඇති විය හැක මෙහිදී ඇති විය හැකි විශාලම ගැටළුවක් වන්නේ දරුවන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතා වේ මෙහිදී කල යුතුවන්නේ උපේක්ෂා සහගතව හා බුද්ධිමත්ව මේ පිලිබදව තීරණ ගැනීම හා එය නිරාකරණය කිරීමයි
කිසි විටක දරුවන් සමග රණ්ඩු කිරීම හෝ දඩුවම් කිරීම නොව බොහෝ බුධිමත්ව කටයුතු කිරීම කල යුතුය
දරුවන් සිදුකරන යම් යම් ක්‍රියා වැරදි ලෙස වැඩිහිටියන් අර්ථ දැක්වුවද ඒවා වැරදි ලෙස දැක්විය නොහැකි අතර කල යුතු වන්නේ දරුවන් හට ඒවා මනා ලෙස කියා දීම වේ. එසේම ආදරය හා කරුණාව දැක්වීමද අනිවාර්යය වගකීමකි