සමාජීය සහ කාර්මික දියුණුවේ වර්ධනයත් සමඟ පරිසර දුෂණය සීග්‍රයෙන් සිදුවෙන බැවින් එය කළමනාකරණය කිරීම අද විශාල අභියෝගයක් බවට පත්ව ඇත .
වර්තමාන ලෝකය ප්ලාස්ටික් භාවිතය කෙරෙහි වැඩි වශයෙන් යොමු වීම නිසා වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් පරිසරය දුෂණය කෙරෙහි විශාල වශයෙන් බලපෑම් ඇති කරනු ලැබේ.
ලෝකයේ නිපදවන ප්ලාස්ටික් වලින් 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක් එක වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් කාණ්ඩයට අයත්වේ.
මෙම ප්ලාස්ටික් වසර 100කටත් වඩා වැඩි කාලයක් පවතින අතර එමඟින් ජල මුලාශ්‍ර ඇතුළු සාගර සම්පත් සහ ගොඩබිම් දුෂණය සිදුවන බැවින් එය සමස්ත පරිසරයටම හානිදායක බව විශේෂඥයෝ විශ්වාස කරති.
බීම බට , වතුර බෝතල් ,යෝගට් කෝප්ප ,හැඳි සහ සැෂේ පැකට් වැනි එක්වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් භාවිතා කරන බැවින් නාගරික අපද්‍රව්‍යවලින් 10% ක්ම මෙම කාණ්ඩයට අයත් වන බව පෙන්වා දෙයි.
මීට අමතරව 2017 වසරේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය සාගරයට මුදාහරින රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 05 වැනි ස්ථානයටද පත් වී ඇත .
ශ්‍රී ලංකාවේ වසරකට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය MMT 1.59ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
එක වරක් පමණක් භාවිතා කළහැකි කාණ්ඩයට අයත් වන මේ මඟින් ජල සහ සාගර සම්පත් දුෂණයට පත් වී තිබෙන අතර එය නිසි ලෙස කළමනාකරණය කිරීමේ වගකීම ජනතාව මත පැවරී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සෘජු විකුණුම් සමාගමක් වන Global Lifestyle Lanka ආයතනය එක වරක් පමණක් භාවිතා කළහැකි ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා කැපවීමේන් කටයුතු කරන අතර එය අනුගමනය කිරීම සහ පිළිපැදීම ඉතා වැදගත් බව ඔවුන් විශ්වාස කරති .
පාරිසරික හානිය කළමනාකරණය කිරීමේදී මෙවැනි ප්ලාස්ටික් වෙනුවට තිරසාර නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වන බවද එම සමාගම විශ්වාස කරයි.
ශ්රී ලංකාවේ මේ නිසා සිදුවන පරිසර හානිය අවම කිරීමට ප්ලාස්ටික් නැවත සැකසීම ආරම්භ කර ඇත. මේ සඳහා රුපියල් බිලියන 13 ක මුදලක් ආයෝජනය කර ඇති අතර සමාගම් 400 කට අධික සංඛ්යාවක් තුල ප්ලාස්ටික් නැවත සැකසීම සිදුවෙමින් පවතී.
මෙම ප්ලාස්ටික් වල HDPE, LDPE, PET, PP, PS සහ EPS (පොලිමර්) වැනි රසායන සංයෝග අඩංගුය. ඒවා සාගරයට, ගංගා සහ පොළවට එක්වීමේදී පහසුවෙන් අවශෝෂණය වන බැවින් මුළු අනාගත පරම්පරාවටම විශාල හානියක් සිදු විය හැකිය.
ආනයනික අමුද්‍රව්‍ය, ආනයනික නිෂ්පාදන, අර්ධ නිමි භාණ්ඩ, ඇසුරුම්කරණ, ගුවන් සමාගම් සහ වරායන් මඟින් ඉවත දමන අපද්‍රව්‍ය වැනි විවිධ ප්ලාස්ටික් නිෂ්පාදන මෙම එක වරක් පමණක් භාවිතා කළහැකි ප්ලාස්ටික් කාණ්ඩයට ඇතුළත් වේ.
බස්නාහිර පළාත තුළ කර්මාන්ත බහුලව පවතින බැවින් එම පළාතේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩි බව මුලාශ්‍ර පෙන්වා දෙයි. එම පළාතේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් කළමනාකරණය කරනු ලබයි.
ශ්රී ලංකාව එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් වර්ග රැසක් තහනම් කිරීමට පියවර ගෙන ඇතත්, එය අවම කිරීම සඳහා ජනතාවගේ කැපවීමද අවශ්යවේ.
ජාතියක් වශයෙන් මෙය අවම කිරීම සඳහා පුද්ගල කැපවීමක් සහතික කිරීමට පියවර නොගන්නේ නම්, මෙමඟින් පරිසරයට ඇති කරන දූෂණය අපගේ අනාගත පරම්පරාවට බලපානු ඇත.