දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම, පාලනය නොකිරීම, කෑගැසීම නැවැත්වීමට ආදියයි. දරුවාගේ හැසිරීම තීරණය වන්නේ දෙමාපියන්ගේ හැසිරීම මත වන බැවින්, මේ සඳහා දෙමාපියන්ට නිසි මානසිකත්වයක් නොමැති නම් කොපමණ උත්සහ ගත්තත් දරුවාගේ හැසිරීම් වෙනස් කරීමට නොහැකි වේ.
දරුවන්ට කුඩා කල කෑගැසීම නිසා නව යොවුන් වියේදී ඔවුන්ට චර්යාත්මක ගැටළු මතු විය හැක. එසේම විනාශකාරී හා ප්‍රචණ්ඩත්වය සදහා වැඩි ඉඩක් ඇත. දරුවන් තුල ආත්ම අභිමානය අඩු වීම, අන් අය කෙරෙහි ආක්‍රමණශීලී බව වැඩි වීමේ ඉහළ අනුපාතයන් ඇතිවිය හැකි වේ . තවද මානසික අවපීඩනය, කාංසාව වැඩි කරයි.
1. ක්‍රියාශීලී සවන්දෙන්නෙකු වන්න.
ඔබ දරුවා සමග ගැටුමක සිටී නම්, ඔබේ දරුවාට අවංකවම එම ගැටුම මනසට හැඟෙන ආකාරය බැලීමට යොමුවන්න. වැරැද්ද කොතැනක වුවත් ඕනෑවට වඩා විනිශ්චය කිරීමෙන් වළකින්න. ඔබට කලබල වීමට කිසිවක් නොමැත. මෙහිදී අවශ්‍ය වන්නේ දරුවා සමග කතා බහ කරමින් ඔහුගේ සිතුවිලි තේරුම් ගැනීමට උත්සහ දැරීමයි. සරලව ප්‍රකාශය කළහොත් දරුවාට දේශනා කරනවාට වඩා ඇහුම්කන් දීමට මතක තබා ගත යුතුය. තම අදහස් හා හැඟීම් බෙදාහදා ගැනීම සඳහා දෙමාපියන් විවෘත විය යුතුය. නමුත් සිදුවන්නේ දෙමාපියන් ලෙස ඔබට අවශ්‍ය වන දේ කෑගැසීම් හෝ අණ කිරීම් මගින් දරුවා හැසිරවීමට යාමේදීදරුවා හා දෙමාපියන් තුල දුරස්ථ භාවය වර්ධනය වීමයි. දරුවා තමාට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට නම් දරුවාට සවන් දීම වර්ධනය කර ගත යුතුය
2. ඔබට දැනෙන කේන්තිය එක එල්ලේ දරුවාට යොමු නොකරන්න.
දරුවා යම්කිසි වැරද්දක් කල විට (ඔබට හැගෙන ආකාරය අනුව එය වැරදි වුවත් දරුවගේ මනසට අනුව එය හරි යන සිතුවිල්ලේ සිටින බව ඔබ අමටක නොකරන්න )මෙහිදී ඔබේ දරුවා වෙනස් වීමට ඔබ කැමති දේ විශ්ලේෂණය කිරීමට උත්සාහ කරන්න, පසුව එය ඔහුට තාර්කිකව පැහැදිලි කරන්න. නිදසුනක් වශයෙන්, අවුල් සහගත නිදන කාමරයකදී, ඔබ හරි දේ කුමක්ද සහ ඔහු එය කිරීම නතර කිරීමට කැමති කුමක්දැයි ඔබගෙන්ම විමසන්න. මෙහිදී කල යුතු වන්නේ ඔබගේ චිත්තවේගීය මන්දගාමී කිරීම වන බව මතක තබා ගන්න. ඔබ චිත්තවේගීව දැඩි ලෙස ප්‍රතික්‍රියාශීලී වන තරමට, ඔබ කෑගැසීමට ඇති ඉඩකඩ වැඩි වන බව මතක තබා ගන්න.
3. දරුවාගේ වැරදි පෞද්ගලිකව ගන්න එපා.
දරුවාගේ වැරදි කිසිවක් පෞද්ගලිකව නොගත යුතුය . උදාහරණයක් ලෙස කුඩා දරුවෙකු ( අවරුදු 3) මිදුල අතුගාන ඉදල ගෙනවිත් නිවාස ඇතුල අතු ගෑමට පටන් ගනී. එවිට ඔබ කල යුත්තේ පෞද්ගලිකව දරුවා සමග තරහ වීම හෝ බැණ වැදී එය නැවත් විම නොව එවෙනුවට කොස්ස ගෙනවිත් දිම හෝ එම අවස්ථාවේ දරුවා මිදුලට රැගෙන ගොස් අතු ගෑමට යොමු කරවීම හෝ වක්‍රව එය අමතක කරලීම වේ.
දෙමාපියන් ලෙස මතක තබාගතයුතු වැදගත්ම කරුණ නම් දරුවා කුමන හෝ වැරද්දක් කල විට ඒ වෙනුවෙන් කෑගැසීම හෝ බැණ වැදීම නොව දරුවට තමාව තේරුම් කරවීමට උත්සහ ගැනීම නොව දෙමාපියන් ලෙස දරුවාගේ මානසික මට්ටම තේරුම් ගැනීමයි