ඔබත් අනියම් ඇසුරක් පවත්වනවාද?

Are you also having an affair?

මිනිසුන්ට ජිවිතයේ වැදගත්ම කොටසක් ලෙස සම්බන්ධතාවයන් හදුන්වාදෙන්න පුළුවන්. මෙහිදී පවුලක් විදියට ඔබ පවත්වන සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. ඊට අමතරව ඔබ බාහිරව පවත්වන සම්බන්ධතාවයන්ද වේ. මෙම සම්බන්ධතා ගැන කතාකරනවිට අද පවතින අනියම් සම්බන්ධතා විශාල ගැටළුවක් බවට පත්ව ඇත. මෙම ලිපියෙන් අපි සදහන් කරන්නේ මෙම සම්බන්ධතා ඔබට බලපාන ආකාරය සහ , එයින් මිදෙන්නට ඔබ කරයුතුදෙවල් ගැනයි.

peanuts

සම්බන්ධතා(relationship)  හරිවිදියට පැවැත්විය යුත්තේ ඇයි ?

එකිනෙකා අතර පවත්වන සම්බන්ධා අදවනවිට විශාල වශයෙන් කතාබහ කරන මාතෘකාවක් ලෙස දිනෙන් දින වර්ධනය වේ. ඉතින් එම නිසාම හරි විදියක සම්බන්ධතාවක් පැවැත්විය යුත්තේ ඇයිද යන්නදැන ගැනීම ඉතා වැදගත් වේ. සම්බන්ධතාවක් ඔබට පීඩාකාරී හැගීමක් හෝ එය මනස නිදහස් කරන පිළියමක් යැයි නොසිතන්න. මනෝවිද්‍යාවට අනුව මිනිසුන් සම්බන්ධතා පැවැත්වමින් දිනෙන් දින අලුත්වන්නට උත්සහ කරන පිරිසක් ලෙස හදුන්වයි.

ඔබ සම්බන්ධතවකයදී බලාපොරොත්තුවන දේ නොලැබීම තුල බිදවටිමටත් එම සම්බන්ධතා අත්හැරිමටත් හේතුවක්වක් වන අතර. ඔබ සම්බන්ධතාවයක් හරි විදියට පවත්වන්නට උත්සහ කරන කෙනෙකුනම් හොද අවබෝධයකින් යුතුව සම්බන්ධතා පැවැත්වීම ඔබට කලින් සදහන් කල ආකාරයට මානසික සුවයක් ලබාදේ .. එම නිසා මනා අවබෝධයකින් යුතුව සම්බන්ධතා පැවැත්වීම ඔබට මෙන්ම ඔබ සමග සිටින අනෙකුත් යටත් සතුටුදායක සම්බන්ධතාවක් මෙන්ම දිර්ඝකාලින පැවැත්මක් ඇතිකරයි.

නොදැන හෝ දැනගෙන ඔබ අනියම් ඇසුරකට යොමු වුනාද?

Did you know these things about peanuts?

අනියම් ඇසුර නැතිනම් අනියම් සම්බන්ධතා යනු කුමක්ද? අද වනවිට පවතින විශාල ගැටළුවක් බවට පත්වන තරමට මෙම සම්බන්ධතා හානිකර වන්නේ ඇයි ? මේ ගැන කතා කරන්නේනම් අනියම් ඇසුර යනු නිත්‍යානුකුල නොවන තුන්වන පාර්ශවයක් සමග ඇති කරගන්නා සම්බන්ධතාවකි. මෙහිදී අවධානය යොමුකළ යුතුවන්නේ මෙවැනි අනියම් සම්බධතවලට මිනිසුන් යොමුවන්නේ ඇයිද? යන්නයි මුලින් සදහන් කල ආකාරයට අවභෝදය තේරුම් ගැනීම සහ ත්‍යාගශීලි බව වැනි සාධක ඔබට මග හැරුනේනම් අනියම් ඇසුරකට පහස විදින්නට මිනිසුන් පෙළබෙන බව දැනට සොයාගෙන ඇත.

ඔබ අනියම් ඇසුරකට යෝමුවීම මනෝවිද්‍යාත්මක හේතුන් රාශියක් නිසා හටගන්නා දෙයකි. මෙම සම්බන්ධතා කළමනාකරණය නොකළහොත් එය ඔබට සහ ඔබගේ පෞරුෂයට විශාල හානියක් කිරීම හේතුවන බව මතක තබා ගත යුතුය. එහිදී ඔබ ඔබව පාලනය කිරීම ඉතා අසීරු උවත් එමගින් ඔබගේ පවුලේ සම්බන්ධතා කෙමෙන් ගිලිහීයාම තුල ඔබට අත්විදීමට සිදුවන හානිය ඉතාමත් අසීරු හා විටක බියජනකය හොදම උදාහරණය අද වනවිට සමාජ මාධ්‍ය හරහා ඔබට කන ගැටෙන්නට ඇත. අනියම් අසුරනිසා සිදුවන මරණ දිනෙන් දින වැඩිවන්නේ මෙම හේතු නිසාය.

පවුලක් ලෙස ඔබට ඇති වගකීම් හා වගවීම් කිසිදිනක අනියම් සම්බන්ධතා තුලින් සිදුවන්නේ නැත. ඉතින් ඔබ එහිදී ඇතිකරගන්නා අනියම් බැදීම තුල ඔබ බලාපොරොත්තුවන නොයෙකුත් දේවල් වේ ඒ අතර මානසික සුවය ප්‍රධාන වේ. අනියම් ඇසුර තුලින් ඔබ ලබාගන්න දේට වඩා එම සම්බන්ධතාවය ඔබට කරන හානිය ඉතා විශාලය . එම නිසා මෙය විශාල ගැටළුවක් වන්නේ තුන්වන පාර්ශවය සම්බන්ධතා අත්හැරීමක් සිදු වුවහොත් සමහවිට සියදිවි නසාගැනීම් මෙන්ම ඝාතනය කිරීමට පවා මිනිසුන් පෙළඹීමයි.

කෙසේ හෝ අනියම් ඇසුර යනු මිනිසාගේ මනසින් සාදාගත් පාරාවළල්ලක් වැනිය එය ඔබට කිසිදිනට සැනසීමක් ලබා දෙන දිගු බැදීමක් නොවේ. එම බැදීම අත්හැරුණ විට එය ඔබට මානසික පීඩනයක් ගෙනදෙනවා පමණක් නොව ඔබ නොදනිම ජිවිත හානි කිරීමකට පවා යොමුවිය හැකිය.

Did you know these things about peanuts?

මේ හේතුව නිසා අද වනවිට දිවිනසා ගැනීම් , මිනි මැරුම් විශාල වශයෙන් වැඩිවෙමින් පවතී මෙය අද වනවිට විශාල විනාසයක් බවට පත්ව ඇත.

මෙම මාතෘකාව විශාල වශයෙන් කතා කලයුතු කරුණක් වන අතර ඔබ අනියම් සම්බන්ධතාවයක් නවත්වාගැනීමට උත්සහ කරන හෝ අනියම් ඇසුරක් නිසා දුක්විදින කෙනෙකුනම් ඔබ හොදින් මතක තබා ගත යුත්තේ තාවකාලික සුවය ඔබට කිසිදිනක සතුට හා සැනසීම ලබා නොදෙන බවයි. එමගින් ඔබට ඔබේ පවුලෙ අත්හැරෙයි . ඉතින් ඔබ ඔබේ පවුලට ආදරේ කරන්න කිසි විටක ඔබේ යුතුකම් වගකීම් පැහැරහරින්නට හෝ එම දේවල් මග හරිමින් ජිවත් වන්නට උත්සහ නොකරන්න. කිසි දිනක ඔබට ඔබේ පවුල තරම් වටිනා දෙයක් නොමැති බව තේරුම් ගෙන ඔබ ආදරෙන් ජිවත් වන්න උත්සහ කරන්න එවිට මානසික හා කායිකව ඔබට අත්විදීමට සිදුවන හානිය වලක්වාගැනීමට හැකිවනු ඇත.